සංක්‍රාන්තික ලිංගිකයන්ගේ ඛේදවාචකය

ජනකතා රටක  ඉහිහාසය එකතු කොට

boys dont cry - cinema quad movie poster (3).jpg
Original Cinema Quad Poster – Movie Film Posters

තැබූ ඉතා වටිනා පුස්තකාලයක් වගේ.කටින් කට පැවතගන ආවත් අතිශෝක්තිය දවටලා තිබුනත් ඒවා හිතලුවක් සේ සලකා කිසිසේහ්ම බැහැර කරන්නට නොහැකියි. හගුරන්කෙත සිට මහනුවරට දෙසට පැමිනෙන විට මුනගැසුනු ගලගොඩ වලව් පරම්පරාව අතීතයේ සිටි ඉතා සටන්කාමී පරපුරක්.ඉංග්‍රීසි යුගයේදි අභාවයට ගොස් ඇතැයි සැලකෙතත් තවමත් ඒ පරපුරේ කතා ඉතුරුව ඇත.

ගලගොඩ දිසාවේ තුන්වන මහදිසාවගේ වැඩිමහල් දරුවා දියනියකි.පිරිමියෙකු බඳු ආරෝහ පරිණාහ ශක්තිමත් දේහයකින් යුක්තවුවත් ඇය ඉතා රූමත්‍ ය. තරුන වයසට එලබුනු ඇය දොඩන්වල බන්ඩාර නැමැති ඇයගේ මස්සිනා සමඟ ප්‍රේමයෙන් වෙලුනාය . උන්මාද ප්‍රේම බැඳීමක වෙලී උන් මේ දෙදෙනාගේ ජිවිතවලට කනකොකා හැඩුවේ තුන්වැන්නෙක්ගේ ආගමනමයත් සමඟ.ගලගොඩ වලව්වට ආසන්නයේ තිබු  දංගමුවේ වලව්වේ බන්ඩාර නම් තරුනයා ගලගොඩ තරුනියට උමතුවෙන් ප්‍රේම කරන්නට උනා.නමුත් ඔහුගේ හරහට සිටියේ දොඩංවල   බන්ඩාර.කෙසේ හෝ ගලගොඩ කුමරිය තමන් සතු කරගන්නට ඕනෑ යැයි සිතූ දංගමුවේ බන්ඩාර දිනක්  මහමඟදී හමුවුනු දොඩන්වල සමඟ ද්වන්ධ සටනකට එලබුනා.දංගමුවේ බන්ඩාර ඉතා දක්ෂ කඩු ශිල්පියෙක්.ඉතා දරුනු සටනකට පසුව දංගමුවේ එල්ල කල කඩු පහරින් දොඩන්වල බන්ඩාර එතනම මැරී වැටුනා.කීප දිනක්ම තම ප්‍රේමවන්තයාගේ මරණයෙන් දුක් විදි ගලගොඩ කුමරිය එක්වරම අහුරුදහන් වූවා .තම දියනිය මියගොස් ඇතැයි සිතා ගලගොඩ දෙමව්පියෝ දාන මාන පිංකම් කොට තම තම සිත් සනසා ගත්තා.කාලයත් සමඟ මේ සිද්දිය අමතක වෙමින් තිනුනා.

THREE YEARS LATER

දිනක් උඩරට රජ මාලිගයට පැමිනි මලයාලියෙකු තමන් සමඟ සටනට එන ඔනෑම කෙනෙකු පරාද කරන්නට පුලුවන් බව පවසමින් අභියෝග කරන්නට වුනා.මේ මලයාලි කඩු ශිල්පියා කොළබ සිට ඕලන්ද සෙන්පතියන් ඇතුලු දක්ෂ සටන්කරුවන් කීපදෙනෙක්ම පරාද කරමින් තමයි උඩරට රජ මාලිගාවට පැමින සිටියේ.අවාසනාවට රජුගෙ කිසිවෙක් මේ මලයාලියා හමුවේ මරණය වැළඳගන්නට සුදානම් වූයේ නෑ.මේ වෙලාවේ කවුරුන් හෝ රජුට පවසා සිටියේ මේ මලයාලියා පරාද කරන්නට හැකි එකම ජගතා දංගමුවේ බන්ඩාර බවයි.රජ අනින් දිනයක් සහ වෙලාවක් වෙන්වුනා.අදාල දිනයේ රජුද රජුගේ අමාත්‍ය මන්ඩලය ඇතුලු විශාල පිරිසක් පැමින සිටියා මේ සටන නරබන්නට .නියමිත වෙලාවට සටන ආරම්බ උනු අතර ඉන් අනතුරුව එලබියේ ගිනිකෙලි සංදර්ශනයක් . ඉතාම දරුණු    සටනක් අවසානයේ මලයාලියා අහසට පැන එල්ල කල මාරක කඩු පහරින් දංගමුවේ එතනම මැරී වැටුනා.රජු ඇතුලු ජනතාව බලා සිටියේ  බයෙන් බිරාන්තව.නමුත් සිදු වූයේ කිසිවෙකුටත් සිතා ගත නොහැකි පුදුමාකාර සිද්දියක්.සටනින් ජය ලැබූ මලයාලියා තම රැවුල විසිකර දැමුවා.තම ජටාවද සටනට ඇඳ තිබූ ඇඳම් ආයිතම්ද ගලවා දැමුවා. ඔව් ඔබ නිවරදියි .ඒ සිටියේ ගලගොඩ කුමරිය. තම ප්‍රේමවන්තයා මැරූ පලිය ගන්නට ඇය පිරිමි වෙස් ගෙන පැමින සිටියා.රජුත් ජනතාවත් නොනවත්වාම ප්‍රිතී ගෝෂා නඟන්නට උනා.

