ඇත්තම ඇත්ත ආදර කතාවක්.

USA Charlie Chaplin
English born actor Charlie Chaplin brings a floral offering to actress Virgina Cherrill, who plays a blind girl, from a scene in the film “City Lights”, Jan. 5, 1931. The film was produced by Chaplin. (AP Photo)

City Lights -1931

සිගරට්ටුවක් දල්වගන මං හිටියේ අට වෙනි තට්ටුවේ කාමරයක ජනේලයක් අයිනේ. ජනේලයෙන් එහා පෙනෙන්නේ මහා විශාල නගරයක්. හැම තැනම විදුලි එලි. පාරවල්වල වාහන එලි දල්වගන එකා පිටිපස්සේ එකා වේගයෙන් යනවා. ඈතින් පේන හැම ගොඩනැගිල්ලකම විදුලි එලි දැල්වෙනවා. රෑ උනාට ඇඳුරක් නැති තරම්.දස දහස් ගනන් දැල්වෙන විදුලි එලි දිහා බලාගන මං කල්පනා කෙරේ මේ විශාල නගරයේ දස දහස් ගනන් විදුලි එලි මැද්දේ ඉන්න ලක්ෂ ගානක් මිනිස්සුන්ගේ ජීවීත මොන වගේ ඇතිද කියලා. මේ මිනිස්සු ජීවීතේ විඳිනවද නැත්තම් විඳවනවද?

චැප්ලින් එහෙම නගරයක තවත් එක් පීඩිතයෙක්. ඒත් ප්‍රේමණීය හදවතක අයිතිකාරයෙක්. මේ ප්‍රේමණීය රස්තියාදුකාරයාගේ ආදරවන්තිය දෑස් නොපෙනෙන තවත් එක් පීඩිත තරුණියක්. සිටි ලියිට්ස් ඒ පීඩිතයන්ගේ ආදර කතාව.

සිටි ලයිට්ස් කියන්නේ මෙච්චර කාලෙකට බලපු ලස්සනම ආදර කතාව. කලු සුදුයි විතරක් උනාට ඒක තනිකරම ලෝකේ තියන ලස්සනම වර්ණ එකතු කරලා හදපු එකක්. එකම දෙබසක්වත් නැති උනාට වචන මිලියන ගානකින්වත් කියන්න බැරි ආදර කතාවක්.

හැමදාම වගේ චැප්ලින්ගේ චිත්‍රපටවලට හිනාවෙන්න බෑ අඬනවා. ..

අනූ බන්ඩාර

රාගයෙන් තොර ප්‍රේමයක් නැත.

download

 

නෝරා- මට දැන් 43යි

මැක්ස්- මට 27යි

ප්‍රේමයනම් රාගයෙන් තොර සඳ එලිය වගේ කිව්වට එහෙම ආදර කතා ලෝකේ නැති තරම්. ප්‍රේමය කියන්නෙම ලිංගිකත්වයයි ආදරයයි එකතු වෙච්ච තැනකට. මිනිස්සුන්ට ආදරයයි රාගයයි දෙකම ඕනී. එහෙම නැතිවුනොත් වෙන්නේ මිනිස්සුන්ට වඳවෙලා යන්න.

නෝරා අවුරුදු 43ක වැන්දඹුවක්. මැක්ස් අවුරුදු 27 ක වැන්දඹු පිරිමියෙක්. එක් රාත්‍රිය ක දෙන්නගේ උනුසුමෙන් පටන් ගන්න ආදරය ගලාගන යන්නේ විවිධාකාර හැල හැප්පීම් මැද්දෙන්.

වයිට් පැලස් ලිංගිකත්වය ආදරය වගේම පාංතිකයන් පිලිබඳව විවරණයක්. නෝරා වේටර් වරියක්. මැක්ස් ඉහල පෙලෙ රැකියාවක් කරන්නෙක්.

Susan Sarandon මං කැමතිම නිලියක්. ඇකඩමි සම්මානලාභී ඇය විශිෂ්ටම නිලියක්.

වයිට් පැලස් ප්‍රේමයත් රාගයත් සඳ එලියෙන් නැහැවූ ආදර කතාවක්….

අනූ බන්ඩාර

තවත් එක් අසම්මතයේ ප්‍රේම චාරිකාවක්

p7945465_v_v8_aaI Am Love (Io sono l’amore) 2009

ජිවිතයේ මුන ගැහෙන සමහර දේවල් කොයි තරම් තදින් අල්ලගන්න හිතෙනවද කිව්වොත් දැඩිව අල්ලගන්න යනකොට මුහුන දෙන්න සිද්ද වෙන කිසිම දෙයක් ගැන අපි හිතන්නේ නැතුව යනවා. කොයි තරම් දේවල් කැපකරන්න සිද්ද උනත් මිනිස්සු ඒ දේවල් තදින් තුරුලු කරන් ඉන්න ආසයි.

