මුලු රෑම නින්දක් නැතිව භයංකාර සිතුවලිවලින් හිතත පොරවගන ඊයේ රෑ ගෙවිලා ගියේ .වැඩ ඇරිලා හවස ගෙදර ආපු ඔයාගේ මුහුනේ ,ඒ ඇස්වල මොකක්දෝ වෙනසක් මට දැනුනා. මට හිතුනේ ඒ මහන්සියට කියලා. ඒත් මොකක්දෝ අමුතු වෙනසක් දැනුනා ඇත්තමයි . ඉඳලා හිටලා යාලුවොත් එක්ක මධුවිතක් පුරනකොට සිගරට් එකක් දෙකක් අලුකරපු ඔයා ඊයේ රෑ මිදුලට වෙලා තෙරක් නොපෙනෙන අහස දිහා බලාගන එකක් නිවෙනෙකොට තව එකක් දල්වමින් කීයක් නම් අලුකරලා දැම්මද ,
“උබටනම් හම්බවෙලා තියෙන්නෙ දාහකින් හොයාගන්න බැරි කොල්ලෙක් බන් ”
අවුරුදු ගානකට කලින් යාලුවෝ එහෙම කියනකොට ලොකු ආඩම්බරයක් දැනුනා මට.ඒත්…. ඒත් හැමදේම වෙනස් වෙනවා. මුලු විශ්වයම මොහෙතෙන් මොහොත චලනය වෙමින් වෙනස් වෙනකොට ඒ විශ්වය ඇතුලෙ දූවිල්ලක් තරම් වටින්නෙ නැති මිනිස් ජිවීත වෙනස් නොවී තියෙයිද , කොච්චර දේවල් හිතලා හිත හදාගන්න හැදුවත් ඔයා ඊයේ රෑ හීනෙන් කියපු වචන තාමත් මගේ කන් ඇතුලේ දෝංකාර දිදි මගේ මුලු ඇඟම වෙව්ලනවා .
“උපුලී උපුලී ”
ඊයේ රෑ ඔබ සිහිනෙන් දෙඩවූ ඒ උපුලී කව්දෝ
නිදි නැති යාමේ මා හැඬවූ ඒඒ උපුලී කව්දෝ
නෑසියෙකුදු නෑ යෙහෙළියෙකුදු නෑ
දන්න තරමින් කවරෙකු හෝ නෑ
අප වෙනුවෙන් ඔබ ඩා බිඳු හෙලනා
අඩ හෝරාවේ ඔබ හද යාවූ
ජීවමාන ලියතඹරාවක්දෝ
ඒ උපුලී ඒ උපුලී
උපුලී උපුලී ආදර උපුලී
එළිවනතුරු ඔබ දෙඩුවා මතකයි
පුතු සමඟින් මහ මඟට බහින්නට
භයංකාරයෙ මග එළි පෙන්නනන
මනමෝහණ වූ සළෙලු ලිියක්දෝ
ඒ උපුලී ඒ උපුලී