Oparation Bernhard නමින් හැඳින්වෙන්නේ දෙවන ලෝක යුධ සමයේ 1940 පමන නාසින් විසින් හොර මුදල් අච්චු ගසිමින් බ්‍රිතාන්‍ය ආර්ථිකය කඩා වැට්ටීමට උත්සහා දැරීමයි. බ්‍රිතාන්‍ය මුදල් නෝට්ටු වලටඅමතරව ඇමරිකානු ඩොලරයද හොරට මුද්‍රනය කලා.බ්‍රිතාන්‍ය මුදල් නොට්ටු ඉතාම සූක්ෂම ලෙස මෙම ඒකකය විසින් මුද්‍රනය කලා.ඔවුන් ඒ සඳහා යොදා ගත්තේ කපු රෙද්දක්. මෙම හොර මුදල් අච්චු ගසන්නන් ලෙස යොදා ගත්තේ යුදෙව්වන්.හොර මුදල් අච්චු ගසන්නන් ,මුද්‍රන කර්මාන්තකරුවන් ආදිය. කෙසේ හෝ 1942 දී පමන මේ මෙහෙයුම නතර කර දැමුනා. යලිත් අවුරුද්දකට පසු හොර මුදල් අච්චු ගැසීම යලිත් ආරම්භ කලා.ඉන් පසුවයි ඇමරිකානු ඩොලරයත් අච්චු ගසන්නට පටන් ගත්තේ.යුද්ධයේ අවසානය කාලයේ මෙම මෙහයුම නාසින් විසින් අතහැර ගියා.ඉන් දින කීපකයට පසු මේ සිර කඳවුරෙ සිටි යුදෙව්වන් නිදහස ලැබුවා.මෙම මෙහුමයේදි නාසින් විසින් ඩොලර් මිලියන 300ක පමන හොර මුදල් අච්චු ගැසු බවයි සඳහන් වෙන්නේ.
2007 අවුරුද්දේ හොඳම විදෙස් චිත්‍රපටය ලෙස ඔස්කාර් සම්මානය දිනා ගත්තේ THE COUNTERFEITERS. සලරුව අධ්‍යක්ෂනය කලේ STEFAN RUZOWITZKY .ජර්මන් ඕස්ට්‍රියන් සහයෝගයෙන් නිමවුන චිත්‍රපටයක්.සලරුව පටන් ගන්නේ එක්තරා පුද්ගලයෙක් ඉතා සුඛෝපභෝගී හෝටලයක නැවතී සූදුවෙ යෙදෙන දර්ශන කීපයකින් .සූදුකෙලින අතර ඔහුගේ අතේ ඇති පච්චයක් වෙත කැමරාව යොමුවෙන විට මේ පුද්ගලයාගේ මතකයන් අවදිවෙන්නට පටන් ගන්නවා.
මුලින් සඳහන් කල Oparation Bernhard සත්‍ය සිදුවීම තමයි මේ සලරුවට පාදක වෙලා තියෙන්නේ.දෙවන ලෝක යුධ සමයේ මිනිසුන් විඳි අනේක දුක් කම්කටොලුත්,ජිවිතය රැක ගැනීම වෙනුවෙන් මිනිසුන්ට කරන්නට වෙන අරගලයත් මේ සලරුවෙන් දැක ගන්නට පුලුවන්. SOLOMON SOROWITSCH ලෙස KARL MARKOVICS විශිෂ්ට රංගනයක යෙදෙනවා මෙම සිනමාපටය නිර්මානය කල ඇත්තේ ADOLF BURGER අතින් ලියවුන පොතක් .ඔහු Oparation Bernhard මෙහුයුමට සැබෑ ලෙසම සම්බන්ධ වූ සිරකරුවෙක් .අවසන මා අමුනා ඇති ඡායාරූප කීපය මෙහි සැබෑ සිද්දියට සම්බන්ධ වූ පුද්ගලයන් සහ ස්ථාන