ගැහැනියකට ජීවිතයේ දශක හතරක් විතර ගෙවලා දැන්මට පස්සේ මුන ගැහෙන කාලයේ නිදහසක් තනිකමත් එක්වර දැනෙන්නට පුලුවන්.සමහර විටක ළමයින් යෞවනයන් වී ඔවුන්ගේ කූඩූවලට පියාඹා ගොස් තිබෙන්නට පුලුවන්. සමහරවිටක ප්‍රේමය විවාහයත් සමඟ මියගොස් මතක බණද පවසා බොහෝ කල් වන්නට පුලුවන්.

එවන් ගැහැනියකගේ හදවත ආදරයත් පිරිමියෙකුගේ උනුසුම් දෙතොලක පහසත් ඉල්ලා හඬා වැටෙනවා වන්නට පුලුවන් .

එමා තම පුත්‍රයාගේ මිතුරා සමඟ පෙමින් බැඳෙනවා

.I Am Love ඉතාලියානූ රොමෑන්තික කතාව එවන් එමාලාගේ කතාව. කලාත්මක සිනමාවට සිත් ඇත්තෝ බලත්වා…..

දුෂ්කරයි කියා හැර යා යුතුද ජීවීතය

1534235906-Johnny1Johnny lever බොලිවුඩයේ ඉන්න අති දක්ෂ කොමිඩීයන් කෙනෙක්. සම්මානනීය මේ රංගන ශිල්පියා බොලිවුඩයට ආවේ මල් යහනාවක් මතින් නොවේ. අතිශය දුෂ්කර ළමා අවදියකට උරුමකම් කී අපේ කතා නායකයාට කොමිඩීයන් කෙනෙක් වීමේ බීජයන් ඔහුගේ ජීවීතයේ පැල උනේ ඔහුගේ මේ දුෂ්කර කාල සීමාවේ.

ඔහුගේ නිවස එක වැස්සකට පවා හැම තැනකින්ම තෙමෙන්නට පටන් ගත්තා. වහිනකොට ඔහුගේ නිවසේ වහලයේ තැන් තැන් වලින් වතුර බිංදු වැටෙන්න පටන් ගන්නවා. ඔහුට පුරුද්දක් තිබුනලු මේ වැටෙන වැහි බිංදු අල්ලගන්න. ගෙදර හැම තැනකින්ම මේ විදිහට වතුර බිංදු වැටෙනකොට ජොනී ඒවා අල්ලන්න ගත්ත උත්සහය ඔහුගේ ඒ අභිනය බලා සිටින්නෙකුගේ මුවට සිනා නැංවීමට සමත් වෙච්ච දෙයක්.ජොනී පවසනවා ඔහූගේ හාස්‍ය රංගනයේ මූලික අඩිතාලම වැටුනේ එතනින් කියලා. ආර්ථික අපහසුකම් හින්දම අධ්‍යාපනය අතහැරපු අපේ විශිෂ්ටයා විවිධාකාරයේ රැකියාවල්වල නිරත වුනා. සිංදු කියමින් නලුවන් අනුකරණය කරමින් ඔහුගේ මෙ අපූරු අභිනවයන් පාමින් සිටි ජෝනීට සිනමාවේ දොරටු විවර වෙන්නේ ඒ විදිහට.

හැම මිනිහෙක්ටම ජීවීතයේ දුෂ්කර කාලයන් මුනගැහෙනවා. බහුතරයක් මේ කාල සීමාවන්වලදී දියවෙලා යනවා. එහෙත් අල්පයක් ජිවීතයේ සියලු දුෂ්කරතා හමුවේ නොනැසී ජීවත් වෙනවා. ඒ අල්පය තමයි ලෝකය වෙනස් කරන්නේ…..

යෞවනයකුගේ ආශාවටත් ගැහැනියකගේ උමතු ප්‍රේමයටත් මැදි වූ බොළඳ ගැහැනියකගේ කතාවක්….

220px-Notes_on_a_Scandal

බාබරා….

බාබරා විශ්‍රාම යන්නට ආසන්නයේ සිටින වියපත් ගුරුවරියක්. කිසිදු මිත්‍ර සමාගමක් නැති මේ වියපත් ගැහැනිය අතීතයේ අඳුරු රහස් සඟවාගන සිටින්නේ ඇයගේ දිනපොත් තුල.තමන්ගේ හුදකලාවට උමතුවෙන් ප්‍රේමය සොයන මේ ගැහැනියගේ එකම අභිප්‍රාය කෙසේ හෝ එය අත්පත් කරගැනීම. ඇයගේ අලුත්ම ගොදුර සීබා…

ස්ටීවන් …..

යෞවනත්වයේ පිටාර ගලන ආශාවෙන් ඔත්පොළ වූ පහලොස්හැවිරිදි මේ යෞවනයා තම රූමත් ගුරුවරිය සමඟ යහන්ගතවීමට උමතු ආශාවෙන් පෙලෙන්නෙක්.

