PRIMAL FEAR
ෆිල්ම් එකෙ අන්තිම හරියෙදි ඔලුවට පොල්ලකින් ගහගන්න ඕනීද , එහෙම නැත්තන් කරකවලා ඇතෑරියා වගේ එකක් ඕනීද? මෙන්න තියනවා එහෙනන් මරු ෆිල්ම් එකක්.
Martin Vail කියන්නෙ චිකාගෝවල defense attorney කෙනෙක්. දවසක් ඔහු පල්ලියක පියතුමෙක්ව ඉතා අමානුෂික අන්දමින් මරා දමපු Aaron Stampler නැමැති තරුනයෙක් ව රූපවාහිනි පුවතකින් දකිනවා. ඔහු තීරණය කරනවා මේ තරුනයාගේ නඩුව වෙනුවෙන් පෙනී සිටින්නට. නමුත් මේ තරුණයාව එල්ලුම්ගස් යැවීමට අනිත් පැත්තෙන් උත්සහ ගන්නෙ නගරයේ ඉතාම බලවත් පුද්ගලයන් . මාර්ටිගේ ප්රතිවාදි නීතිඥයා වෙන්නෙ ඔහුගෙ පෙම්වතිය .( හරියටම සම්බන්ධය නෑ තාම. ) මාර්ටි තරයේම විශ්වාස කරනවා මේ තරුණයා නිවරදිකරු බව. දහසකුත් බාධා මැද මේ තරුණයා ව නිවරදිකරු බවට ඔප්පු කරන්න මාර්ටිට පුලුවන් වෙනවා. හැබැයි අන්තිම හරියේ වෙන්නෙ අපි හීනෙන්වත් හිතපු දෙයක් නෙවෙයි . ඒ මොකක්ද කියලා දැනගන්න ෆිල්ම් එක බලන්න.
1996 තිරගත වෙච්ච මේ චිත්රපටියේ අධ්යක්ෂකවරයා Gregory Hoblit. මේ නමින්ම 1993 william Diehl ගේ නවකතාව තමයි චිත්රපටයට නැගුනේ. Box Office වෙච්ච මේ චිත්රටය විචාරක , ප්රේක්ෂක ආදරය දිනා ගත්තා. තමන්ගේ debut එකෙන්ම සම්මාන දිනා ගන්න Aaron ගේ චරිතය රඟපෑ Edward Norton ට පුලුවන් උනා. ඇත්තටම ඔහුගේ රඟපෑම විශිෂ්ටයි. ඇත්තම කිව්වොත් මම රැවටුනා. ඒ තරම් විශිෂ්ට රඟපෑම ක් . මාර්ටිගේ චරිතය රඟපාන්නේ Richard Gere.
පල්ලිය ඇතුලේ වෙන වැඩවලටත් බරපතළ පහරක් මේ ෆිල්ම් එකෙන් වැදෙනවා. එහෙනන් ජය . ඔලුවට පොල්ලකින් ගහගන්න ඕනීනම් මේ චිත්රපට ය බලන්න …