මා තාපසයෙක් නොවෙමි
ලොවේ ඈත කෙළවරක
සියල්ල් අත්හරින්නට පුරුදු වෙන
මා දාර්ශනියකු නොවෙමි
සියලු ගැටළු වලට
දිවා රෑ උත්තර සොයන
මා උමතු සංචාරකයෙක්මි
බොහෝ කාලයකට පෙර
මේ මන්දාකිණියෙන් අතුරුදන් වූ
ප්‍රේමය සොයා යන
ක්ෂීර පථයේ සෙව්වෙමි
සාගර පතුලේ ගිලි ඇතිදැයි බැලුවෙමි
අයිස් කඳු මත ගල් ගැසී ඇතිදැයි සෙව්වෙමි
වනාන්තරවල සෙව්වෙමි
නමුත් තවමත් ප්‍රේමය සොයා ගත නොහැක