කාලෙකට කලින් හවසට හීනියට අඩියක් ගහලා පාරෙ සින්දු කිය කිය යන අය අනිවාර්යෙන්ම කියපු සිංදුවක් තිබ්බා,ලවුඩ් පීකර බැඳගන මඟුල් කාපු කාලේ ඩොල්කිය ගහන ගමන් කියපු ජනප්‍රියම සිංදුවක් තිබ්බා,ඒ කාලේ අපෙ මාමලා බාප්පලා මදු විතෙන් සප්පායම් වෙලා අපිව කරේ තියන් නට නටා කියපු සිංදුවක් තිබුනා ,කොටින්ම කිව්වොත් ඒ කාලේ අතිශයින්ම ජනප්‍රිය වෙච්ච සිංදුව
#ඊයේ උදයේ
ඔබ පෝරුව මත දුටුවා
හිතවතෙකු මගේ ඔබගේ
ඔය සුරත දරා සිටියා
පුරුදු ලෙස මා ඔබ දකින්නට
පැමිණ මංගල සිරියකි දුටුවේ
සබේ කිසිවෙකු ඉබේ වත් නැත
ඇසක් මා දෙස යොමා බැලූවේ
කිමද මේ අරුමේ
මට නොහැඟේ ප්‍රිය සොඳුරේ
ඊයේ උදයේ
ඔබ පෝරුව මත දුටුවා
හිතවතෙකු මගේ ඔබගේ
ඔය සුරත දරා සිටියා
සොඳුර හෙට අප අළුත් ලොවකට
පා නගන්නට සැරසෙන අතරේ
එසේ මා දුටු එවන් සිහිනය
මෙසේ අද මා හිතට වද දේ
කිමද මේ අරුමේ
මට නොහැඟේ ප්‍රිය සොඳුරේ
හෙන්රි කල්දේරා කියන්නෙ අති දක්ෂයෙක්.ඔහුගේ බොහෝ ගීතවල පද රචනය ,සංගීතය ,ගායනය සියල්ලම ඔහුගේ.තම කුලුඳුල් දරුවත් එක්කම හෙන්රිට ඔහුගේ පළවෙනි ගීතය අහන්නට වාසනාව හම්බවෙනවා.ඉතාම ජනප්‍රියම වෙච්ච තත් තත් තාර පැටියා තමයි හෙන්රි ගේ පලමු ගීතය.ඒ 1970 දශකය.
හෙන්රි ගේ ගීතවල තියන සුවිශේෂීත්වය තමයි පවුල නැමැති කුලකය ඔහුගේ ගීතවලට වස්තු බීජය වෙලා තියනවා .බලන්න මේ ගීතය
කණ විදින වෙලේ කඳුළු ගඟේ පතුල බැලූ දූ
අද සතුටු ගඟේ හිනැහෙනවා දාලා කරාබු
අද සතුටු ගඟේ කිමිදෙනවා දාලා කරාබු.
ආයි දාලා කරාබු
පුංචි ටිකිරි පාද තියා
කණ්ණාඩිය වෙතට ගියා…
මුවට ලැබුණු අමුතු සිරිය දිහා බලනවා
බොළඳ හිනා ඒ කැඩපත මත නළියනවා
මුදු බොළඳ හිනා ඒ කැඩපත මත නළියනවා
තරු තුනකට එකම හඳයි
හද නිලඹර එළිය කරයි…
තරුයි හඳයි බැබළේවා නිතර දෙවේලේ
මගෙ රට බබළන හඳක් වෙන්න දුව මතු කාලේ
මුලු රට බබළන හඳක් වෙන්න දුව මතු කාලේ
මගෙ පුංචි කුමාරී
සුදු දෝණි තුෂාරී
පද තනු ගායනය සියල්ලම ඔහුගේ.කොයි තරම් සරළ පද පේලියක්ද.
