මලයාලම් සිනමාවේ වීරයා

චිත්‍රපටය තිරගතවීමට සියලු කටයුතු සුදානම් වී අවසන්.මලයාලම් සිනමාවේ පළමු සිනමාපටය එහෙම නැත්තම් කේරළයේ පළමු සිනමාපටය .ශාලාවට පැමින සිටි උන් කුතුහලයෙන් බලා සිටියේ තම ජිවිතයේ පලමු සිනමා අත්දැකීම විදගන්නට.තිරයේ රූප දිගහැරෙන්නට පටන්ගත්තා .පැමින සිටි රසිකයන් තම චිත්‍රපටයට දක්වන ප්‍රතිචාර බලන්නට ජේ.සී ඩැනියෙල් බලා සිටියේ නොයිවසිල්ලෙන් .නමුත් මොහතකින් සියල්ල වෙනස් උනා.ප්‍රධාන නිලියගේ රූපය දකින් විටම බලාසිටිය උන්ට පිස්සු හැදෙන්නට පටන් ගත්තා,කුලවාදයෙන් ඔද්දල් වී සිටි කේරළයෝ තමන් වාඩි වි සිටි පුටුවලින් තිරයට දමා ගැසුවා .තිරය සුනුවිසුනු උනා.හේතුව වූයේ කුලයෙන් අඩු කාන්තාවක් කුලයෙන් උසස් කාන්තාවකගේ චරිතයට රගපෑමයි. කුලවාදය නැමැති භයානක රෝගය නිසා මලයාලම් සිනමාවේ ප්‍රථම චිත්‍රපටය මෙන්ම චිත්‍රපටයේ නිර්මාපකයා වූ ජේ.සී ඩැනියෙල්ගේද සිනමා ජිවීතය විනාශ කර දැමුවා.

ජේ.සී ඩැනියෙල් උපන්නෙ තමිල්නාඩුවේ කන්‍යකුමාරිවල අගස්තීවරන් වලදීය.ඒ 1900.11.28 දී.පියා උනේ ඩොක්ටර් ජෝශප් ,මව ජානම්මා.පවුලේ හතරවෙනි දරුවා තමයි ජේ.සී ඩැනියෙල්.කුඩා කාලයේ සිටම හොද අධ්‍යාපනයක් ලබන්න ඔහුට පුලුවන් උනා.
තරුන වයස වෙනකොටම ඩැනියෙල්ට සිනමාව ගැන උනන්දුවක් ඇතිවෙනවා.හැදිච්ච සිනමා පිස්සුව නිසාම ඩැනියෙල් සිනමාව ගැන හදාරන්නට පටන් ගන්නවා .ඔහු මැඩ්‍රාස් වලට යනවා .එතනින් කල්කටා වලට යනව .ඉන් පසු බොම්බේ වලට යනවා.මේ කාලය වෙනකොට මේ ප්‍රදේශවල සිනමාපට බිහිවෙමින් තිබුනේ.ඉතා වෙහෙසකර වගේම වටිනා චාරිකාවකින් පසු ඩැනියෙල් තීරනය කරනවා සිනමා පටයක් නිපදවන්නට.ඔහුට තේරුම් යනවා සිනමාව කියන්නෙ ඉතාමත් විශාල ලෝකයක් බව.ඒ වෙනකොටත් තිබුනු බොහෝ චිත්‍රපට ඉතිහාස කතා ,රජ කතා වගේ ඒවා.ඔහුට ඕනි වෙනවා වෙනසක් කරන්නට.ඉතින් ඔහුගේ පලමු සිනමාපටය වගේම මලයාලම් සිනමාවෙත් පලමු චිත්‍රපටය විගධකුමාරන් එහෙම නැත්තම් THE LOST CHILD .

මෙය නිහඩ චිත්‍රපටයක්.කතාව කෙටියෙන් කිව්වොත් කුඩාකල පැහැරගත් ලමයෙක් වසර ගනනාවකට පසු යලිත් ඔහුගේ පවුලට මුන ගැසීම සහ ප්‍රේම කතාවක් තමයි චිත්‍රපටයේ තිබෙන්නේ.අපේ රටටත් පොඩි සම්බන්දයක් තියනවා මේ චිත්‍රපටයේ .කුඩා දරුවා පැහැරගන රැගෙන යන්නෙ කොලබට .(සෙලෝලයිඩ් එකේනම් කියවෙන්නෙ ඒ විදිහට.)

