අවුරුදු 87 විශ්ව විද්‍යාල සිසුවිය රෝසි

සමහර මිනිසුන්  ඔබේ ජීවිතයට පැමිනින්නේ කුමක් හෝ හේතුවකටයි .ජිවිතයට අරමුණක් ලබා දෙන්නට නැතිනම් ඔබ කවුරුදැයි ඔබට පෙන්වා දීමට ,ඔබ කවුරුන් විය යුතුදැයි ඔබට කියා දීමට මේ කුමකට හෝ විය හැකියි. සමහර විට මේ ඔබෙ යහලුවෙක්  ,ඔබේ ආදරවන්තයෙක් ,නැතිනම් ජිවීතයෙ එක්වරක් පමනක් දුටු කෙනෙක් කවුරුන් හෝ විය හැකියි .ඔබ ඔවුන් සමග ඒකාත්මික වූවොත් ඔබට වටිනා දෙයක් සොයා ගන්නට හැකිවේවි .ඔබේ මුලු ජිවීතේම වෙනස් කරන දෙයක් .

ජිවීතයේ සමහර කාලවල දේවල් සිද්දවෙන්නේ අපට වුවමනා අන්දමට නොවේ .කටුක,හදවත වේදනාවෙන් පුරවන සිද්දීන් වලට කොතෙකුත් මුහුන දෙන්නට සිදුවෙනවා .නමුත් මේ බාධකයන් හමුවන තතුරු අප දන්නේ නෑ අපි කොතරම් ශක්තිමත්ද බව ,කොතරම් බලසම්පන්නද වග .

සෑම දෙයක්මසිදුවෙන්නේ කිසියම් හේතුවකට .කඩාවැටීම් ,ආදරයේ පරාජයන් සියලු දුක් වේදනා සිදුවන්නේ ඔබ කවුරුදැයි ඔබට කියාදීමට .මතක තබා ගන්න ජිවීතය ඔබට උගන්වන්නේ ඔබ ඉගනගැනීමට සුදානම් පමනයි .

මිනිසුන් ඔබට ඇතිකරන දේවල්වලින් ඔබව සාර්ථක වේවී .නැතිනම් කඩා වැටේවි.

වේදනාකාරි අත්දැකීම් ඔබට ජිවීතය උගන්නාවි .කවුරුන් හෝ ඔබට රිදවූවොත් ,ඔබට ද්‍රෝහි වුනොත් නැතිනම් ඔබේ හදවත  බිඳදැමුවොත් වැදගත්ම දෙය ඔවුන්ට සමාව දෙන්න . සමාව දීම ඔබේ හදවටහ පිරිසිදු කරාවි .කවුරුන් හෝ ඔබටආදරය කරනවානම් කොන්දේසි විරහිතව පෙරලා ආදරය කරන්න ඔබට කිසිම දෙයක් නොලැබේවි .ඒත් ආදරය කරන්න .

හැම මොහොතක්ම විඳින්න ජිවිතයට එකතුකරගන්න .ඒ අත්දැකීම් ඔබව පරිපූර්ණ කරාවි .කිසිදා කතා නොකෙරූ මිනිසුන්න්ට කතා කරන්න .ඔවුන්ට ඇහුම්කන් දෙන්න .ඔබ ඔබට ආදරය කරන්න .ඔබව සිරකරගන සිටින බිත්ති කඩා බිඳදමන්න .හිස කෙලින් තබා ගන්න .ඔබට සියලු අයිතීන් තිබෙනවා එසේ කිරීමට .ඔබ ඔබව විශ්වාස කරන්න .ඔබ ඔබව විශ්වාස නොකරන තාක්කල් වෙන කිසිවෙකුත් ඔබව විශ්වාස නොකරාවි .ඔබේ ජිවිතය ඔබම නිර්මාණය කරගන්න .

අවුරුදු 87 විශ්ව විද්‍යාල සිසුවිය රෝසි

විශ්ව විද්‍යාලයෙ පළමු දිනයේම ගුරුවරයා ඔහුව හඳුන්වා දෙමින් දැනටමත් ඔබ නොදන්න්නා කෙනෙකු ගැන විස්තර සොයාගන්නා ලෙස අභියෝගයක් බාර දුන්නා. පංතියෙන් එලියට පැමින වටපිට බලමින් උන් මගේ උරහිස  කාගේදෝ සිනිඳු දෑතක් ස්පර්ශ කරනු දැනුනා .පසුපසට හැරුනු  මා දුටුවේ වයසක කාන්තාවක් මා ඉදිරියේ සිනාවෙමින් සිටි ආකාරය .

“කොහමද කඩවසම් ඉලන්දාරියා ,මගේ නම රෝසි ,අවුරුදු අසූහතයි .මට පුලුවන්ද ඔබව වැළඳගැනීමට ?.”

