යලිත් නුබ නොඑන බව
ඒ සොඳුරු රැයේ
ඔබව සිපගත් මොහොතේ
මා දැන සිටියානම්
නිදා උන් හිරුව
විශ්වයේ ඈත කෙලවරක
සඟවා දමන්නට තිබින
ඒ එන අතරමඟ හමුවන
පුංචි තරු කැටයක් රැගෙනවිත්
අපේ පුංචි කාමරෙ කොනක
පරිස්සමට තබා
ඒ තරු එලියෙන්
ඔබේ දිලිසෙන දෑස් දිහා
කල්පයක් වුව බලා ඉන්නට තිබින
ජිවිතයෙ හැම සොඳුරු මොහතක්ම
මගෙන් උදුරාගන
ඇස්වල කඳුලු උල්පතකුත්
හදවතේ සුසුම් සාගරයකුත්
ඉතිරි කල
කාලය නුන කොයි තරම් නපුරුද