අජමාබාද්හි ප්‍රධාන කාර්යාලයට ලිපිකරුවෙකු අවශ්‍ය වී තිබුණු නිසා හොඳ කෙනෙකු ඒ සඳහා සොයා දෙන්නට යැයි මම බනවාරි ලාල්ට කීවෙමි .ඔහු කණගාටු වී කීවේ මෙයට ඉතා සුදුසු ඔහුගේ ඔහුගේ බාප්පාගෙ පුතෙකු සිටින බවත් ඔහු අමුතු අන්දමේ විකාර ගති ඇති පුද්ගලයෙකු නිසා මේ සඳහා කැඳවා ගත නොහැකි බවත්ය. ඔහු මෙන් දැන උගත් පුද්ගලයෙකු පළාතේ වවත් නැති බව බනවාරි පැවසුවේය .
“ඇයි එයා මොකද කරන්නේ ?” මම ඇසුවෙමි .
මිනිහගේ එක එක විදිහේ පිස්සු වැඩ තියනවා සර් අතන මෙතන ඇවිදීම එක පිස්සුවක් .හරියට රස්සාවක් කරන්නේ නෑ .කසාද බැන්ඳට පවුල රකින්නේ නෑ කැලෑවල ඇවිද ඇවිද ඉන්නවා .ගේ අතඇරලා ඇවිද්දට සන්නාසියෙකුත් නෙවෙයි .එයා එක විදිහක මිනිහෙක් .”
මගේ කුතුහලය වැඩි විය .
“මෙතන මොනවද හිටවන්නේ”
ඔහු හොර රහසේ කළ ක්‍රියාව මා දුටු හෙයින් ඔහු ලැජ්ජාවට හා අධෛර්යට පත් විය .
“මුකුත් නෑ මල් ඇට වගයක් ”
මම පුදුමයට පත් විය මොහු හිටවන්නේ කුමන මල් ඇට වර්ගයක්ද ?
මෙය ඔහුගේ ඉඩමක්ද නොවේ .ඝණ කැලෑවකි .ඔහු කුමන ගසක බීජයක් මෙහි සිටුවනු ඇත්ද ?එයින් ඔහුට අත්වෙන වාසිය කුමක්ද මම ඒ ගැන ඔහුගෙන් විමසුවෙමි .
එක එක විදිහේ මල් ඇට ජාති තියනවා සර් .මං පූර්ණියාවලදී දැක්කා එක සුදු මහත්තයෙකුගේ වත්තේ රටින් ගෙනත් පැල කරපු අපූරු මල් වගයක් තියනවා.ඒකේ ලස්සන රතු මල් පිපිලා තිබුනා .මං ඒ ජාතියේ මල් ඇට ටිකකුයි ,තවත් එක එක විදිහේ මල් ඇට ජාතියි දුර ඉඳලා එකතු කරගන ගෙනාවා .මෙහෙ කැලේ ඒ ජාතියේ මල් වැල් නෑ .ඒ හින්දයි මං ඒවා හිටෙව්වේ.මේවා පැලවුනොත් අවුරුදු දෙකක් ඇතුළත පඳුරු දාලා ලස්සනට පිපෙයි .”
ගස් සිටුවීමේ පරමාර්ථය ගැන අසා මා තුළ ඔහු ගගැන ගෞරවයක් ඇතිවිය .ඔහු ආත්මාර්ථය ගැන නොසිතා බොහෝ දුරකට පැතිරි ඇති වන භූමියේ සෞන්දර්යය වැඩි දියුනු කිරීමේ පරමාර්ථයෙන් තමාගේ මුදලත් කාලයත් වැයකොට ඇත .මෙය ඔහුට අයිති ඉඩමක් නොවේ .ඔහු කෙතරම් අමුතු කෙනෙක්දැයි මට සිතුණි .
මෙවැනි සෞන්දර්යය පුදන්නන් පහසුවෙන් මුණ ගැසීමට නොලැබේ .වනයෙන් වනයට ඇවිද මල් සිටුවීමෙන් ඔහුට ප්‍රයෝජනයක් හෝ එයින් උපයන මුදලක් නැත. ඔහු අන්ත දිළෙන්දෙකි. එසේවුත් ඔහු වනයේ සෞන්දර්යය සම්පත වැඩි දියුනු කිරීමෙන් වෙහෙසට පත් නොවෙයි .එයින් තමාට වාසියක් නැතැයි කියා ඔහුගේ උනන්දුවත් පරිශ්‍රමයත් මඳක්වත් අඩු නොවෙයි ”
විභූතිභූෂන බන්ද්‍යාපාධ්‍යාය
“අරණකට පෙම් බැඳ ”