මා සිනාසෙමින් උද්යෝගිමත්ව කියා සිටියේ

‘ඔව් අනිවාර්යෙන්ම ‘

මා පුදුමයට පත්වෙමින් ඈසුවේ

“මේ වගේ වයසකදි ඔයා මොකද මෙහේ කරන්නේ ”

ඇය මහ හඬින් සිනාසෙමින් උත්තර දුන්නා.

“මම ආවේ කොල්ලෙක්ව හොයාගන කසාඳ බැඳලා ළමයි හදන්න ”

“නෑ ඇත්තටම ඔබ මොකද කරන්නේ ආච්චියේ ”

මම හැමවෙලේම සිහින මැව්වෙ ඉගනගන්න .ඉතිං මං ඇවිත් ඉන්නේ ඒකට ”

ඇය උත්තර  දුන්නා.පංතිය ඉවරවීමෙන් පසු ඇයත් මමත් ඇවිද ගියේ කෝපි කෝප්පයක රස බලන්නට .එදා සිට ඇයත් මමත් ඉතාම කුළුපග මිත්‍රයෝ බවට පත්වුනා .හැමදිනකම පංතිය ඉවරවී ඇයත් මමත් ඇවිද ගියේ එකට .අපි බොහෝ දේවල් කතා කලා .ඇයගේ ජීවන අත්දැකීම් මා අසා සිටියේ ඉතාම අශාවෙන් . අවුරුද්දක් අවසානයේ විශ්ව විද්‍යාලයේ ජනප්‍රියම තරුව බවට පත් උනේ රෝසි .ඇය යන සෑම තැනකම ඇයට මිතුරන් සිටියා. එය ඇයට උපතින්ම ලැබුනු දායාදයක් වගේ . අවසාන විභාගයෙන් පසු අපේ පාපන්දු සමාජය සංවිධානය කල උත්සවයකට අපි ඇයට අරාධනා කලා ඇයගේ කතාව කියන්නට . එදා ඇය කියූ දේවල් කිසිදිනක මට අමතක වෙන්නේ නෑ . මුලින්ම ඇයව හඳුන්වා දෙමින් කතාව පටන් ගත්තා . කලබලයට පත්ව සිටි ඇය හඬ අවදි කලා .

” මට සමාවෙන්න මම ටිකක් අපිළිවෙලයි .මට කවදාවත් කතාවක් මුල සිට අගට පිලිවෙලට කරන්න බෑ.නමුත් මම කියන්නන් ඔබ ඇසිය යුතුම කතාවක් . ”

ඇය උගුර පාදමින් නැවතත් කතාව පටන්  ගත්තා.

” ඇයි අපි වැඩ කරන එක නවත්තන්නේ .අපි වයසක නිසාද ? අපි වයසට යන්නේ අපි වැඩ කරන එක නැවැත්තුව දවසට . තරුණව ඉන්න නම් මං ඔබට රහස් හතරක් කියන්නම් .සතුටින් ඉන්න,ඉලක්ක වලට ලඟා වෙන්න ,සිනහ වෙන්න ,හැම දවසකම සිනහා වෙන්න දෙයක් හොයා ගන්න.

ඔබට සිහින දකින්නට ඕනී .ඔබට සිහින නැතිකරගත් දවසට ඔබව මිය යාවි . බලන්න අපි අවට දහස් ගනන් මිනිසුන් ඇවිද යනවා. ඒත් ඔවුන් දන්නේ නෑ ඔවුන් දැනටමත් මියගොස් ඇති බව. වයසට යන එකෙයි වැඩෙන එකෙයි ලොකු වෙනසක් තියනවා . ඔබට අවුරුදු දහනවයක් කියා සිතන්න .ඔබ අවුරුද්දක් පුරාම කිසිවක් නොකර ඇඳක වැතිර සිටිනවා.අවුරුද්දකින් පස්සේ ඔබට අවුරුදු විස්සයි .මම අවුරුදු අසූ හතේදි කිසිවක් නොකර අවුරුද්දක් පුරා ඇඳක වැතිර ඉන්නවා .අවුරුද්දකින් පස්සේ මට අසූ අටයි .

වයසට යෑම අපි කාගෙවත් හැකියාවන් ,දක්ෂතාවයන් උදුරා ගන්නේ නෑ. අපේ අදහසුයි වැඩෙන්නට ඔනෑ.ඒකෙන් අපිට අවස්ථාව හම්බවෙනවා වෙනස් වෙන්නට යහපත් දිශාවකට .”

අවුරුද්ද අවසානයේ රෝසි ඇයගේ උපාධිය ලබා ගත්තා .ඉන් සතියකට පසු ඇය සදාතනික නින්දට ගියා .කිසිම දෙ404429_417139398369208_1766794971_nයකට පරක්කු නෑ .අදම පටන් ගන්න ජීවිතය වෙනස් වේවි .

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s