සීබා…..

අසරණ සීබා. මේ සියල්ලටම මැදි වූ ඇය පාසලට පැමිනෙන අලුත් ගුරුවරිය. සමාන්‍ය පවුල් ජීවිතයක් ගෙවන ඇය දෙදරු මවක්.ස්ටීවන්ගේ යෞවන මදයටත් බාබරාගේ උමතු දෑත් වලටත් හසුවන ඇය වැටෙන්නේ යලිත් ගොඩ ඒමට නොහැකි අඳුරු ආගාධයකට.

Notes on a Scandal මේ ඔවුන්ගේ කතාව. ආදරයේ, වෛරයේ, ආශාවේ කතාව..

ආදී කාලින දඩයම් වානරයාගේ තම ප්‍රජාව තුල සිදුවූ ගැටුම් විශේෂයෙන්ම ලිංගිකත්වයට සිදු වූ සටන් වළකාලීමය යම් පිළිතුරක් අවශ්‍ය විය. උත්තරය වූයේ යුගල බැම්මක් ඇති වීමයි. පිරිමි වානරයා දඩයමේ ගිය අතර ගැහැනු වානරයා විශ්වාසය රකිමින් දරුවන් බලා ගනිමින් ගෙදර රැඳෙන්නට විය. නමුත් මෙය පරිපූර්ණ පිළිතුරක් වූයේ නැත. අවුරුදු දසදහස් ගනන් ගතවී ඇතත් තාමත් අපට මුල් කාලින වානර ගති ලක්ෂණ මකා දමන්නට නොහැකිය. කොතරම් දේවල් තිබුනත් ගැහැනුන් මිනිසුන් ආදරයෙන් ආශාවෙන් සෑහිමකට පත් නොවෙති…..

අනූ

 

Kumbalangi Nights

images

චිත්‍රපටයක් බලන එක එක්තරා විදිහක ආත්මය රිද්දන වැඩක්. හදවත වේදනාවෙන් පුරවනවා. ඇස් වලින් ඒ වේදනාව පිටාර ගලනවා. සිගරට් එක පිට එක පුච්චලා දාන්න හිතෙනෙවා. සමහර චිත්‍රපට හින්දා දැනිච්ච කම්පනය සති ගානක් ඔලුවට වද දෙනවා. සමහර චිත්‍රපට අවසානයේ මුලදී දැනෙන සියලු වේදනාවන් සුන්නත්දූලි කරලා හදවත අලුත් බලාපොරොත්තු වලින් , ආදරයෙන් පුරවනවා.

Kumbalangi Nights ඒ වගේ චිත්‍රපටයක්. චිත්‍රපටය ඉවර වුනාට පස්සේ මං එලියට ගිහින් රෑ අහස දිහා බලාගන කල්පනා කෙරේ ජීවිතය ගැන. සජී ගැන. බොබී ගැන. සජී …කොයි තරම් දේවල් හිතේ හිරකරගන හිටපු මිනිහෙක්ද. උදේ ඉඳන් බීගන හිටියට හදවත හොඳ මිනිහෙක්. සජීට දොස්තරව බදාගන අඬන්න ඉඩ ඇරලා මං ගියා සිගරට්ටුවක් බොන්න. ඒකයි මං කලින්ම කිව්වේ සමහර චිත්‍රපට හදවත රිද්දනවා කියලා. මිනිස්සුන්ට ඕනී තමන්ගේ ජීවිතය වෙනස් කරගන්න. ඒත් ඒකට ආදරය ඕනී. Kumbalangi Nights අන්තිමට හදවතට තට්ටු කරලා කියන්නේ ඒක…

වෙලාවකට අපි හැමෝටම හිතෙනවා අපිට පිස්සු කියලා. හැමෝටම මොකක් හරි පිස්සුවක් තියනවා අඩු වැඩි විදිහට. ඒකයි ඒ තත්ත්වයන් වලින් මිදෙන්න මිනිස්සුන්ට ආදරය ඕනී. නොහිතපු අවසානයක් තියෙන Kumbalangi Nights ඔබේ හදවත ආදරයෙන් පුරවාවි….

මැරයෙකුගේ සිනමා ආගමනය

Jigarthanda_poster
Jigarthanda

පලවෙනි කතාව…

කාර්තික් තමන්ගේම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට දිවා රෑ සිහින දකින්නෙක්. ඔහුගේ නිෂ්පාදකයාට ඇවැසිවන්නේ ගැන්ග්ස්ටර් පන්නයේ චිත්‍රපටයක් නිර්මාණය කිරීමට.මෙතෙක් කල් නිර්මාණය නොකෙරූ කතාවක් නිර්මාණය කිරීමට කාර්තික් යනවා මැරයන් සොයා පාතාල ලෝකය වෙතට.කාර්තික්ට ඕනී මෙතෙක් කල් ප්‍රේක්ෂකයා නොඅසපු මැරයෙක්ගේ කතාවක් තිරය මත්තේ දිග හැරීමට.

