PRINCESS MONONOKE

මොනවා ලියන්නට ගියත් පරණ මතකයන් ඇවිස්සිලා එන එකනම් කොහමටවත් නවත්තන්න බෑ. මතක් කර කර සතුටු වෙන්න පුලුවන් නොස්ටැලිජියාවක් අපි හැමෝගෙම ජිවිත ඇතුලේ තියනවා. ඔයිස්කාර් නැමැති වැඩසටහනක් අපේ ඉස්කෝලේ පටන්ගන්නකොට අපි හිටියේ පොඩි පන්තිවල. ජපන් රජයේ අනුග්‍රහයෙන් තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක උනේ. මේකේ මූලික අරමුණ තමයි වනාන්තර ඇති කිරීම . රුක් රෝපණ වැඩසටහනක්. බොහෝ දුරට ගම්මානවල පැවති දුස්කර පාසල් තමයි යොදාගන තිබුනේ. මල්මාලා දාලා,බෙර ගහලා ජපන් නෝනලා මහත්තුරු අරිගතෝ ගොසයිමස් කියලා පිලිගත්ත හැටි තාමත් මතකයි. මෙවැනි රුක් රෝපණ වැඩසටහන් ලෝකය පුරාම පැවැත්වීමට හේතු ලෙස ඔවුන් සඳහන් කල එක් ප්‍රධානතම කරුනක්වූයේ කාර්මිකරණය , සංවර්ධන ව්‍යාපෘතීන් නිසා ජපානයේ වනාන්තර විශාල ලෙස විනාශ වී ඇති බවත් තමන් අතින් සොබාදහමට සිදුවූ වැරදි වල යම් ගෙවීමක් ලෙස ( පව් සමා කිරීමක්) මෙවැනි වැඩසටහන් දියත්කරන බවය. එහි යම් සත්‍යයක් තිබෙන බව දැන් සිතා ගත හැකිය. කෙසේ වෙතත් ජපානයට අල්ලපු රට වන කොරියාවෙ කොතරම් සංවර්ධන කටයුතු සිදුවුවත් ඔවුන්ගේ සොබාවික පරිසරය රැකගන්නට සමත්ව තිබෙනවා.

# ඇනිමේෂන් සිනමාවේ රජ්ජුරුවෝ

1941 ජනවාරි පස්වෙනි දින Tokyo වල පිහිටි Bunkyo වලදි තමයි #HAYAO MIYAZAKI උපත ලබන්නෙ. ඉතා තරුණ අවධියේම මියාසාකි ඇනිමේශන් කලාව හා එක්වෙනවා. ඔහු සිනමා ගමන ආරම්භ කරන්නෙ 1963 Toy Animation හා Isao Takahatha සමඟින්. පසු කලෙක අතිශය ප්‍රසිද්ධ ස්ටුඩියො Ghibli පටන් ගන්නෙ Isao සමඟ. මියාසාකිගෙ ප්‍රථම අධ්‍යක්ෂණය තමයි The Castle Of Cagliostro . ජපානය තුල සාර්ථක සිනමාපට කිහිපයකට පසු 1997 වර්ෂයේ දී තිරගත කෙරූ PRINCESS MONONOKE මියාසාකිගේ නාමය ලොව පුරා ගෙන යන්නට සමත්වෙනවා. ජපානය තුල ඉතිහාසගත ආදායම් වාර්තා තබන්නට ප්‍රින්සස් මොනොක්කෙ සමත් උනා. මේ වාර්තා සියල්ලම බිඳ හෙලන්නට ඉන් වසර හතරක ඇවැමෙන් මියාසාකිගෙම spirited away සමත් උනා. (මේ සලරුව ගැන පසුව ලියන්නම්) ඔහුගේ බොහෝ සිනමා නිර්මාණවල තිබුනේ මානවයා සහ සොබාදහම අතර ඇති ඝට්ටනය . යොවුන් වියේ කෙල්ලන් සහ කොල්ලන් ප්‍රධාන චරිතවලට පන දුන් මියාසාකි ගේ සිනමා
ලෝකයේ ඇත්තේ මානව ප්‍රේමය ගැන දාර්ශනික දහමක්. ඔහුගේ චිත්‍රපටවල ඇති ගස්වැල්,ගංගා,දිය ඇලි ,වනාන්තර මෙවා යේ සැබෑවට ඔබ සිටිනා බවක් දැනෙවි. මියාසාකිගෙ චිත්‍රපට නරඹන විට දැනෙන හැඟීම හරියට නිකන් උසම උස කන්දක් මුදුනක සිට තෙරක් නොපෙනෙන සොබාදහම දිහා බලාගන පිරිසිදු ,සීතල වාතයෙන් ගඹුරු හුස්මක් ගන්නවා වගේ.
ඇමරිකන් ලේඛක , විචාරක Roger Ebert පැවසුවේ ඇනිමේශන් චිත්‍රපට ඉතිහාසයේ හොඳම සිනමාකරුවා මියාසාකි බවයි.

