චැටර්ලි ආර්‍යාව සහ සුනිල් ආරියරත්න

ක්ලිෆර්ඩ්ගේ බුද්ධිමය සංවාදවලට,රැග්බියේ ගම්බද සුන්දරත්වයට චැටර්ලිගෙ ආත්මය පුරා වසාගන හිටපු අඳුරු වළාකුළු පලවා හරින්නට පුලුවන්කමක් තිබුනේ නෑ.රෝද පුටුවට වෙලා බුද්ධිමය හීන ලෝකෙක හිටපු ක්ලිෆර්ඩ්ට ඕනී උනේ චැටර්ලිගේ රැකවරණය .ඒත් කොන්ස්ටන්ස් චැටර්ලි අනුරාගි  බැල්මක් ,උණුසුමක්  නැතිව මුලු ශරීරස්කන්ධයම කෘශ වෙමින් තිබුනේ.කොන්ස්ටන්ස්ට ඕනී උනෙ  පිරිමියෙක්ගේ ඇඟෙන් ගලන  උනුසුම් සුවඳක් ,තරු පිරිනු ආකාශයක පාවෙන්න පුලුවන් ස්පර්ශයක් .තමන්ගේ මුලු ගතම තෙත් කරන්න පුලුවන් දෙයක්.

 

රැග්බියේ කාමරෙට වෙල ඉඳලා එපා උන කොන්ස්ටන්ස් මිදුල දිගේ ගිහින් කැලෑව පැත්තටඇවිදගන ගියා .එතකොටයි චැටර්ලි දැක්කේ කැලෑව මද තිබුන පැල් කොටේ.ඉතිං ඔය පැල ඇතුලෙයි කොන්ස්ටන්ස්ට සතුට හම්බවෙන්න පටන් ගත්තේ.දඩබිම් පාලකයාගෙ ස්පර්ශයෙන් ආත්මයි පුරා වසාගන හිටපු අඳුරු වළාකුළු ඈතකට පාවෙලා ගියා.අහා කොතරම් ආදරයක්ද ,කොයි තරම් සතුටක්ද ,මෙතුවක් කාලයක් හොය හොයා හිටපු දේ ලැබුනා වගෙයි කොන්ස්ටන්ස්ට දැනුනේ.සවස් යාමයන් වල පැල ඇතුලේ උනුසුම් වෙච්ච කොන්ස්ටන්ස් චැටර්ලි රැග්බියට ඇවිත් ජනේලයෙන් එහා පෙනෙන කැලෑවත් ,නගරයත් දිහා බලාගන කොයි තරම් දේවල් කල්පනා කරන්න ඇත්ද ,,,,

මුලු නුවරම නිදිගත් මේ මොහොතේ
ඔබ පමනක් අවදිව ඇත යහනේ
එකම හඳක් එක තරුවක් යට
එකම හඳක් එක තරුවක් යට
ඔබ ඔබේ පැලේ මම මගේ පැලේ

වන උයන් පුරා මල් සමය උදාවී
දියදම් දිනිතිය යොවුන් වියේ
අප මධුර මිලනයේ තිවු ගීරාවේ
ප්‍රාර්ථනා කරන්නේ
කවදාද අප හමුවන්නේ
කවදාද අප හමුවන්නේ
ඔබ ඔබේ පැලේ මම මගේ පැලේ

 

පෙර ආත්මයක මධු සුවඳ සිනා සී

ඉඟි කරනා කල රාත්රියේ

හද සොවින් වලප්නා

නිදි නොලබා මාළිගා මවන්නී
e1662d7037f457b12c846c2c3ddc17c9
උන්මාද චිත්‍රාදෝ  මා

ඔබ ඔබේ පැලේ මම මගේ පැලේ

පද …සුනිල් ආරියරත්න

ලෝරන්ස් චැටර්ලි ලියා අවුරුදු ගනනාවකට පස්සේ තමයි සුනිල් ආරියරත්න මේ ගීතය ලිව්වේ ,කාලය ,දේශ සීම සියල්ල අතික්‍රමණය කරමින් මිනිස්සු අනුරාගයේ බැඳෙති ,ආදරයේ වෙලෙති …..

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s