Johnny lever බොලිවුඩයේ ඉන්න අති දක්ෂ කොමිඩීයන් කෙනෙක්. සම්මානනීය මේ රංගන ශිල්පියා බොලිවුඩයට ආවේ මල් යහනාවක් මතින් නොවේ. අතිශය දුෂ්කර ළමා අවදියකට උරුමකම් කී අපේ කතා නායකයාට කොමිඩීයන් කෙනෙක් වීමේ බීජයන් ඔහුගේ ජීවීතයේ පැල උනේ ඔහුගේ මේ දුෂ්කර කාල සීමාවේ.
ඔහුගේ නිවස එක වැස්සකට පවා හැම තැනකින්ම තෙමෙන්නට පටන් ගත්තා. වහිනකොට ඔහුගේ නිවසේ වහලයේ තැන් තැන් වලින් වතුර බිංදු වැටෙන්න පටන් ගන්නවා. ඔහුට පුරුද්දක් තිබුනලු මේ වැටෙන වැහි බිංදු අල්ලගන්න. ගෙදර හැම තැනකින්ම මේ විදිහට වතුර බිංදු වැටෙනකොට ජොනී ඒවා අල්ලන්න ගත්ත උත්සහය ඔහුගේ ඒ අභිනය බලා සිටින්නෙකුගේ මුවට සිනා නැංවීමට සමත් වෙච්ච දෙයක්.ජොනී පවසනවා ඔහූගේ හාස්‍ය රංගනයේ මූලික අඩිතාලම වැටුනේ එතනින් කියලා. ආර්ථික අපහසුකම් හින්දම අධ්‍යාපනය අතහැරපු අපේ විශිෂ්ටයා විවිධාකාරයේ රැකියාවල්වල නිරත වුනා. සිංදු කියමින් නලුවන් අනුකරණය කරමින් ඔහුගේ මෙ අපූරු අභිනවයන් පාමින් සිටි ජෝනීට සිනමාවේ දොරටු විවර වෙන්නේ ඒ විදිහට.
හැම මිනිහෙක්ටම ජීවීතයේ දුෂ්කර කාලයන් මුනගැහෙනවා. බහුතරයක් මේ කාල සීමාවන්වලදී දියවෙලා යනවා. එහෙත් අල්පයක් ජිවීතයේ සියලු දුෂ්කරතා හමුවේ නොනැසී ජීවත් වෙනවා. ඒ අල්පය තමයි ලෝකය වෙනස් කරන්නේ…..