The Stoning Of Soraya M

ශාලාවේ අපි හිටියේ 25ක් 30ක් විතර.ජනෙල් වලට බ්ලැන්කට් දාලා පත්තර වලින් අලවලා කොහොමහරි අඳුරු කරගන තිබුනෙ .තිරයේ චිත්‍රපටිය දිගහැරෙන්න පටන් ගත්තා .තැන තැන කසු කුසු ඇහෙනවා. මුල් දර්ශනය පටන් ගන්නෙ ජනමාධ්‍යවේදියෙක් පරණ කාරයක නැඟී එක්තරා ගමක් වෙත පැමිනෙන දර්ශනයකින් .ඉන් පසු හමුවන කාන්තාවක් හා ඇතිවන සංවාදයක් සහ කාන්තාව පවසන අතීත සිද්ධි දාමයක් සමඟ සිනමාපටය ඉදිරියට ගලාගන යනවා.

මුල් විනාඩි කිහිපයේ නැඟුනු මුනු මුනු සිනමා පටය අවසානවන විට මහා ඉකිබිඳුම් බවට පත්වුනේ නිරායාසයෙන් ….සමහරෙකු අඬනවා,තවකෙක් සුසුම් හෙලනවා,සමහරුන් කිසිත් කරකියාගත නොහැකිව ඔහේ බලා සිටිනවා.ලෝක සිනමාවෙ බිහිවුන විශිෂ්ට සිනමා පටයක්.සම්මානවල නිර්දේශ වූ සම්මාන ලබාගත් චිත්‍රපටිය ක්.

THE STONING OF SORAYA M.

ඉරාණයේ ඈත ගමක සිදුවු සත්‍ය සිදුවීමක් තමයි මේ චිත්‍රපටයේ දිගහැරෙන්නෙ.ආගම සහ පුරුෂයන් හමුවේ ගැහැනුන් කොතරම් පීඩනයට පත්වනවාදැයි ඔබට පසක් වනු ඇත මෙය නැරඹූ පසු.සොරායාගේ ස්වාමි පුරුෂයා අලීට උවමනා වෙනවා ඇයව දික්කසාද කර තවත් විවාහයක් කර ගැනීමට (කුඩා කෙල්ලක්) .නමුත් සොරායා කැමති වෙන්නෙ නෑ. අලි කෙසෙ හෝ ගමෙ මුල්ලාවරයා සමඟ එකතු වී ඇයව බොරු වරදකට හසු කරනවා. වරද පරපුරුෂ සේවනය. අවසන කෙසේ හෝ අලි සහ පල්ලියේ මුල්ලා වරයා සමත් වෙනවා ඇය වැරදිකාරියක බවට ඔප්පු කිරීමට . මුල්ලාවරයාගෙ ප්‍රධානත්වයෙන් ඇරඹෙන නඩු විභාගයදී ඇයව ගල් ගසා මරා දමන්නට තීරණය කරනවා.

මින්පසු දිගහැරෙන්නෙ කෲරත්වය පිරුනු අතිශය පිළිකුල් සහගත සිදුවීම් පෙලක්. මීලඟ මිනිත්තු කිහිපය අනිවාර්‍යෙන්ම ඔබෙ හදවත පුලුස්සා දමනු ඇත. බෙල්ල තෙක් වලලා ඇති සොරායාට පළමු. ගල ගසන්නට පැමිනෙන්නෙ ඇයගේ පියා. වෙව්ලමින් හඬමින් ඔහු ගසන ගල සොරායාට ඈතින් ඉගිලිලා යනවා. ඊලග රූප රාමු පෙළ ඔබ කෙසේවත් නරඹන්නෙ නැත. ඔබ ඉවතට යනු ඇත. හඬනු ඇත. ශාපකරනු ඇත. ඊලඟ ගල ගසන්නෙ සොරායා ගේ වැඩිමහල් පුත්‍රයා . නලලට වැදුනු ගල පහරින් ගලා යන ලේ වලට වැඩියෙන් ඔබගෙ ඇස් වලින් කඳුළු ගලායනු ඇත. හඬ හඬා පැමිනෙන බාල කොලුවා ගසන ගල් පාරත් වෙනතකට යනවා. ඉන් පසු මුලු ගමේම උන් ප්‍රීතිඝෝෂා නඟමින් ඇයට ගල් ගසා මරා දමනවා.

ඉරාණයේ ඈත ගම්මානවල, දැඩි මතධාරී මුස්ලිම් රටවල්වල මෙසෙ කාන්තාවන් ගල් ගසා මරා දැමෙනබව පැවසෙනවා. රාජ්‍ය අනුග්‍රහය ලබන පල්ලිවලින් ,අවි දරාගත් මුල්ලාවරයන් සහ ඔවුන්ගේ සහචරයන් ඉතා අමානුෂික ,කෲර පාලනයක් මෙවැනි ගම්වල ගෙනයන බවට පැවසෙනවා.

කෙසේ වෙතත් කිසිදු ගැහැනියක් ආගමක් දේශනාකොට නැත,සියලු ආගම් සොයාගන ඇත්තේ පිරිමින්‍ ය. දේශනාකර ඇත්තේ පිරිමින්‍ ය. පිරිමින් සහ ගැහැනුන් සංසන්දනය කර බැලුවහොත් වැඩි ආගමික භක්තියක් ඇත්තේ ගැහැනුන්ටය.

ආගම තුලින් පවා ගැහැනුන් පිරිමින්ගේ අණසකට යටත්වන බව දන්නේ ගැහැනුන් කීයෙන් කී දෙනාද…. මිනිසුන් සියලු ආගම් ඇදහීම නතරකල දවසට ලෝකය මීට දසදහස් ගුනයකින් යහපත්වනු ඇත.

Directed by-Cyrus Nowrasteh

Written by-Betsy Nowrasteh ,Cyrus Nowrasteh

Based on-La Femme Lapidee by Freidoune Sahebjam

Starring-Mozhan Marno ,Shohreh Aghdashloo,Jim Caviezel

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s