මදුරෙයි නගරයේ ඇසෝල්ට් සේදු භයානක අපරාධකාරයෙක්. සේදු සහ ඔහුගේ මැර කන්ඩායම සිදුකල අපරාධ අතිශය බරපතළයි . මිනීමැරීම් මංකොල්ලකෑම් ගනන්කල නොහැකි තරම්. කාර්තික් සහ ඔහුගේ මිත්‍රයාගේ වෑයම සේදුට කෙසේ හෝ සේන්දු වීම. පලමු කඩයිම පැන්නූ පසු කාර්තික් සේදුගේ සහ ඔහුගේ කන්ඩායමේ තොරතුරු එකතු කරනවා ඔහුගේ නිර්මාණයට. නමුත් එක් මොහොතක සිද්ද වෙන්නේ නොසිතූ දෙයක් …..

දෙවෙනි කතාව….
ගැන්ග්ස්ටර් ශානරයේ චිත්‍රපට ඔබ නරඹා ඇතිබවට කිසිදු සැකයක් නෑ. මිනිමැරුම්, මංකොල්ලකෑම්, පලායෑම් , පවාදීම් , මැරයන් ඔවුන්ගේ ජීවිත …
නමුත් Jigarthanda මේ සියලු දේ අභිබවමින් චිත්‍රපටය වෙනත්ම මානයකට රැගෙන යනවා.

විශාල තරඟකාරිත්වයක් තිබෙන ඉන්දියානු සින්මා කර්මාන්තයේ කුළුඳුල් අධ්‍යක්ෂකවරයෙක්ට තම නිර්මාණය ‍රිදී තිරය මත්තේ දිගහරිනකන් තිබෙන ක්‍රියාදාමය ඉතාම දුෂ්කර එකක්. නිෂ්පාදකයගේ ඉඳන් නලු නිලියන්ගේ ඉඳන් මේ සියල්ලම එක අරමුණක් දිහාට ඇරගන යන එක අමාරු වගේම අවදානම් දෙයක්. නමුත් කොතෙකුත් දුෂ්කරතාවයන් තිබ්බත් නිර්මාණකාරයෙක්ට බෑ තමන්ගේ ඔලුවේ තියන නිර්මාණය එලියට නොදා ඉන්න.

කලාව කුමකටද ?
සිනමාව වගේ මිනිස්සුන්ගේ ජීවිතයට බලපෑම එල්ල කරන්න පුලුවන් කලාවකින් කුමක්ද විය යුත්තේ කියන කාරණයයට Jigarthanda චිත්‍රපටය ඉතා වැදගත් උත්තරයක් අප හමුවට ගේනවා. කලාව කුමකටද යනුවෙන් සංවාදයක් මීට කාලයකට කලින් ලෝකය පුරා හමාගන ගියා. සෝවියට් සාහිත්‍ය කඳවුර මේ ප්‍රශ්නයට ඉතාම දියුනු පිළිතුරක් සැපයුවා. ඔවුන්ගේ උත්තරය වුනේ කලාවෙන් විය යුත්තේ මිනිසා වඩාත් යහපත් දිශාවකට රැගෙන යෑම කියලා. තෝල්ස්තෝයි,ගෝර්කි, ආයිත්මාතව ඇතුලු විශාල නිර්මාණකරුවන් පිරිසක් ලෝකයක් වඩාත් යහපත් කිරීමට තමන්ගේ නිර්මාණවලින් මිනිස් සමාජයට උත්ප්‍රේරණය ගෙන ආවා. Jigarthanda අපට කියාදෙන්නෙ ඒ පිළිතුර. ඕනීම දරුණු හදවතකට උනත් කලාව ඉස්සරහදී තමන්ගේ මනුෂ්‍යත්වය විවර කරන්න සිද්ද වෙනවා .

තවත් පැත්තකින් චිත්‍රපටයේ කතාකරනවා නිර්මාණකරුවෙකුට තමන්ගේ නිර්මාණය වෙනුවෙන් කොයි තරම් කැපකිරීමක් කරන්න වෙනවද කියන කාරණය. එක් තැනෙක මෙහෙම දෙබසක් තියනවා.

