ප්‍රේමයේ මායා දැලෙහි පැටලුනු කිසිවෙකුත් තව තවත් එහි පැටලි ගියා පමනක් නොව ජිවීතය පවා සුන් කරගත් හ. ප්‍රේමයේ උන්මාදයෙන් වෙලී ප්‍රේමවන්තයෝ කල කී දෑ ඉතිහාසයට එකතු වූයේ ඒ කතා ඇසූ මිනිසුන් ගේ ඇස් බොඳ කරමින්. ආදරයේ නාමයෙන් අප කොතෙකුත් දේවල් කර ඇත් ද? අපි කොතරම් ආත්මාර්ථයේ ගිලී ඇත්ද ? කොතරම් ව්‍යසනයන්ට මුහුන දී ඇත් ද? ….
ජෝර්ජ් ඊස්ට්මන් යෞවනයා නගරය කරා අභිනිෂ්ක්‍රමණය කරන්නේ ඔහුගේ අසරණ දුප්පත් ජීවිතයට සුව පහසුවේ සලුපිළි පළඳා ගැනීමට. ඊස්ට්මන් තරුණයා ඔහුගේ ධනවත් මාමාගේ උදව් සොයා යන්නේ බලාපොරොත්තු ගොන්නක් හිස මත තබාගන. ධනවත් ව්‍යාපාරිකයාගේ සේවා ස්ථානයේ සුලු රැකියාවක් අරඹන අපේ කතා නායක යෞවනයා එහි උන් තරුණියක් සමඟ පෙමින් වෙලෙන්නේ ආදරයේ පමනක් නොව රාගයේ උනුසුමේ ඇති තරම් වෙලීමේ නොතින් ආශාවෙන්. ධනපතියන් හමුවේ තම ශ්‍රමය වගුරාලන ඇලිස් අපේ කතානායකයා සමඟ ප්‍රේමයේ උන්මාදයෙන් වෙලි දිවා රෑ එක්ව ගත කරනවා.
අහෝ පිරිමින්ගේ පාප කඳට වන්දි ගෙවන අසරණ ඇලිස් . ඇලිස් කුස ඊස්ට්මන් යෞවනයාගේ බීජයක් දලුලන විට ජෝර්ජ් ගේ හිලෑ නොමැති සිත ඇන්ජෙලා සමඟ ආදරයෙන් බැඳෙනවා. දිව්‍යංගනාවන් පවා අසරණ කරන රූ සපුවක් ඇති ඇන්ජෙලා අභිමුඛ ඕනෑම පිරිමි සිතක් උමතුවී ආදරයෙන් වෙලෙනවා. ඉතිං අසරණ ජෝර්ජ් ගැන කවර කතාද ?
අත් හැරීමත් අයිතිකරගැනීමත් අතරේ අතරමංවෙන ජෝර්ජ් කවරෙකු තෝරා ගනීද ? ප්‍රේමයේ ත්‍රිකෝණය ජෝර්ජ් කෙසේ සමච්ඡේදනය කර ගනීද ? අහෝ අසරණ දුප්පත් ඇලිස් .. ජෝර්ගේ ජීවයක් කුස තුල හොවාගන ඇය මොනවා කියා කරන්නද ? ධනවත් රූමත් ඇන්ජෙලා ට ජෝර්ජ් අයිතිකරදී කොහේ පලා යන්නද . සියල්ල ශෝඛාන්තයක් ද …….
1950 දශක ය සිනමා ඉතිහාසයේ අද්වීතියම පරිච්ඡේදයක් බව මෙහි ලියා තැබීම අතිශෝක්තියක් නොවේ. අදටත් සිනමාවට ප්‍රේම කරන්නන්ගේ සිනමා හදවත් ප්‍රේමයෙන් පුරවාලන සිනමා පට බොහෝමයක් පනහ දශකයේ රීදි තිරය මත දිදුලන්නට පටන් ගත් ඒවායි. ඉතිං ඔබ කලු සුදු යැයි කියා , ඒවා හරි වයසයි කියා හෝ නොබලා සිටීනම් සිනමාලෝලියනි ඔබට මඟ හැරෙන්නේ සිනමාවේ ස්වර්ණමය නිර්මාණ පදාසයකි.
ඇකඩමි සම්මානලාභි ජෝර්ජ් ස්ටීවන්ස් ගේ සිනමා ජිවීතයේ හිනිපෙත්තටම නැඟි A place in the sun නිර්මාණය කරන්නේ 1925 ලියවූ නවකතාවක් සහ නවසිය විසි හයේ වේදිකාගතවූ නාට්‍යක් ඇසුරු කොටගනයි. ප්‍රේමයේ තුංමංසලේ අතරමං වූ තරුණ ජෝර්ජ් ට පන පොවන්නේ Montgomery Clift . ක්ලිෆ්ට් හොලිවුඩයේ තමන්ටම ආවේනික වූ රංගන ප්‍රතිභාවක උරුමක්කාරියෙක්. අසරණ ඇලිස්ට පන පොවන්නේ සම්මානලාභි දශක හයක් පුරාම රීදි තිරය බැබලවූ Shelley Winters. ෂෙලි වින්ටර්ස් විසින් ඇලිස් නම් ග්‍රාම්‍ය තරුණියගේ චරිතය කොතරම් සාර්ථක ලෙස නිරූපනය කරනවා දැයි කිවහොත් එම වසරේ සම්මාන රාත්‍රීන් ගනනාවක ඇයගේ නාමට නින්නාද දෙනු ලැබුවා.
ඇන්ජෙලා ලෙසින් ජෝර්ජ් පමනක් නොව මිත්‍රවරුනි අපව පවා උන්මන්තකයන් බවට පත් කරන්නේ හොලිවුඩයේ සදාතනික තාරකාවක්. Elizabeth Taylor හොලිවුඩයේ බිහිවූ පුරාවෘත්තයක් ලෙසයි සැලකෙන්නේ . අහිංසක ලීලාවත් මුලු ශරීරයම කිළිපොලා යන සරාගි නෙත් යුගලකුත් හිමි එලිසබත් ටේලර් එදත් අදත් හෙටත් නොනිමි දැල්වෙන තාරකාවකි.
” ප්‍රේමයේ නාමයෙන් අප කොතරම් හඬා වැටී ඇත් ද? කොතරම් සිනාසී ඇත් ද? හෙටත් අප වැළපෙනු ඇත. සිනාසෙනු ඇත. ප්‍රේමය මේ කිසිවක් නොදැන ඔබ සහ මා අතර සැරිසරනු ඇත. ඉතිං සහෘදයිනි ප්‍රේමය ඇත්තේ ආත්මාර්ථයේ අයිස් වතුරේ ගිල්වා දමන්න්ට නොවේ. අයිස් වතුරේ ගිල්වා දැමු විට සියලු සොඳුරු සිතුවිලි ගල්ගැසී අයිස් වතුරේ මිහිදන් වනු ඇත”
Directed by
Starring
IMDb -7.8
Rotten Tomatoes- 77%
අනූ
