නෝරා- මට දැන් 43යි
මැක්ස්- මට 27යි
ප්‍රේමයනම් රාගයෙන් තොර සඳ එලිය වගේ කිව්වට එහෙම ආදර කතා ලෝකේ නැති තරම්. ප්‍රේමය කියන්නෙම ලිංගිකත්වයයි ආදරයයි එකතු වෙච්ච තැනකට. මිනිස්සුන්ට ආදරයයි රාගයයි දෙකම ඕනී. එහෙම නැතිවුනොත් වෙන්නේ මිනිස්සුන්ට වඳවෙලා යන්න.
නෝරා අවුරුදු 43ක වැන්දඹුවක්. මැක්ස් අවුරුදු 27 ක වැන්දඹු පිරිමියෙක්. එක් රාත්‍රිය ක දෙන්නගේ උනුසුමෙන් පටන් ගන්න ආදරය ගලාගන යන්නේ විවිධාකාර හැල හැප්පීම් මැද්දෙන්.
වයිට් පැලස් ලිංගිකත්වය ආදරය වගේම පාංතිකයන් පිලිබඳව විවරණයක්. නෝරා වේටර් වරියක්. මැක්ස් ඉහල පෙලෙ රැකියාවක් කරන්නෙක්.
Susan Sarandon මං කැමතිම නිලියක්. ඇකඩමි සම්මානලාභී ඇය විශිෂ්ටම නිලියක්.
වයිට් පැලස් ප්‍රේමයත් රාගයත් සඳ එලියෙන් නැහැවූ ආදර කතාවක්….
අනූ බන්ඩාර