හිමින් සැරේ මුමුණන
ගඟ දිය රැළි හඬ
දෑස පියාගන
අහන්න සොඳුරිය
මේ තුරු සෙවනේ හිඳ
තුරුපත් අතරින්
දිලිසෙන අහස් ගැබ
බලන්න සොඳුරිය
තරු කැට හිනහෙන අපූරුව
තරු එලියට වැඩියෙන්
දිලිසෙන ඔබේ නෙත් දෙස
බලා හිඳිමි මම
මේ රැය පුරාවට
දිය රැළි පරදන
ඔබේ හද ගැහෙන හඬ
ගස් වැල් නැළවෙයි
දැනිලා ඔබේ සුසුම සුව
ප්‍රේමය කොතරම්
එතරම් සොඳුරුබව
ඔබ හමුවනතුරු
මා දැන සිටියේ නැත