පික්චර් නොස්ටැලිජියා
(කිව්ව විදිහට ඔන්න වැඩේ පටන් ගන්න යන්න. මුලින්ම පනහ දශකයේ චිත්රපට අතපත ගාන්න තමයි මේ ලැහැස්ති වෙන්නේ. අද මුල්ම චිත්රපට )
The Asphalt Jungle- 1950
සොරකමෙහි මනා නිපුනත්වයකින් හෙබි ඩොක් අව්රුදු හතක බන්ධනාගාර නිවාඩුව ගතකොට යලිත් සමාජගතවෙන්නේ තවත් සූක්ෂම සැලැස්මක් හිස මත තබාගන. මේ අතර එම්රිච් නැමැති නිතීඥයා සිටින්නේ කරවටක් ණයකන්දරාවක ගිලෙමින්. එම්රිච් ව කෙසේ හෝ හමුවෙන ඩොක් සේප්පු ඇරීමේලා අති දක්ෂ ලුයී , ගzස් සහ ඩික්ස් එකතුව අර අඳින්නේ නගරයේ ඇති බැංකුව බිඳ එහි ඇති ඩොලර් මිලියන භාගයකට අධික ස්වර්ණාභරණ සොරකම් කිරීමට. නමුත් නිතීඥයන්ගේ හුරු සුපුරුදු සටකපටිකම් මැද්දේ සියල්ලටම ගමන් ජරන්නට සිදු වන්නේ අන්තරාදායක අඩවියකට…
පනහ දශකය පටන් ගත්තේ ලෝක සිනමාවෙ නැවුම් තාරකා එළි දල්වමින්. නිර්මාණකරුවන් නොයෙකුත් අන්දමේ සිනමා ශානරයන් අත්හදා බලමින් විශිෂ්ට නිර්මාණ බිහිකරන්නට පටන් ගත්තා.
1949 මේ නමින්ම W.R බර්නෙට් ගේ නවකතානුසාරව ජෝන්ට් හුස්ටන් විසින් අධ්යක්ෂණය කරන්නට යෙදුනු මේ චිත්රපටය පනහ දශකයේ මතු නොව මේ මොහත දක්වාම බිහිවුන විශිෂ්ට චිත්රපටයක් බව අවිවාදිතය. ඇකඩමි සම්මාන උළෙලේ සම්මාන ගනනාවක් සඳහා යෝජනා වෙන්නට මේ චිත්රපටයට හැකි උනා.
තවත් ඔබව උන්මාද කරන්නට මැරලින් මොන්රෝට හැකිවේවි. සිනමා ලෝකයේ කතාබහට ලක්වෙන අන්දමේ චරිතයක් මොන්රො රඟපාන්නට යෙදුනු පළමු සලරුව මෙයයි.
එසේනම් මිත්රවරුනි ඊලඟ පික්චර් නොස්ටැලිජියාවෙන් හමුවෙමු..
Directed by
John Huston
Starring
Sterling Hayden
Louis Calhern
Jean Hagen
James Whitmore
Sam Jaffe
John McIntire
Marilyn Monroe
Rotten Tomatoes -97%
IMDb -7.