ශතවර්ෂ ගනනාවක් පසුකරමින් ඇමරිකාවට …..

බ්‍රැන්ඩන් ටීනා උපන්නේ ඇමරිකාවේ ඒ 1972 දී.ගැහැනු ශරීරයකින් උපන්නත් බ්‍රැන්ඩන් ටීනා ගේ ශරීරය ඇතුලේ තිබුනේ පිරිමි සිතක්.පිරිමි අශාවල් ගොන්නක්. බ්‍රැන්ඩන් ලිංගික සංක්‍රාන්තිකයෙක් .මේ බ්‍රැන්ඩන්ගේ කතාව.

BOYS DONT CRY

පිරිමි ශරීර ඇතුලේ උපදින ගැහැනු හිත් ගැහැනු ශරීර ඇතුලේ උපදින පිරිමි හිත් තාමත් මේ ලෝකයට පෙනෙන්නේ බරපතළ වැරද්දක් විදිහට .උපතින්ම සිද්දවෙන හෝර්මෝන ක්‍රියාවලිය මේ  අහිංසක ජීවින්ගේ ජීවිත  වර්තමානයේ අපායක් බවට පත්වෙලා.බ්‍රැන්ඩන්ට තිබුනේ ගැහුනු ශරීරයක් වුනාට ඒ හිත හොයන්නේ ගැහිනියෙක්ගේ ආදරයක් .ඒ ආදරය හොය හොය ඉන්නකොට තමයි ලැනාව මුනගැහෙන්නේ.ඒත් ඒ ආදරය ලෝකයට පේන්න පටන් ගන්නෙ විකුර්තියක් විදිහට .ඒ ප්‍රේමයට එරෙහි වෙන්න එන්නෙත් තවත් තුන් වැන්නෙක් .ඒ ලැනාගේ කලින් ප්‍රේමවන්තයා.ඒ මැදිහත්වීම සිද්දවෙන්නේ අතිශය කෲර අතිශය දරුණු වවිදිහට.අවසානය වේදනාකාරි බිහිසුනු අවසානයක්. චිත්‍රපටය පුරාම හදවත වේදනාවෙන් රිද්ද්වන සිදුවීම් බොහෝමයි.එක් තැනක ලැනාගේ හිටපු ප්‍රේමවන්තයා සහ ඔහුගේ මිතුරා බ්‍රැන්ඩන්ගේ ලිංගිකත්වය ප්‍රශ්න කරනවා.

“උබ ගෑනියෙක්ද පිරිමියෙක්ද උබ මොකෙක්ද ”

ඉන් පස්සේ බ්‍රැන්ඩන්ගේ ඇදුම් ගලවාා නිරුවත්කර දමනවා.ඉතිං ඉන් පස්සෙ බ්‍රැන්ඩන්ට දෙන්න තියන උතරය මොකක්ද ?

කොයි තරම් හද කකියවන දේවල් ඇතුලේ උනත් සුන්දර දේවල් ගලාගන යනවා.චිත්‍රපටයක දැක්ක තාත්විකම ලිංගික දර්ශනය තියෙන්නේ මේ චිත්‍රපටයේ වෙන්න ඕනී.(නිරුවත් දර්ශන ඉතාම අඩුවෙන් තියෙන්නේ)ගං ඉවුරක සිද්ද වෙන බ්‍රැන්ඩන්ගේ සහ ලැනාගේ සිපවැලදගැනීම් ඇතුලේ ලැනාගේ මුහුනෙන් පේන ඒ තෘප්තිකර හැඟීම අතිශයින්ම තාත්විකයි. ඒඒ දර්ශනය ඉතාම සිනමාරූපියි . ඒ විශිෂ්ටත්වය නිසාම මේ චිත්‍රපටය  සම්මාන ගනනාවක්ම දිනාගන්නවා.

පිරිමියෙකුගේ වෙස්ගෙන  සටන් වැදි ගලගොඩ කුමරියට ප්‍රීතී ගෝෂා නැඟූ මිනිස්  සමාජය ශතවර්ෂ ගනනාවකට පසුවත් පිරිමි ශරීර ඇතුලේ ඇති ගැහැනු හිත්වලටත් ගැහැනු ශරීර ඇතුලේ ඇති පිරිමි හිත් වලටත් ඒ මනුස්ස හැඟීම්වලටත් වෛර කරනවා.ඔවුන් වෙත ආදරය කරන්නට තාමත් බහුතර මිනිස් සමාජය සුදානම් නෑ.සිියලූම සංක්‍රාන්තික ලිංගිකයන්ගේ මානව හැඟීම්වලට මා ආදරය කරන අතර ලෝකයේ කොහේ හෝ ඔවුන්ගේ අන්න්‍යතාවය වෙනුවෙන් කරෙන අරගලවට කොන්දේසි විරහිතව සහය  දෙමි .

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s