
City Lights -1931
සිගරට්ටුවක් දල්වගන මං හිටියේ අට වෙනි තට්ටුවේ කාමරයක ජනේලයක් අයිනේ. ජනේලයෙන් එහා පෙනෙන්නේ මහා විශාල නගරයක්. හැම තැනම විදුලි එලි. පාරවල්වල වාහන එලි දල්වගන එකා පිටිපස්සේ එකා වේගයෙන් යනවා. ඈතින් පේන හැම ගොඩනැගිල්ලකම විදුලි එලි දැල්වෙනවා. රෑ උනාට ඇඳුරක් නැති තරම්.දස දහස් ගනන් දැල්වෙන විදුලි එලි දිහා බලාගන මං කල්පනා කෙරේ මේ විශාල නගරයේ දස දහස් ගනන් විදුලි එලි මැද්දේ ඉන්න ලක්ෂ ගානක් මිනිස්සුන්ගේ ජීවීත මොන වගේ ඇතිද කියලා. මේ මිනිස්සු ජීවීතේ විඳිනවද නැත්තම් විඳවනවද?
චැප්ලින් එහෙම නගරයක තවත් එක් පීඩිතයෙක්. ඒත් ප්‍රේමණීය හදවතක අයිතිකාරයෙක්. මේ ප්‍රේමණීය රස්තියාදුකාරයාගේ ආදරවන්තිය දෑස් නොපෙනෙන තවත් එක් පීඩිත තරුණියක්. සිටි ලියිට්ස් ඒ පීඩිතයන්ගේ ආදර කතාව.
සිටි ලයිට්ස් කියන්නේ මෙච්චර කාලෙකට බලපු ලස්සනම ආදර කතාව. කලු සුදුයි විතරක් උනාට ඒක තනිකරම ලෝකේ තියන ලස්සනම වර්ණ එකතු කරලා හදපු එකක්. එකම දෙබසක්වත් නැති උනාට වචන මිලියන ගානකින්වත් කියන්න බැරි ආදර කතාවක්.
හැමදාම වගේ චැප්ලින්ගේ චිත්‍රපටවලට හිනාවෙන්න බෑ අඬනවා. ..
අනූ බන්ඩාර