මුවන් පැලැස්ස

මීට කාලෙකට කලින් ඒ කියන්නෙ අවුරුදු පහළොවකට විස්සකට විතර එහා අපේ පුන්චි කාලෙ, ටි.වි ගමට එමින් තිබුනු කාලේ,රේඩියෝව තමයි ඒ වෙනකොට හැම ගෙදරම තිබුනේ.අපේ පන්තියෙත් අපි කිහිප දෙනෙකුට හැරෙන්න ගොඩක් අයගෙ ගෙවල් වලට ටි.වි එකක් තිබුනා.කලු සුදු එකක් හරි.ටි.වි නොතිබුනු අපි කිහිප දෙනෙක්ගෙම ඉස්කෝලේදි ප්‍රධානම මාතෘකා උනේ ගුවන් විදුලි නාට්‍ය ගැන.ඒ කාලේ මගේ ගියපු ගොඩක් නාට්‍යය පුදුම ආශාවකින් ඇහුවේ. මතකද මුවන් පැලැස්ස,,, ,අම්මෝ ….ඒ පැය බාගේ තමයි සතියේ හොඳම වේලාව.ගුරුන්නාස්සෙගෙ ගුරුකම්,කෝරළෙ මහත්තයාගේ ගොන් කම්,මැනිකෙගෙ සැර……පිනා ,කදිරා,,,,, ඒ පැය බාගෙට අපි ඉස්සරහ මැවිච්ච ලෝකේ පුදුම ලස්සනයි.රේඩියොවෙන් හඬ විතරක් ඇහෙනකොට මුලු නාට්‍යටම ආදාළ චිත්ත රූප අපි මවාගන ඉවරයි.තව ගියා ඉතාම වැදගත් නාට්‍ය මාලාවක් විශ්ව සාහිත්‍යයේ කෙටි කතා .ඒවගෙන් අපෙ පරිකල්පනය කොයි තරම්නම් අවධි කලාද.තව මතකද වානරයා කියලා නාට්‍යක් ගියා.ඒක අහනකොට මටනම් දැනුනේ මමත් ඒ කාතාවෙම ඉන්නවා වගේ.හරියට ඒ කතාව අපි ඉස්සරහ ඇත්තටම වෙනවා වගෙ.මට මතක විදියහටනම් වානරයාට හඬ දුන්නෙ ශ්‍රීනාත් මද්දුමගේ මහත්තයා.ඊට පස්සෙ ගියා ෂර්ලොක් හෝම්ස් නාට්‍ය .පොත කියවනවත් වඩා රසවත් කියලා හිතෙනෙවා මේවා අහනකොට.පාලු රෑක ඝණ අන්ධකාර වෙලාවක ඇඳේ ගුලිවෙලා දහසක් රූප මවාගන මේ නාට්‍ය අහපු කාලෙ මගෙ ජිවිතෙනම් වෙනමම කාල පරිච්ඡේදයක්.කවදාවත්ම අමතක කරන්න බැරි.තාමත් ඒ අතීතකාමෙ ගිලුනම පුදුම සතුටක් දැනෙන්නෙ ,වේදනාවකුත් එක්ක.මගෙ ලෝකේ වීරයෝ ටිකක් තමයි ඒ ගුවන් විදුලි චරිත වලට පන දුන්න හඬ නළුවෝ ටික.ආවාසනාවකට ඒ වීරයොන්ට නිසි ඇගයීමක් නෑ අපේ රටේ22852006_1683212455046827_7060476522343863967_n

One thought on “මුවන් පැලැස්ස

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s