දුෂ්ටයෝ

එක්තරා දිනක දේශනයක් පැවත්වෙමින් තිබුනා.දේශනය සිදුකරමින් සිටි දේශකයා අඩු කුලකයක සම්මතයැයි සැලකුන පුද්ගලයෙක්.මේ සබාවේ විශේෂ අමුත්තන් කීපදෙනෙකු සිටියා.ඉදිරිපෙල අසුනක සිටියේ අමිතාබ් බච්චන් .ඊට යාබඳ තැනක වාඩි වී සිටියේ ඕම් පූරි (මගේ මතකය නිවරදිනම්)දේශනය අවසානයේ දේශකයා මේ අමුත්තන් දෙසට පැමිනියේ අමුත්තන් සමඟ පුංචි කතාබහක් සමඟින් දේශකයා අමිතාබ් ලඟට පැමිනුනා.දේශකයා අමිතාබ් හට අත දිගු කෙරෙ අතට අත දී සුහදත්වය පලකිරීමට .නමුත් අමිතාබ් එය ප්‍රතික්ෂේප කලා.මන්ද අඩු කුලයක එකෙකුගේ ශරීරය ස්පර්ශ කිරීමට මේ වීරයා අකමැති වූ නිසා.මේ දෙස බලා සිටි ඕම් පූරි වහා ඔහු දෙසට පැමින ඔහුව වැළඳගත්තා.තිරයේ වීරයන් සැබෑ ජිවිතයේ දුෂ්ටයන් වී තිරයේ දුෂ්ටයන් වීරයන් වෙන්නෙ ඔය විදිහට.මේ එවන් වීරයන්ගෙ කතාව…..

villanus නම් ලතින් වචනයෙන් බිඳී ආවක් ලෙස සැලකෙන villain වචනය අර්ථ ගැන්වී ඇත්තේ අනිකාට හානියක් කරන නරක පුද්ගලයා ලෙසින්. දුෂ්ට චරිතය මුලින්ම භාවිතයට ගැනුනේ පුරාන ජනකතාවල සහරුසියානු සුරංගනා කතාවල.අද වන විට සිනමාවේ වැඩුපුරම කතාවෙන චරිතයක් villain එහෙම නැතිනම් දුෂ්ටයා.ප්‍රතිවීරයා මීට වඩා ගැලපෙන වචනයක් බවයි මගේ අදහස.සිනමාවේ මේ negative role එක අතිශයින්ම වැදගත්.දුෂ්ටයෝ නැත්තම් වීරයොන්ට කොහමටවත් පැවැත්මක් නෑ.ඉතිං ලෝක සිනමාවෙම ප්‍රතිවීරයන් හොයාගන යන ගමනේ පලවෙනි අඩිය තමයි මේ තියන්න ලැහැත්ති වෙන්නෙ . වෙන කොහෙවත් යන්න කලින් ලාංකීය සිනමාවෙ විශිෂ්ටතම දුෂ්ටයා ගැනයි මේ කතාව.

ඩොමී ජයවර්ධන ………..

ඩොමී උපන්නෙ 1927 අම්බලන්ගොඩ මිටියාගොඩදී .මුලින් මුලින් වේදිකා නාට්‍ය කීපකට එක්වූ ඩොමීගේ පලමු චිත්‍රපටය සුජාතා. ඩොමීගේ රැකියාව කලේ වතු අධිකාරිවරයෙක් ලෙස.ඔහු මුල්ම චිත්‍රපටයේම විශිෂ්ට රඟපෑමක නිරත උනා.ඉන් පසු සැඩ සුළං චිත්‍රපටයේ රංගනයෙන් එකතු උනත් මතබේදයක් නිසා ඩොමී එයින් ඉවත් උනා.මේ ඉවත්වීම නිසා ඩොමීට දඩයක් පවා ගෙවීමට වූ බවයි කියවෙන්නෙ.වරද කාගෙද ,රදළ පිලිරුව ,දුප්පතාගෙ දුක,සූරසෙන ,දෙයියන්ගේ රටේ ,සැමියා බිරිඳගේ දෙවියාය,චන්ඩියා ,සැපත සොයා,හතර මහා නිධානය,රුහුනු කුමාරි ලඳක මහිම ,පුංචි බබා ,කවුද හරි,ආත්ම පූජා ඩොමී රඟපෑ සිනමාපට කීපයක්.

ඩොමීගේ චිත්‍රපට නරබා නැතත් මත්පැන් වීදුරුවක් අතේ තියාගන රුවැති ළඳුන් පිරිවරාගන ගයන මී වදයකි ජීවිතේ ගීතයේ ඩොමීගේ රංගනය ඔබ නරබා ඇතිවාට සැක නැත.එමෙන්ම “ගෙදර හිටිය රෝස කැකුල රෝසා “ගීතයත් අමතක නැතිව ඇති.ඩොමී නලුවෙන් මෙන්ම ගායකයෙක්.1967 දරු දුක චිත්‍රපටය අධ්‍යක්ෂනය කරමින් ඩොමී අධ්‍යක්ෂනයටත් එකතු උනා. ඔහුගේ දෙවන චිත්‍රපටය තමයි සිංගප්පුරු චාලි.1972 ජාතික චිත්‍රපට සංස්ථාවෙපලමුවැනි අධ්‍යක්ෂක මන්ඩලටත් එකතු උනා.1979 ඩොමී මියගියේ රෝගිවීමෙන්.ඩොමීටත් අදවෙනතුරුත් ලැබිය යුතු නිසි ගෞරවය ලැබී නැති බවයි මගේ අදහස .අවුලක් නෑ මේ ලංකාවනෙ .

සිංහල සිනමාව ගැන තොරතුරු හොයන එක ඉතා අමාරු වැඩක්. ප්‍රධානම ගැටලුව තමයි අන්තර්ජාලය සමඟ යාවත්කාලින නොවීම .වෙන ඕනි සිනමාවක පරනම චිත්‍රපටයක් ගැනත් ,සිනමා ශිල්පියෙකු ගැනත් ඇති තරම් කරුනු අන්තර්ජාලයෙන් හොයාගන්න පුලුවන් .ඒත් අපේ රටේ සිනමාවේදියෝ ගැනනම් කරුනු තියෙන්නෙ ඉතාම අඩුවෙන්

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s