
◦ ඇමරිකාවේ නැගෙනහිර පළාතේ කාන්තාර සීමාවේ පිහිටි කුඩා නගරයක් වන කලු කන්දේ කොච්චි ස්ටේෂමේ අවුරුදු හතරකට පස්සේ දුම්රියක් නවත්තනවා . අවුරුදු හතරකට පස්සේ කෝච්චියක් නවත්තන එක ඒ පුංචි නගරයේ අල්ප ජනගහනයට විශාල ප්‍රශ්නයක්. හැමෝම තමතමන්ගේ වැඩ පැත්තකට දාලා කෝච්චිය දිහා බලන් හිටියා. ඇත්තම කිව්වොත් කලු කන්දේ මිනිස්සුන්ට කරන්නයි කියලා මහා ලොකු වැඩක් තිබ්බේ නෑ. මුලු නගරයටම තිබ්බේ කෝච්චි ස්ටේෂමක්, පුංචි හෝටලයක්, ගරාජයක් සහ පොලිස් ස්තානයක්. එක පිම්මට ඇදිච්ච කෝච්චි පාරේ තනි රකින්න හිටියේ වටේම තිබ්බ ගල් කඳු යාය විතරයි.
අර නවත්තපු කෝච්චියෙන් සූට්කේසයකුත් අතට අරන් හොඳට ඇඳ පැළඳ ගත්ත මහත්මයෙක් බිමට බැස්සා. ඒ මහත්තයට තිබ්බේ එක අතයි. ඉතුරු අතේ තනියට වගේ අර සූට්කේසය රඳවගන හිටියේ. කලු කන්දට ආපූ මේ අමුත්තා දිහා හැමෝම බැලුවේ සැක සංකා ඔලුවේ තියාගන. මොකද මේ ගල් කඳු වටකරගන ඉර රශ්මියෙන් බැටකන පුංචි නගරය විශාල රහසක් හංගගන හිටියේ……
ප්‍රධාන රංග භූමිකාවට පන පොවන ස්පෙන්සර් ට්‍රැසි හොලිවුඩ් සිනමාවේ ස්වර්ණමය අවධියේ බිහිවුන ශ්‍රේෂ්ඨතම නලුවෙකු ලෙසයි අදටත් පිලිගැනෙන්නේ . ට්‍රැසී ප්රකටව සිටින්නේ ස්වභාවික රංගන වින්යාසයයේ සුපිරිතමයෙකු ලෙසයි. මේ චිත්‍රපටයට අධ්‍යක්ෂක ජෝන් ස්ටැජස් ට්රැසීව යෝජනා කරන කාල සීමාවේ ට්‍රැසි ඔහුගේ රංගන ජීවිතයෙ මෙන්ම මධුලෝලිත්වයේ උපරීමයට ලඟා වී සිටියා. කෙසේ හෝ අවසානයේ ට්‍රැසී ප්‍රධාන භූමිකාවට පන පොවන්නට අවකාශය ලබා ගත්තා.
අධ්‍යක්ෂක ජෝන් ස්ටැජස්ගේ සිනමාව සෑම විටම ප්‍රේක්ෂකයා කුතුහලය පිරුනු ලෝකයකට කැඳවාගන ගියා. The Great Escape නරඹා ඇති ඇත්තෙකුට ඔහුගේ සිනමාව අමුතුවෙන විස්තර කිරීමට වුවමනා දෙයක් නොවේ.
( black rock යන්න කලු කන්ද ලෙසින් මෙහි අකුරුකොට ඇත)
Bad Day at Black Rock-1955
IMDb -7.7
Rotten tomatoes- 97%
Directed by
Starring