අපි කවුරුත් දන්නවා ඔහුගේ දෑස් නොපෙනෙන විත්තිය.ඔහුට විඳින්නට සිදුවූ ජීවන අත්දැකීම් ඔහුගේ ගීතාවලිය පුරාම දකින්නට ලැබෙනවා.ජිවිතයෙ තරම් දුක් කම්කටොළු විඳින්නට සිදු උනත් ඒ දිහා සුබවාදිව බලන්නට ඔහුට තිබුනු හැකියාව ඔප්පු කරන සිංදුවක් තමයි මේක.මන් ආසම සිංදුවක්.ඔහුගේ පදරචනාවල විශිෂ්ටතම රචනාව.ඔහුගේ ජවිතේ කොතරම් අපූරුවට සිත්තම් කරලා තියනවද බලන්න මේ ගීතයේ
සමනොළ සිරිපා සිඹ සිඹ බැතිබර වැඳුමක යෙදී
අන්න පුතේ හිරු දෙවියෝ මිහිමත මෙහෙයට වඩී
මොළකැටි අත් පා සලමින් කිරි කැටි පොඩි මුව අයා
මා නොදකින විසිතුරු ගැන මට පවසනවද ඔයා
පුතු ඉපදුණු දිනේ මමත් නොලද නුවන් ලැබුවා
මට නොපෙනෙන උදා කිරණ මගේ පුතා දුටුවා
ඒ දෙනුවන් සිහි නුවණින් යොදවා දැය සමය නමින්
මගෙන් රටට නොකෙරුණු ටික ඉටු කරන්න පුතුණේ….
අතීතයක් නැති අයෙකුට හෙටයි දිනක් නෑඟේ
හෙවනට සිටි ගස සමරනු ගල කෙටු ඉර වාගේ
පිබිදෙන මල් දැක නොතලා පුබුදන් පුත පිනි ඉහලා
වැටුණු අයට පා නොම දී සුරත දෙන්න පුතුණේ…
ලංකාවේ කිසිදු ගීත රචයෙකුට මුන නොගැසුනු ඒත් හෙන්රිට මුන ගැසුනු මේ සදාතනික සත්‍ය බලන්න.නමට ,පෙනුමට ආගම අදහන අද කාලේ මිනිස්සුන්ට හෙන්රි මේ ගීතය ගයා ඇතතේ හැත්තෑව දශකයේ .මතක තබා ගන්න එකල ගුවන් විදුලියේ ඔලමොට්ටලයන් විසින් මේ ගීතය තහනම් කෙරූ බව.
මවගෙ මළගම නිමවිණැයි
එතැන දනකට ඇරැයුමයි
කුළඟනක වෙත පින් පිදෙන්නට
පිහිට එහෙනම් මා තමයි
එදා මැදුරට යද්දි මතකයි හැඳි ගැටුණු හඬ සවනතේ
කවුළුවෙන් ආ සුවඳ දිව්වා දුබල ගත රස නහරතේ
එසඳ කොලුවෙකු මුදා එව්වා මුර පැටව් දම්වැල් වුණා
මගේ සියොළඟ සලිත වෙද්දී කිසිත් නැති වග පැවසුණා
එවන් මැදුරේ මෙදා දන්දෙති අහෝ කරුණා දුක දරන්
බුදුන් දෙවියන් මුදුන් කරවා යදියි සුඛ විහරණ වරම්
එදා මා පිටු දුටු අයෙක්මයි මෙදා ආවේ මා සොයා
හිඟන්නන් දානෙකට ඕනෑ අහෝ ලොව දහමක නියා
හෙන්රි කල්දේරා යනු ලංකාවේ වැඩියෙන්ම සූරා කෑමට ලක්වූ කලාකරුවෙකි.සංගීත සංදර්ශනවලට ගෙන.ගොස් මුදල් නොගේවා මහ පාරවල්වල අතරමන් කෙරූ තරම් එමටය.කිසිදු ඇගයීමකට ලක් නොවූ විශිෂ්ටයෙකි.හිංදි රාගධාරි සංගීතය අමු අමුවේම කොපිකර ගීත ගැයු උන් හෙලයේ මහා කලාකරුවන් වූ අතර තමන්ගේම පද සංගීතය,ගායනය සියල්ලගෙන්ම පෙලහැර මෙවැනි විශිෂ්ටයෝ කුනු කූඩයට විසිකර දැමූහ.ඔහුගේ ගීතය ගැන තව කතා කල හැකි මුත් ඔහුගේ වේදනාවකින්ම අවසන් කරමි.
ගායකයානි ගදභ කුලේ
මිහිරෙන් මත් වී මාමෙහි ආවේ
කදුලු විලක ඔබ දකින්නදො
ලොව නලවන්නට එදා ගැයු ඔබ
මෙදා නිහඩගී ගයනවදෝ
පොල් අතු වහලේ සිදුරු තුලින් එන
හිරු රැස් පැල තුල පතිත වෙලා
තත් අඩ පන උන වීනා සොදුරිය
දුහුවිලි සලි පිලි ඇයි පොරවා
මේකද දෛවය ලොව නැලවූ ඔබේ
පුදුමෙකි කිම මේවෙනස අනේ
ගීත රසින්.අප මන් මත් කෙරවූ
කලා සිතගි ඔබෙ ඇයි නින්දේ