” චිත්‍රපටය බලන මිනිස්සු හිනස්සවන්නනම් නිර්මාණකාරයාට අඬන්න සිද්දවෙනවා”

සේදුගේ චරිතයට පණපොවන බොබී සිම්හා විශිෂ්ට රංගනයක යෙදෙනවා. ගුරු සෝමසුන්දරම් කොතරම් අති විශිෂ්ට නලුවෙක්ද කියන වග ඔබට වැටහේවී මෙහි ඔහු කරන සුලු චරතයෙන් උනත්. ඔහු එතරම් විශිෂ්ට නලුවෙක්. මේ සියලු චරිත උලුප්පමින් කාර්තික් ලෙස සිද්ධාර්ත්ගේ අනඟි රංගනයක් ඔබට දැකගන්නට ලැබේවි……

සංක්‍රාන්තික ලිංගිකයන්ගේ ඛේදවාචකය

ජනකතා රටක  ඉහිහාසය එකතු කොට

boys dont cry - cinema quad movie poster (3).jpg
Original Cinema Quad Poster – Movie Film Posters

තැබූ ඉතා වටිනා පුස්තකාලයක් වගේ.කටින් කට පැවතගන ආවත් අතිශෝක්තිය දවටලා තිබුනත් ඒවා හිතලුවක් සේ සලකා කිසිසේහ්ම බැහැර කරන්නට නොහැකියි. හගුරන්කෙත සිට මහනුවරට දෙසට පැමිනෙන විට මුනගැසුනු ගලගොඩ වලව් පරම්පරාව අතීතයේ සිටි ඉතා සටන්කාමී පරපුරක්.ඉංග්‍රීසි යුගයේදි අභාවයට ගොස් ඇතැයි සැලකෙතත් තවමත් ඒ පරපුරේ කතා ඉතුරුව ඇත.

ගලගොඩ දිසාවේ තුන්වන මහදිසාවගේ වැඩිමහල් දරුවා දියනියකි.පිරිමියෙකු බඳු ආරෝහ පරිණාහ ශක්තිමත් දේහයකින් යුක්තවුවත් ඇය ඉතා රූමත්‍ ය. තරුන වයසට එලබුනු ඇය දොඩන්වල බන්ඩාර නැමැති ඇයගේ මස්සිනා සමඟ ප්‍රේමයෙන් වෙලුනාය . උන්මාද ප්‍රේම බැඳීමක වෙලී උන් මේ දෙදෙනාගේ ජිවිතවලට කනකොකා හැඩුවේ තුන්වැන්නෙක්ගේ ආගමනමයත් සමඟ.ගලගොඩ වලව්වට ආසන්නයේ තිබු  දංගමුවේ වලව්වේ බන්ඩාර නම් තරුනයා ගලගොඩ තරුනියට උමතුවෙන් ප්‍රේම කරන්නට උනා.නමුත් ඔහුගේ හරහට සිටියේ දොඩංවල   බන්ඩාර.කෙසේ හෝ ගලගොඩ කුමරිය තමන් සතු කරගන්නට ඕනෑ යැයි සිතූ දංගමුවේ බන්ඩාර දිනක්  මහමඟදී හමුවුනු දොඩන්වල සමඟ ද්වන්ධ සටනකට එලබුනා.දංගමුවේ බන්ඩාර ඉතා දක්ෂ කඩු ශිල්පියෙක්.ඉතා දරුනු සටනකට පසුව දංගමුවේ එල්ල කල කඩු පහරින් දොඩන්වල බන්ඩාර එතනම මැරී වැටුනා.කීප දිනක්ම තම ප්‍රේමවන්තයාගේ මරණයෙන් දුක් විදි ගලගොඩ කුමරිය එක්වරම අහුරුදහන් වූවා .තම දියනිය මියගොස් ඇතැයි සිතා ගලගොඩ දෙමව්පියෝ දාන මාන පිංකම් කොට තම තම සිත් සනසා ගත්තා.කාලයත් සමඟ මේ සිද්දිය අමතක වෙමින් තිනුනා.

THREE YEARS LATER

දිනක් උඩරට රජ මාලිගයට පැමිනි මලයාලියෙකු තමන් සමඟ සටනට එන ඔනෑම කෙනෙකු පරාද කරන්නට පුලුවන් බව පවසමින් අභියෝග කරන්නට වුනා.මේ මලයාලි කඩු ශිල්පියා කොළබ සිට ඕලන්ද සෙන්පතියන් ඇතුලු දක්ෂ සටන්කරුවන් කීපදෙනෙක්ම පරාද කරමින් තමයි උඩරට රජ මාලිගාවට පැමින සිටියේ.අවාසනාවට රජුගෙ කිසිවෙක් මේ මලයාලියා හමුවේ මරණය වැළඳගන්නට සුදානම් වූයේ නෑ.මේ වෙලාවේ කවුරුන් හෝ රජුට පවසා සිටියේ මේ මලයාලියා පරාද කරන්නට හැකි එකම ජගතා දංගමුවේ බන්ඩාර බවයි.රජ අනින් දිනයක් සහ වෙලාවක් වෙන්වුනා.අදාල දිනයේ රජුද රජුගේ අමාත්‍ය මන්ඩලය ඇතුලු විශාල පිරිසක් පැමින සිටියා මේ සටන නරබන්නට .නියමිත වෙලාවට සටන ආරම්බ උනු අතර ඉන් අනතුරුව එලබියේ ගිනිකෙලි සංදර්ශනයක් . ඉතාම දරුණු    සටනක් අවසානයේ මලයාලියා අහසට පැන එල්ල කල මාරක කඩු පහරින් දංගමුවේ එතනම මැරී වැටුනා.රජු ඇතුලු ජනතාව බලා සිටියේ  බයෙන් බිරාන්තව.නමුත් සිදු වූයේ කිසිවෙකුටත් සිතා ගත නොහැකි පුදුමාකාර සිද්දියක්.සටනින් ජය ලැබූ මලයාලියා තම රැවුල විසිකර දැමුවා.තම ජටාවද සටනට ඇඳ තිබූ ඇඳම් ආයිතම්ද ගලවා දැමුවා. ඔව් ඔබ නිවරදියි .ඒ සිටියේ ගලගොඩ කුමරිය. තම ප්‍රේමවන්තයා මැරූ පලිය ගන්නට ඇය පිරිමි වෙස් ගෙන පැමින සිටියා.රජුත් ජනතාවත් නොනවත්වාම ප්‍රිතී ගෝෂා නඟන්නට උනා.