පාරම්පරිකව උරුමව තිබු ඉඩමක් රුපියල් ලක්ෂ හතරකට විකුනා දැමු ඩැනියෙල් 1926 දී චිත්‍රපටය හදන්නට පටන් ගත්තා. අක්කර දෙක හමාරක ඉඩමක් ගත් ඩැනියෙල් මලයාලම් සිනමාවේ පලමු සිනමා නිශ්පාදන සමාගම ට්‍රැවන්කෝර් නමින් ආරම්භ කලා .
ඊලගට ඇතිවෙච්ච ගැටලුව තමයි ප්‍රධාන නිලිය සොයා ගැනීම.මේ සදහා පුවත්පත් දැන්වීමක් දැමු ඩැනියෙල්ට මාස හයක් බලා සිටින්නට සිදුවෙනවා.ඉන් පසු බොම්බෙ සිට මිස් ලානා නැමැති නිලිය පැමිනෙනවා.අහෝ යලිත් ප්‍රශ්නයකි.ඇයගේ නරක හැසිරීම් නිසා ඩැනියෙල්ට සිදුවෙනවා ඇයව ආපසු හරවා යවන්නට.ඉන් පසුවයි රෝසම්මව ප්‍රධාන චරිතයට තෝරා ගන්නේ.ඇය කුලයෙන් අඩු කාන්තාවක්.ඩැනියෙල් ඇයගේ නම වෙනස් කලා රෝසි නමින්.ඔවැනි විශාල පරිශ්‍රමයකින් පසුවයි විගධකුමාරන් එළිදකින්නේ.

තම සිනමා ජිවීතයට සිදුවූ බරපතළ පහරකෑම නිසා ජේ.සී ඩැනියෙල් විශාල කම්පාවකට ලක්වුනා .කේරළයේ සියලු දේ අත්හැර දමා ඔහු තමිල්නාඩුවට ගොස් දන්ත වෛද්‍යවරයෙකු ලෙස තම ජිවීකාව ආරම්භ කලා.අවසන් කාලය අතිශය දුෂ්කර තත්වයන් යටතේ ගෙවා දැමූ මේ අසහය සිනමාවේදියා 1975.04.29 දින ජීවන ගමනට සමු දුන්නා.

චෙල්වගන් ගෝපාලක්‍රිශ්නන් කියන මාධ්‍යවේදියා නිසා තමයි ජේ.සී ඩැනියෙල් සහ විගධකුමාරන් ගැන මුලු ලෝකයාම දදැනගත්තේ.ඔහු කේරළ රජයෙන් ඉල්ලා සිටියා ජේ.සී ඩැනියෙල්ට පෙන්සන් එකක් ලබාදෙන ලෙස .නමුත් රජය එය ප්‍රතික්ෂේප කලා ඔහු කේරළ වැසියෙක් නොවන බව පවසමින්.අවසන කෙසේ හෝ තමිල්නාඩු රජය මේ දීමනාව ලබා දුන් බවයි පැවසෙන්නේ.

පමාවී හෝ ජේ.සී ඩැනියෙල්ගේ අගය වටහා ගත් කේරළ රජය 1992 දී ඔහුට ගෞරව සම්මානයක් ලබා දුන්නා.අදටත් මලයාලම් සිනමාවේ ඉහලම සම්මානයක් තමයි ජේ.සී ඩැනියෙල් සම්මානය .මලයාලම් හොදම නවකතාවටත් ඔහුගේ නමින් සම්මනයක් ලබාදෙන බව පැවසෙනවා.

සමහර මිනිසුන් තමන් ජීවත්ව සිටින සමාජයට වඩා සියවස් ගනනාවක් ඉදිරියෙන් ජීවත් උනා.ඒ නිසා පැවතුන සමාජයට ඔවුන්ගේ වටිනාකම් තේරුම් ගන්නට බැරි වූවා.කෙසේ හෝ අඩසියවසකට හෝ පසුව ජේ.සී ඩැනියෙල්ගේ අගය වටහා ගන්නට කේරළයට හැකි උනා.අපේ රටේ ජේ.සී ඩැනියෙල්ලාගේ අගය කවදා වටහා ගනීද

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s