බාබරා….
බාබරා විශ්‍රාම යන්නට ආසන්නයේ සිටින වියපත් ගුරුවරියක්. කිසිදු මිත්‍ර සමාගමක් නැති මේ වියපත් ගැහැනිය අතීතයේ අඳුරු රහස් සඟවාගන සිටින්නේ ඇයගේ දිනපොත් තුල.තමන්ගේ හුදකලාවට උමතුවෙන් ප්‍රේමය සොයන මේ ගැහැනියගේ එකම අභිප්‍රාය කෙසේ හෝ එය අත්පත් කරගැනීම. ඇයගේ අලුත්ම ගොදුර සීබා…
ස්ටීවන් …..
යෞවනත්වයේ පිටාර ගලන ආශාවෙන් ඔත්පොළ වූ පහලොස්හැවිරිදි මේ යෞවනයා තම රූමත් ගුරුවරිය සමඟ යහන්ගතවීමට උමතු ආශාවෙන් පෙලෙන්නෙක්.
සීබා…..
අසරණ සීබා. මේ සියල්ලටම මැදි වූ ඇය පාසලට පැමිනෙන අලුත් ගුරුවරිය. සමාන්‍ය පවුල් ජීවිතයක් ගෙවන ඇය දෙදරු මවක්.ස්ටීවන්ගේ යෞවන මදයටත් බාබරාගේ උමතු දෑත් වලටත් හසුවන ඇය වැටෙන්නේ යලිත් ගොඩ ඒමට නොහැකි අඳුරු ආගාධයකට.
Notes on a Scandal මේ ඔවුන්ගේ කතාව. ආදරයේ, වෛරයේ, ආශාවේ කතාව..
ආදී කාලින දඩයම් වානරයාගේ තම ප්‍රජාව තුල සිදුවූ ගැටුම් විශේෂයෙන්ම ලිංගිකත්වයට සිදු වූ සටන් වළකාලීමය යම් පිළිතුරක් අවශ්‍ය විය. උත්තරය වූයේ යුගල බැම්මක් ඇති වීමයි. පිරිමි වානරයා දඩයමේ ගිය අතර ගැහැනු වානරයා විශ්වාසය රකිමින් දරුවන් බලා ගනිමින් ගෙදර රැඳෙන්නට විය. නමුත් මෙය පරිපූර්ණ පිළිතුරක් වූයේ නැත. අවුරුදු දසදහස් ගනන් ගතවී ඇතත් තාමත් අපට මුල් කාලින වානර ගති ලක්ෂණ මකා දමන්නට නොහැකිය. කොතරම් දේවල් තිබුනත් ගැහැනුන් මිනිසුන් ආදරයෙන් ආශාවෙන් සෑහිමකට පත් නොවෙති…..
අනූ