ශතවර්ෂ ගනනාවක් පසුකරමින් ඇමරිකාවට …..

බ්‍රැන්ඩන් ටීනා උපන්නේ ඇමරිකාවේ ඒ 1972 දී.ගැහැනු ශරීරයකින් උපන්නත් බ්‍රැන්ඩන් ටීනා ගේ ශරීරය ඇතුලේ තිබුනේ පිරිමි සිතක්.පිරිමි අශාවල් ගොන්නක්. බ්‍රැන්ඩන් ලිංගික සංක්‍රාන්තිකයෙක් .මේ බ්‍රැන්ඩන්ගේ කතාව.

BOYS DONT CRY

පිරිමි ශරීර ඇතුලේ උපදින ගැහැනු හිත් ගැහැනු ශරීර ඇතුලේ උපදින පිරිමි හිත් තාමත් මේ ලෝකයට පෙනෙන්නේ බරපතළ වැරද්දක් විදිහට .උපතින්ම සිද්දවෙන හෝර්මෝන ක්‍රියාවලිය මේ  අහිංසක ජීවින්ගේ ජීවිත  වර්තමානයේ අපායක් බවට පත්වෙලා.බ්‍රැන්ඩන්ට තිබුනේ ගැහුනු ශරීරයක් වුනාට ඒ හිත හොයන්නේ ගැහිනියෙක්ගේ ආදරයක් .ඒ ආදරය හොය හොය ඉන්නකොට තමයි ලැනාව මුනගැහෙන්නේ.ඒත් ඒ ආදරය ලෝකයට පේන්න පටන් ගන්නෙ විකුර්තියක් විදිහට .ඒ ප්‍රේමයට එරෙහි වෙන්න එන්නෙත් තවත් තුන් වැන්නෙක් .ඒ ලැනාගේ කලින් ප්‍රේමවන්තයා.ඒ මැදිහත්වීම සිද්දවෙන්නේ අතිශය කෲර අතිශය දරුණු වවිදිහට.අවසානය වේදනාකාරි බිහිසුනු අවසානයක්. චිත්‍රපටය පුරාම හදවත වේදනාවෙන් රිද්ද්වන සිදුවීම් බොහෝමයි.එක් තැනක ලැනාගේ හිටපු ප්‍රේමවන්තයා සහ ඔහුගේ මිතුරා බ්‍රැන්ඩන්ගේ ලිංගිකත්වය ප්‍රශ්න කරනවා.

“උබ ගෑනියෙක්ද පිරිමියෙක්ද උබ මොකෙක්ද ”

ඉන් පස්සේ බ්‍රැන්ඩන්ගේ ඇදුම් ගලවාා නිරුවත්කර දමනවා.ඉතිං ඉන් පස්සෙ බ්‍රැන්ඩන්ට දෙන්න තියන උතරය මොකක්ද ?

කොයි තරම් හද කකියවන දේවල් ඇතුලේ උනත් සුන්දර දේවල් ගලාගන යනවා.චිත්‍රපටයක දැක්ක තාත්විකම ලිංගික දර්ශනය තියෙන්නේ මේ චිත්‍රපටයේ වෙන්න ඕනී.(නිරුවත් දර්ශන ඉතාම අඩුවෙන් තියෙන්නේ)ගං ඉවුරක සිද්ද වෙන බ්‍රැන්ඩන්ගේ සහ ලැනාගේ සිපවැලදගැනීම් ඇතුලේ ලැනාගේ මුහුනෙන් පේන ඒ තෘප්තිකර හැඟීම අතිශයින්ම තාත්විකයි. ඒඒ දර්ශනය ඉතාම සිනමාරූපියි . ඒ විශිෂ්ටත්වය නිසාම මේ චිත්‍රපටය  සම්මාන ගනනාවක්ම දිනාගන්නවා.

