මීට කාලෙකට කලින් සුගතපාලද සිල්වා පරිවර්තනය කරපු ඇට මැස්සා පොත කියවනකොට හරි අපූරු වැඩක් උනා.මුල් පිටුව දෙක කියවනකොට මේ මොන පොතක්ද කියලා හිතුනා.කියවන්න හිතෙන්නෙම නෑ.ආයේත් කියවන්න ගත්තා ඒත් බෑ .පොත විසිකරලා දැන්මා.බොහොම මාරුවෙන් දෙවන පරිච්ඡේදයට ආවට පස්සේ ඊලඟට නැවතුනේ පොත කියවලා ඉවර කරලා.හොඳ පොතක් කියවන්න ගියාම ඔය සන්තෑසිය සිද්ද වෙනවා.
පොතකයි චිත්රපටකයයි තියන සම්බන්දය මොකක්ද බැලුවද???මේකත් ඒ වගෙ සලරුවක්.මුල් ටික බලන්න ගත්තේ බොහොම අමාරුවෙන්.නිදිමතයි. ප්ලේන්ටියක් බොන්න ගියා.ෆිලුම නැවත්තුවා. හැබැයි චිත්‍රපටයේ ටිකක් දිගහැරීගන යනකොට ඔලුවයි ඇස් දෙකයි සලරුවෙන් ගන්න හිතුනෙම නෑ.
THE DEATHMAKER
සමහර දෙනෙකුට මේ ෆිලුම හරියන්නෙ නැතිවෙයි. සලරුව පුරාම ඉන්නෙ ඉතාම සිමීත චරිත කීපයක් .කොටින්ම කිව්වොත් චරිත තුනයි.ඒ මදිවට එක් චරිතයක් මුලු චිත්‍රපටයටම එක වචනයක්වත් කතා කරන්නේ නෑ.මුලු කතාවම තියෙන්නෙ එකම කාමරයක් ඇතුලේ. මිනිමරුවෙක් ,මානසික වෛද්‍යවරයෙක්,ලිපිකරුවෙක් අතර ගලාගන යන කතාවක්.පිරිමි ලමුන් 27කට වඩා මරා දැමු දරුනු මානසික අස්ථායි මිනිමරුවෙක් තමයි Fritz Haarmann .මේ වෛද්‍යවරයාට පැවරෙන රාජකාරිය තමයි මිනිමරුවාගෙන් මේ මිනිමැරුම්වල් සත්‍යතාවය දැන ගන්න එක.ඔවුන් දෙදෙනා අතර ඇතිවන දෙබස් ටික තමයි සලරුව පුරාම තියෙන්නෙ.එකදු ලේ බිඳුවක් හෝ නොපෙන්වා මිනීමරුමක ඇති සාහසික බව ,කෲරකම නලුවන්ගේ දෙබස්වලින් ,මුහුනේ ඉරියව්වලින් ,අංගචලනයන්වලින් පෙන්නන විශිෂ්ටම චිත්‍රපටයක් තමයි මේක.Fritz Haarmann ලෙස රංගනයේ යෙදෙන Gotz George රංගනය කිසිදිනක අමතක නොවන්නක්.මා මෙතෙක් දුටු විශිෂ්ටම රංගනයක්.පිස්සෙකුට තියෙන හිනාව ,දෙබස් ,මුහුනේ ඉරියව් අති විශිෂ්ටයි.චිත්රපටකයේ තැනක මෙහෙම දෙබස් ටිකක් ගලාගන යනවා..
“තමුසේ මේ කොල්ලව මැරුවට පස්සෙ මොකක්ද කලේ”
“ඉස්සෙල්ලම මං ඇස් දෙක රෙද්දකින් වැහුවා”
‘ඒ ඇයි”
“මාව පේන නිසා”
“ඊට පස්සෙ ?”
“ඊට පස්සෙ පිහියක් අරන් මං කොල්ලගෙ පපුව ඉඳන් පහලට පැලුවා.ඊලඟට මෙන්න මෙහෙම හදවත එලියට ගත්තා.බඩවැල් ටික ඔක්කොම මේ විදිහට එලියට ඇදලා ගත්තා.අතපය ඇරගන පොඩි කෑලි කෑලි වලට කැපුවා”
1995 තිරගත උන මේ ජර්මන් චිත්‍රපටය අධ්‍යක්ෂනය කලේ Romuald Karmakar.රංගනය Gotz George,Jurgen Hentsch,Pierre Franckh. සම්මාන ගනනාවකට නාමයෝජන වෙච්ච මේ සිනමාපටය එයි න් සම්මාන කීපයක් දිනා ගත්තා.ජර්මන් සිනමාවෙ මෙතෙක් බිහිවුන විශිෂ්ටම සිනමාපටයක් ලෙස මෙය අදත් සැලකෙනවා