#

කතාව පොඩ්ඩක්

එමිශි ගමට නාගෝ නැමැති යක්ෂයෙකුගෙන් විශාල කරදර සිදුවෙන්නට පටන්ගන්නවා.අවසානයේ කෙසෙ හෝ එමිශි ගමේ කුමාරයා වෙච්ච අශිටකා කුමාරයා මේ යක්ෂයාව මරා දමනවා. යක්ෂයෙකු කීවාට ඌරු දෙවියා තමයි කියන්නෙ. මේ යක්ෂයා මැරෙන්නෙත් විශාල ශාපයක් කරලා. යක්ෂයා මැරුවට පස්සෙ අශිටකා කුමාරයාගෙ දකුනු අත යකඩ අතක් බවට පත්වෙනවා. මේ අතට තිබෙන්නෙ පුදුමාකාර ශක්තිය ක්. ගමේ නුවැනැති ආච්චි කියන්නෙ මේ ශාපයෙන් ගැලවෙන්නටනම් මේ මේ ඌරු දෙවියා පැමිනි බටහිර දෙසට යා යුතු බව.

බටහිරට පැමිනි කුමාරයාට එබොශි නම් කුමාරිකාව මුනගැසෙනවා. ඇය මුලු ගමක්ම පාලනය කරමින් යකඩ සහ තුවක්කු නිපදවනවා. මේ වැඩේ කෙරෙන්නෙ මුලු වනාන්තරයම විනාස කරමින්. වනාන්තර විනාශ කිරිමට එරෙහිව සටන් වදින්නෙ වෘකයන් පිට නැඟ එන කෙල්ලක්. මේ බටහිර වනාන්තරයේ ඉන්නෙ මුව දෙවියන්. මේ මුවදෙවියන්ට විතරයි කුමාරයාගෙ ශාපය නැතිකරන්න පුලුවන්. කතාවෙ ඉතුරු ටික නම් ඔබට බලන්නටම වෙනවා.අශිටකා කුමාරයා මුව දෙවියන් හමු වෙයිද ,වෘකයන් සමඟ එන කෙල්ලව කොහමද මුන ගැහෙන්නෙ ,අධිරාජ්‍යා කොහමද කතාවට සම්බන්ද වෙන්නෙ මේ සියල්ල දැනගන්න සලරුව බලන්න. ලෝක සිනමාවෙ විශිෂ්ට සිනමා පටයක්. ඇනිමේශන් සිනමාව නවමු මානයකට ගෙන ගිය හත්‍රපටිය ක්.

ලෝකය සහ මිනිසා කොයිබටද …….

තාමත් පෘථ්වියේ කෙටි කාලයක් ජිවත් වී ඇති මිනිසා මුලු ලෝකයම තම අණසකට යටත් කරගන ඇත.මුල සිටම භුමි ප්‍රදේශ වෙන්කරගනිමින් ඒවා තම කැමැත්තට අනුව වෙනස් කරගනිමින් සොබාදහම විනාශ කරමින් මානවයා මෙතෙක් ආ ගමන් මග බිහිසුනු මාර්ගයකට මේ වෙනකොට අව්තීර්ණ වෙලා හමාරයි. මයාසාකි මේ සිනමාපටයෙන් ප්‍රශ්න කරන්නෙ එයයි .කතාවෙ තැනක වදුරෙකු මෙසේ කියනවා.

“අපි ගස් වැව්වා .මිනිස්සු ඒවා මැරුවා .කැලෑව ආයෙ එන්නෙ නෑ. අපි මිනිස්සුන්ව මරනවා .”

මිනිසා සහ සොබාදහම අතර ගනුදුනුව කොතරම් බරපතල දැයි කිවහොත් ලෝකයම පුරාම ගං වතුර ,නාය යෑම් ,දැඩි නියග, අධික වර්ශාව ,සුනාමි ,භුමි කම්පා නොයෙකුත් ව්‍යසන ඇති වී හමාරයි.මේවට වන්දි ගෙවීමට සිදුව ඇත්තේ මිනිසාට පමනක් නොවේ. සොබාදහමට ,මුලු ලෝකයටම ආදරය කරන්නට ,අලුතින් සිතන්නට බලන්න මේ සිනමා පටය

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s