පිරිමියෙකුගේ වෙස්ගෙන  සටන් වැදි ගලගොඩ කුමරියට ප්‍රීතී ගෝෂා නැඟූ මිනිස්  සමාජය ශතවර්ෂ ගනනාවකට පසුවත් පිරිමි ශරීර ඇතුලේ ඇති ගැහැනු හිත්වලටත් ගැහැනු ශරීර ඇතුලේ ඇති පිරිමි හිත් වලටත් ඒ මනුස්ස හැඟීම්වලටත් වෛර කරනවා.ඔවුන් වෙත ආදරය කරන්නට තාමත් බහුතර මිනිස් සමාජය සුදානම් නෑ.සිියලූම සංක්‍රාන්තික ලිංගිකයන්ගේ මානව හැඟීම්වලට මා ආදරය කරන අතර ලෝකයේ කොහේ හෝ ඔවුන්ගේ අන්න්‍යතාවය වෙනුවෙන් කරෙන අරගලවට කොන්දේසි විරහිතව සහය  දෙමි .

බුදුන් සහ මිසිස් රොබින්සන්

31c7fbd1a216b6969851869d27f51819

නිවන යනු කුමක්ද ? . නිවෙන්නේ කෙසේද? නිවෙන්නටනම් ඔබ අත්හැරිය යුතුය . මන්ද සියල්ල අත්පත්කරගන්නට යන ගමන අතිශය දුෂ්කරය. ඉතිං ඔබට අත්හැරිය හැකිද? ඔබේ දෙමව්පියන්, ඔබේ දරුවන් , ඔබේ ප්‍රේමවන්තිය, ඔබේ ප්‍රේමවන්තයා, ඔබේ රැකියාව….නැත එය අතිශයින්ම දුෂ්කරය. අත්පත්කරගැනීමද දුෂ්කරය ඒවා අත්හැරීම ඊටත් වඩා දුෂ්කරය. අඩුම තරමේ අත්හැරීමට ඔබට අභ්‍යාස කල හැකිද,,ඔබට මේවායේ ඇලීම නතරකල හැකිද , නැත එය දුෂ්කරය. කිසිවක් නොමැතිවුවත් ඔබට ප්‍රේමයේ ඇලී සිටීම නතර කල නොහැකිය. සමහර විටක ප්‍රේමය අත්පත්කරගන්නට ‍යෑමෙන් අවසන ඔබට කිසිවක් මුන නොගැසෙනු ඇත. එහෙත් ඔබට ආදරය , අනුරාගය ඇවැසිය.

මිසිස් රොබින්සන් අසාර්ථක විවාහ දිවියක උරුමක්කාරියක්. බේබද්දියක්. තරුණ දියණියකගේ මවක්. බෙන්ජමින් ඇයගේ දියණියගේ වයසේම නාඹර තරුණයෙක්. මිසිස් රොබින්සන් ට අවශ්‍ය වන්නේ බෙන්ජමින් සමඟ යහන්ගත වීමට. ඇයට අවශ්‍ය එපමණයි. ඔහුගේ උනුසුමෙන් තෙත් වන්නට. මාසයක් පුරා සියලු රාත්‍රියන් වල සිදුවන්නේ මේ ගැහැනියගේත් තරුණයාගෙත් ශරීර උනුසුමෙන් තෙත් වීම පමණයි. නමුත් මිසිස් රොබින්සන් ගේ දියණියගේ ආගමනයත් සමඟ සියල්ල වෙනස් වෙනවා. රොබින්සන් ට ඇවැසි බෙන්ජමින් අත්පත් කරගැනීමට යි. බෙන්ජමින්ට ඇවැසි ඇයගේ දියණියයි. මේ අත්පත්කරගැනීමෙ යුද්ධය කොතනින් කෙලවර වේද? කව්රුන් ජයග්‍රහණය කරයිද?

මිසිස් රොබින්සන්ට කිව හැකිද සියල්ල අත්හැරිය ‍යුතු බව, බෙන්ජමින්ට කිව හැකිද? නමුත් කොතනක හෝ උත්තරයක් තිබිය යුතුය. කල යුත්තේ ඔබ ලඟ රැදෙන්නට ඇවැසි නැති කිසිවක් ඔබ බලහත්කාරයෙන් ඔබ ලඟ තියාගත යුතු නැත. හොඳම දේ ඒවා අත්හැර දැමීමයි. ඒවාට යන්නට ඉඩ හැරීමයි. ඔබෙන් ඈතට යන කිසිවෙක් ඔබ බලහත්කාරයෙන් ඔබ ලඟ තබා ගන්නට යෑමෙන් අවසන ඉතුරුවන්නේ දුකක් පමනයි. ඔබට මුනගැසෙන්නේ ඛේදවාචකයක් පමණයි. ඉතිං මිසිස් රොබින්සන් අත්හරින්න…….

