අම්මා

අම්මා ගැන මතක ගොන්න ඇතුලේ තාමත් ඉතා පැහැදිලිව චිත්‍රපටයක් වගේ පෙනෙන රූප රාමු පෙලක් තියනවා .රාත්‍රී යාමය කියන්නේ ළමා කාලයේ භයානක හීනයක් .කිතුලට නැගලා මත්  වෙලා එන තාත්තත් නොනවත්වා ඇහෙන අම්මගේ කන්දොස්කිරියාවත් පෙර නිමිති කියන්න රණ්ඩුවකට  තමයි .ඒක දිනපතාම වෙන සාමාන්‍ය සිද්දියක්.කෝපයෙන් පුපුරා හැලෙන වැඩිහිටියෝ දෙන්නෙක්ගේ සන්ග්‍රාමයක් නවත්තන්න පුංචි එකෙක් වෙච්ච මට කොහෙත්ම පුලුවන්කමක් තිබුනේ නෑ.බොඳවෙච්ච දෑසෙන් බලන් ඉන්නවා හැරෙන්න. සමහර දිනක තාත්තගේ ගුටි බැට බලා ඉන්නට බැරි තැන මා අම්මාට බලකරන්නේ ආච්චිලා ගෙදරට යන්නට.තව තවත් රණ්ඩු වෙන්නට උවමනා වුවත් මාගෙ බලකිරීම මත මහ රෑම ආච්චිලා ගෙදරට පිටත් වෙනවා.පන්දමත්  පත්තු කරගන වෙල මැද්දෙන් ආච්චිලා ගෙදරට ගියපු හැටි තාමත් මගෙ ඇස් ඉස්සරහ පේනවා .

තවත් රාත්‍රී යාමයක සංග්‍රාමය අවසානයකටම පැමිනෙමින් තිබුනා .එදා  හඳ එළිය වැටිලා තිබ්බ .කේන්තිය දරාගන්න බැරිවෙච්ච තාත්තා අම්ම දිහාට පැන්නෙ ගොදුරකට පනින  සිංහයෙක් වගේ .සිංහයා ගොදුරට පැනලා බෙල්ලෙන් අල්ලාගන්නවා වගේම තාත්තත් අම්මගේ බෙල්ල පාගනවා විතරයි මට මතක .ඒ ඇසිල්ලෙන් මම සිහිසුන්ව ඇද වැටුනා .සිහිය ඇවිත් බලනවිට අම්මත් අක්කත් මං දිහා අසරණව බලාගන හිටියා .

ගෙදර ලිප අවුලවන එකත් ලේසී පහසු වැඩක් උනේ නෑ.වී මෝලක් තිබුනේ අපේ ගමට කිලෝ මීටර හතර පහකට එහා.වී ගෝනියක් හාල් බවට පත් කරන්න ඔය මුලු දුරම ගෙවාගන ගොස් ආපසු පැමිනිය යුතුයි .මේ මුලු දුරම අම්මා වී ගෝනියකුත් අරගන යන්න ඕනී.ඒ තරම් දුෂ්කරතාවයන් අපේ අම්මලා ඉවසගත්තා .

ප්‍රේමය අහිමිවෙච්ච හැම මොහොතකම ඒ කාලේ මනසට වෙච්ච බලපෑම කොච්චර දරුනුද කියලා තේරුම් යන්න පටන් ගත්තා .මුලු මහත් සමාජ ක්‍රමය විසින් ඇතිකරපු පීඩනය පුපුරලා ගියේ පවුල ඇතුලේ .ඒකෙන් වැඩිපුරම වන්දි ගෙවන්න සිද්ද උනෙ ළමයින්ට .සමහර විට ඒක ජීවිත කාලෙටම වෙන්න පුලුවන් .මාලනී බුලත්සිංහල ගයන මේ ගීතය අහන හැම වෙලාවකම දැනෙන්නේ වචනෙන් විස්තර කර නොහැකි වේදනාවක් .මාලනීගේ හඬේම ගැබ්වෙලා තියෙන්නෙ මොකක්ද්දෝ අමුතු වේදනාවක් .

 

Heart-Touching-Story-of-Mother-and-Son-Sad-Heart-Breaking-Short-Story

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s