ලෝකය පිරී තිබෙන්නේ විවිධාකාරයේ මිනිස්සුන්ගෙන්.මේ අතර සිටින්නට පුලුවන් අප මෙතෙක් ගොඩ නඟා ගත් සියලු දේවල් අපෙන් සොරකම් කරනා මිනිසුන්. කාවෙකු පොතක් සෙමින් සෙමින් කා දමන්නා සේ අපේ අනන්‍යතාව සොරකම් කරනා සොරුන්. මේ අබුද්දස්ස කාලයේ මේ අනන්‍යතා සොරකම් අපි නිතර දෙවෙලේ දකිමින් සිටින්නෙමු.පරණ ගායකයන්ගේ දැැවන්ත සෙවැනැළි මත්තෙන් මතුවෙන සුපිරි තරු ගායකයන් ඒ සෙවනැළි බොඳ කරමින් සිටිති.රංගන වේදින්ටද එසේමය. ඔබ මම අප සියලු දෙනා නියෝජනය කරන සියලු වෘත්තීන්ට මෙය අදාලය.
ඉහත පොතේ ගුරු පූර්විකාව ලියන්නට යෙදුනේ හොලිවුඩයෙන් බිහිව ලෝක සිනමාවේ දිදුලන අග්‍රගන්‍ය සිනමා කෘතියක් ඔබ හමුවෙ තැබීමටයි. 1946 මැරි ඕ හට ඇයගේ මිතුරු නිලියක් ඇගේ පුද්ගලික ලේකම් වරියක් ගැන කියූ කතාවක් අසා සිටි මැරි ඕ The Wisdom Of Eve කෙටි කතාව රචනා කලා. 1949 රේඩියෝ නාට්‍යක් බවට පත් වූ මෙ කෙටි කතාව මැරිි විසින් 20th century studios ඩොලර් 5000 කට විකුනා දැමුවා. ඉන් අනතුරවයි All About Eve සිනමා කෘතිය නිර්මාණය වූයේ.
බ්‍රෝඩ්වේ හි අතිශය ජනප්‍රිය වේදිකා නාට්‍ය නිලි මාර්ගෝ චැනින්ග් සිටින්නේ මැදි වයස කරා පියමනිමින්. රූබර ,ජනප්‍රිය මාර්ගෝ ගේ සිත නිරන්තර පීඩා විඳිමින් සිටින්නේ ඇයගේ වයසත් සමග ඇයගේ අනාගත වෘත්තීය කොයි පාරක ගමන් කරනු ඇතිදැයි කියා.මේ අතර අතර අහම්බයකින් වාගේ මාර්ගෝ හමුවෙන ඇයගේ දැඩි රසිකාවියක් සේ පෙනෙන ඊව් හැරින්ංග්ටන් නිසා සියල්ලකගේම ජීවිත පිටපත් අලුතින් ලියවෙන්නට පටන් ගන්නවා.ගැහුනු සිත්වල ලියා ඇති පුංචි පුංචි ඊර්ෂ්‍යාවන් මාර්ගෝගෙ සිතේ දලුලන අතර ඒ ගැහුනු සිත්ම අරක්ගත් නපුරු මයාකාරි සිතුවිලි පුරවා ගත් ඊව් ගේ දිය සුළිය මැද්දට ඇඩිසන්,කැරන්,බිල් සහ ප්‍රේක්ෂක අපටත් ගසාගන යන්නට සිදුවෙනවා .
ඔස්කාර් සම්මන 14කට නාම යෝජනා වූ මේ සලරුව ඉන් 6ක් දිනා ගත්තා. තවත් සුවිශේෂිම කාරණය නම් ඔස්කාර් ඉතිහාසයේ කාන්තා නියෝජන 4ක් නාම යෝජනා වූ එකම සලරුව මෙයයි. එයිනුත් මාර්ගෝ ලෙසින්සු විශිෂ්ට රංගනයක යෙදුනු බෙටි ඩේවිස් හට සම්මානයක් එම අවුරුද්දේ නොලැබි යාම අවසනාවක්. බෙටි ඩේවිස් නම නොදන්නා කෙනෙකුට පැවසිය යුත්තේ හොලිවුඩය එදා මෙදා තුර බිහිකල ශ්‍රේෂ්ටතම රංගන පෞරුෂයක් බවයි. ඇයත් ඇයගේ සිගරට්ටුවත් හොලිවුඩයේ වෙනස්ම ආකාරයේ සලකුනක් ලකුනු කොට තැබුවා.විවාහයින් හතරක් පසුකොට ගිය බෙටී ඩේවිස් මේ චිත්‍රපටයේ ඇයගේ පෙම්වතා ලෙසින් නිරූපනයේ යෙදෙෙන ගැරී මෙරිල් සමගින් සැබෑවට පෙමින් බැඳ විවාහ උනා.
All About Eve -1950
Directed by Joseph L Mankiewicz
Starring -Bette Davis , Ann Baxter , George Sanders , Celeste Holm
IMDb-8.2
Rotten tomatoes -99%