BORN ON THE FOURTH OF JULY

“වියට්නාමයට බෝම්බ දැමීම නවතනු! යුද්ධය කියන්නේ අපරායක් ”

“උබ පාහර කොමියුනිස්ට්වාදියෙක් ”

“උතුරෙත්  මැරුණේ අපේම මිනිස්සු .යුද්ධයෙන් අපි හැමෝම පැරදුනා.”

‘උබ රටක් ජාතියක්  නැති අවජාතකයෙක් .උබලා බෝම්බ වලට අහුවෙන්නමයි තිබුනේ ”

පළමු දෙබස තියෙන්නෙ ‘BORN ON THE FOURTH OF JULY ‘ චිත්‍රපටයේ . වියට්නාම යුද්ධයෙන් සම්පූර්ණ අබාධිත තත්වෙට පත්වෙච්ච රොන් කොවික් ජනාධිපති නික්සන්ගේ ප්‍රචාරක රැළියක් අතර මැදට පැනලා කියන්නේ වියට්නාමයට බෝම්බ දැමීම නවත්තනු කියලා .නමුත් බහුතරයක් මිනිස්සුන්ට රොන් කොවික්ව පේන්නෙ පාහර කොමියුනිස්ට් වාදියෙක් විදිහට  ඊලඟ දෙබස පහුගිය කාලය පුරාමත් දැනටත් අපේ රටේ අපි අත්විඳිමින් ඉන්න තත්වය.

යුද්ධය කියන්නේ කොයි තරම් ඛේදවාචකයද කියලා දන්නේ යුද්ධයකට මැදිවෙච්ච මිනිස්සු.දේශපාලකයන්ගේ සිතියම්වලට මැදිවෙච්ච බහුතරයක් අන්ධයන් විසින් පවත්වගන යන යුද්ධය නිසා නැතිවෙන්නේ ලෝකේ කොහේ හරි අපේම මිනිස්සු . යෞවන උන්මාදයෙන්  කිපිච්ච රොන් කොවික්  රට ජාතිය ගැන මත්වෙමින් වියට්නාම යුද්ධයට සහභාගි වෙනවා.නමුත් යුද්ධය රොන් හිතපු තරම් යෞවනත්වය මුදා හරින්නට පුලුවන් තැනක් නෙවෙයි .මොලකැටි දරුවන් පවා රොන් කොවික් ඉස්සරහ මරා දැමෙනවා.රොන් ට අන්තිමට නවතින්නට සිද්ද වෙන්නේ රෝද පුටුවක.ඔහුගේ සියලු සිහින යුද්ධය විසින් උදුරා ගන්නවා.එහෙත් ඔහු තාමත් විශ්වාස කරන්නේ ඔහු රට වෙනුවෙන් කැපවුන විශිෂ්ට සෙබෙලෙක් විදිහට .ඒත් මිිනිස්සුන්ට ඔහු තවත් ආබාධිතයෙක් විතරයි. රොන් කොවික්ට සිද්ද වෙනවාකටුක යථාර්තය පිලිගන්න .යුද්ධය කියන්නේ එක්තරා සසුලු පිරිසකගේ ක්‍රිඩාවක් .ඒ ක්‍රිඩාව වෙනුවෙන් වන්දි ගෙවන්නට සිද්ද වෙන්නෙ සමාන්‍ය මිනිස්සුන්ට .එතැන් පටන් ඔහු අරගල කරන්නේ යුද්ධයට එරෙහිවයි .

Ronald Lawrence Ron Kovik නැමැති ඇමරිකානු යුධ විරෝධියා විසින් රචිත ඔහුගේ ජිවීත කතාව අලලා නිර්මානය වූ මේ චිත්‍රපටයේ රොන් කොවික්ට පන පොවන්නේ ටොම් කෲස් . ටොම් කෲස් ගේ රංගනය කොතරම් විශිෂ්ටදැයි කිවහොත් ඔබත් රෝද පුටුවක හිඳින්නෙකු සේ දැනේවි.

“යුද්ධය කියන්නේ අපරාධයක් ”

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s