දිනක් මාත් මගේ කොරියන් මිතුරාත් නගරයේ ඔහේ ඇවිදිමින් සිටියෙමු . හදිසියේම එක් තැනක නතරකර තිබු කොල පහැති කාරයක් පෙන්වූ මගේ මිතුරා…
“ඔයා දන්නවද මේ කාර් එක මොකක්ද කියලා ”
මා ඒගැන නොදන්නා බව ඔහුට කීමි.ඉන් අනතුරුව ඔහු මගෙන් ඇසුවේ
“A TAXI DRIVER චිත්‍රපටය බලලා තියනවද ”
චිත්‍රපටය ගැන ඔහු විස්තර කෙරූ පසු එය බලන්නට සිටියත් කෙසේ හෝ වැඩේ මඟහැරිනි. මේ ලඟ දිනකයකද මේ ගැන කතාබහකින් සලරුව ගැන මතකය අලුත් වූ නිසා චිත්‍රපටය බලා අවසන් කලෙමි . මේ ඒ කතාවයි……
1980 දශකය මුල් භාගයේදි දකුනු කොරියාවෙ පැවතියේ දේශපාලන අස්ථාවර කමකි. park chung hee පාලන බලය අවසානයත් සමඟ දේශපාලන නායකත්වය සඳහා පැවති රික්තකය පුරවන්නට පැමිනියේ එරට හමුදා ප්‍රධානියා වූ chun doo hwan ය.ඔහුගේ ක්‍රියාකලාපයන් සහ ඔහුගේ නායකත්වයට එරට වැසියන් දැක්වූයේ යහපත් ප්රතිචාරයන් නොවේ.රට පුරාම දේශපාලන ක්රියාකාරියන්, ශිෂ්‍යන් සහ මහජනතාව හමුදා පාලනයට එරෙහිව කැරලි ගසන්නට විය. මේ අතරින් GWANJU නගරය ප්‍රධාන තැනක් ගනී. ගවන්ජු නගර වැසියන් ,ශිෂ්‍යන් හමුදා නීතියට එරෙහිව විශාල ලෙස කැරලි ගසන්නට විය. නවසිය අසූවේ මැයි 18 සිට 27 දක්වා GWANJU
නගරයේ ගෙවුනේ අතිශය බිහිසුනු දින කීපයකි. දුරකතන ,මාධ්‍ය සියල්ල වසා දැමු හමුදා පාලනය ඇඳිරි නීතිය පැනවීය. සෝල් සිට හමුදා ඛණ්ඩ කීපයක්ම GWANJU වෙතට යැවූ හමුදා පපාලනය නගරයේ සිදුවෙන සියලු දේ ලෝකයෙන් වසන් කරන්නට උත්සහ දැරුවේය. හමුදා පාලනය මේ දවස් කීපය තුල නගර වැසියන් හයසීයකට අධික ප්‍රමානයක් මරා දැමීය.අවසන හමුදාවට නගරය අතර යන්නට සිදු වූ අතර හමුදා පාලනයද ඉන් ටික කලකට පසු බිඳ වැටින. අදවනවිට MAY 18 නමින් හමුදා පාලනයට එරෙහිව එදා සිදුවූ මේ අරගලය සමරන අතර විවිධාකාරයේ ස්මාරකයන් ඉදිකර ඇත. එදා මිනිසුන් එකතුවී අරගල කල ස්තානයේ අදවනවිට ඉතා මනරම් ලෙස සකසා ඇත. විවිදාකාරයේ සංගීත ප්‍රසංග ,නාට්‍ය ,චිත්‍රපට ආදිය සෑම සති අන්තකයම නොඅඩුව දකින්නට ඇත.
සෝල් නගරයට පැමිනෙන ජර්මන් මාධ්‍යවේදියෙකුට උවමනා වන්නෙ GWANJU නගරයේ සත්‍ය ලෙස සිදුවෙන්නෙ කුමක්දැයි සොයා බලා එය ලෝකයට වාර්තා කරන්නටය .ඒ සඳහා ටැක්සිය නැගී GWANJU වෙත සේන්දු වේ. ටැක්සි රියදුරා සහ ජනමාධ්‍යවේදියා මේ අරගලයට සම්බන්ධවෙන ආකාරය මුලු සලරුව පුරාම දිව යයි.පාලකයාට එරෙහිව සිදුවන අරගල මඩීන්නට පාලකයාට ඇත්තේ වෙඩි උන්ඩ සහ ඒ උන්ඩ වලින් වෙඩි තියා මිනිසුන් මරන කුලී මිනිමරුවන් ටිකකි. ජනතාවට ඇත්තේ එකමුතු වීම පමනය .එකමුතු වීමකින් තොරව සමාන්‍ය ජනයා මත හෙලන මේ පීඩනයෙන් ගැලවිය නොහැක. එය ලොව කොහෙත් පොදු දෙයකි.ටැක්සි රියදුරා ජනමාධ්‍ය වේදියා අරගලකරුවන් සියල්ලම එකතුවී පාලකයාට එරෙහිව සිදුකරන ධෛර්ය සම්පන්න අරගලයක් ,සුවිශාල කැපකිරීමක් කොතෙක්දැයි යන්න මේ සලරුව නැරබූ පසූ ඔබට වැටහේවි. 2017 දී වැඩිම අදායමක් ඉපයූ සිනමාපට අතරින් දෙවන්න මෙයයි.අධ්‍යක්ශනය කලේ JANG HOON .රඟපෑමෙන් එකතු උනේ SONG KANG HO සහ THOMAS KRETSCHMANN .
GWANJU නගර වැසියන් විසින් මේ සිනමාපටයට යොදාගත් කාරය සහ මේ අරගලයේ විවිදාකාර දෑ සමඟ කෞතුකාගරයක් පිහිටුවා ඇත. මේ පහලින් මා අමුනන ඡායාරූප නවසීය අසූවේ සිදුවූ අරගලයේ චායාරූපයන් ය. කොරියන් නාට්‍ය කියූ සැනින් බොහෝ දෙනෙකු අප්පිරියාවකින් පෙලෙන බව දනිමි. එහෙත් කොරියානු සිනමාව ඊට වඩා සෑහෙන්න වෙනස් ය. ඉතාම ඉහල පෙලේ ගුනාත්මක විශිෂ්ට සිනමාපට විශාල ප්‍රමනයක් කොරියන් සිනමාවට අයිතිය . මේකත් ඉතාම හොඳ සිනමාපටයක් .