අවසන් හුස්ම වැටෙන ග්රහලෝකයකින්
විශ්වයේ හුදකලාව මැද්දට
පනින්නෙමි දෑස් පියාගන
උමතුවෙන් ඔබ පාවෙමින් උන්
තාරකා මැද්දෙන්
පාව යන්නට සිදුව ඇත
හුදකලාවේ සීතල
ඇටකටු දක්වා කා වැදෙද්දි
ඇවිද ගිය ගං ඉවුරු
එක්ව තරණය කල මහ මුහුදු
කිසිවක් පෙනෙන්නට නැත
ඇත්තේ කලුම කලු පාට
මහා ඝණ අන්ධකාරයක් පමනි