The Graduate- 1967

Hello darkness, my old friend
I’ve come to talk with you again
Because a vision softly creeping
Left its seeds while I was sleeping
And the vision that was planted in my brain
Still remains
Within the sound of silence
In restless dreams I walked alone
Narrow streets of cobblestone
‘Neath the halo of a street lamp
I turned my collar to the cold and damp
When my eyes were stabbed by the flash of a neon light
That split the night
And touched the sound of silence
And in the naked light I saw
Ten thousand people, maybe more
People talking without speaking
People hearing without listening
People writing songs that voices never share
And no one dared
Disturb the sound of silence
“Fools, ” said I, “You do not know
Silence, like a cancer, grows
Hear my words that I might teach you
Take my arms that I might reach you”
But my words, like silent raindrops fell
And echoed in the wells, of silence
And the people bowed and prayed
To the neon god they made
And the sign flashed out its warning
In the words that it was forming
And the sign said, “The words of the prophets are written on the subway walls
And tenement halls”
And whispered in the sounds of silence

TWO MOTHERS

සමහර චිත්‍රපට තියනවා හරියට මූණ බලන කණ්නාඩි යක් වගේ. ඒවා දිහා බලන් ඉන්නකොට අපිට පේන්නෙ අපේ ජිවීතය. සමහර වෙලාවකට හිතෙන්නේ ඒ වීදුරු කණ්නාඩිය කෑලි කෑලි වලට බිඳලා දාන්න.ඒත් ඒ අපේ ජිවීතය. සමහර තැන් ආදරයෙන් වැළඳගන සමහර තැන්වල මහ හයියෙන් අඬා වැටෙන එක තමයි කරන්න තියන හොඳම දෙය.

මේ කතාව කොහම කියන්නද කියලා මට තේරෙන්නෙ නෑ. අම්මලා දෙන්නෙක් ගැන කියන්නද පුත්තු දෙන්නෙක් ගැන කියන්නද එහෙම නැත්තන් ප්‍රේමවන්තයෝ හතර දෙනෙක් ගැන කියන්නද..

කුඩා කාලයේ සිටම ඉතා ළබැඳි මිතුරියන් දෙදෙනෙක් මැදිවයසට ලඟා වෙමින් ඉන්නවා.මැදිවයස කියන්නෙම මහා යුද්ධයක් ඉවරවෙච්ච සංග්‍රාම භූමියක තියන මහ අමුතු හුදකලාවක් වගේ.හැමතැනකම මැරිලා වැටිලා තියෙන්නේ බලාපොරොත්තු සහ සිහින වෙන්නට පුලුවන්. එවැනි මොහොතක පුංචි හරි බලාපොරොත්තුවක් ඇති ඉස්සරහට ඇවිදගන යන්න.

මිතුරියෝ දෙන්නට ඉන්නෙ නව යෞවනත්වය කැරලි ගසන පුත්තු දෙදෙනෙක්. ප්‍රමාණාත්මක වෙනස ගුණාත්මක පිම්මක් පැනපු එක්තරා මොහොතක ඔවුන් හතරදෙනාගේ ජීවිත උඩුයටිකුරු වෙනවා. මිතුරියන් දෙදෙනා ඔවුනොවුන්ගේ පුත්‍රයන් සමඟ ප්‍රේමයෙන් වෙලෙනවා. ආලයෙන් සරාගයෙන් ඉදිරියට ඇදෙන ඔවුනොවුන්ගේ ප්‍රේම කතන්දරය කොතනින් කෙලවර වේද?….

පුංචි සන්දියේ ඉඳන් අම්මලත් එක්කම ජීවත් වෙච්ච යෞවනයෝ දෙන්නෙක්ට තමන්ගේ අම්මගේ වයසෙම ගැහැනියක් සමඟ ප්‍රේමයෙන් වෙලෙන්නට සිතීම අතිශයින්ම සංකීර්ණ මානසික තත්වයක්. ඒත් ප්‍රේමයේ හැටි එහෙමයි. ජීවිතේ හැටි එහෙමයි……

දස දහස් සැරයක් මුහුද දැකලා තිබුනත් මුහුදක් ලඟින් යන හැමවෙලාවකම අපිට මුහුද දිහා බලන්න හිතෙනවා. මුහුද කියන්නේ ඒ තරම් මිනිස් මනසට සමිප දෙයක්. හරියට මැජික් එකක් වගේ මුහුදට පුලුවන් ජීවිතයේ සියලු දුක් වේදනා එක් ක්ෂණයකින් අතුරුදහන් කරලා දාන්න. . ..

චිත්‍රපටය ආරම්භ වෙන්නෙත් අවසන් වෙන්නෙත් මුහුදත් එක්ක. මානව සම්බන්ධකම් මුහුදේ තියන අයිස් ග්ලැසියරයක් වගේ. ඈත සිට බලන්නෙකුට පෙනෙන්නේ ඉතාම කුඩා අංශුවක් පමණයි. නමුත් ගැඹුරට බැලුවොත් පේනේවි කොයි තරම් දේවල් සැඟවිලා තියනවද වග.61682871_2469485809752817_1178077793779449856_n