ප්‍රේමයේ මායා දැලෙහි පැටලි

ප්‍රේමයේ මායා දැලෙහි පැටලුනු කිසිවෙකුත් තව තවත් එහි පැටලි ගියා පමනක් නොව ජිවීතය පවා සුන් කරගත් හ. ප්‍රේමයේ උන්මාදයෙන් වෙලී ප්‍රේමවන්තයෝ කල කී දෑ ඉතිහාසයට එකතු වූයේ ඒ කතා ඇසූ මිනිසුන් ගේ ඇස් බොඳ කරමින්. ආදරයේ නාමයෙන් අප කොතෙකුත් දේවල් කර ඇත් ද? අපි කොතරම් ආත්මාර්ථයේ ගිලී ඇත්ද ? කොතරම් ව්‍යසනයන්ට මුහුන දී ඇත් ද? ….

ජෝර්ජ් ඊස්ට්මන් යෞවනයා නගරය කරා අභිනිෂ්ක්‍රමණය කරන්නේ ඔහුගේ අසරණ දුප්පත් ජීවිතයට සුව පහසුවේ සලුපිළි පළඳා ගැනීමට. ඊස්ට්මන් තරුණයා ඔහුගේ ධනවත් මාමාගේ උදව් සොයා යන්නේ බලාපොරොත්තු ගොන්නක් හිස මත තබාගන. ධනවත් ව්‍යාපාරිකයාගේ සේවා ස්ථානයේ සුලු රැකියාවක් අරඹන අපේ කතා නායක යෞවනයා එහි උන් තරුණියක් සමඟ පෙමින් වෙලෙන්නේ ආදරයේ පමනක් නොව රාගයේ උනුසුමේ ඇති තරම් වෙලීමේ නොතින් ආශාවෙන්. ධනපතියන් හමුවේ තම ශ්‍රමය වගුරාලන ඇලිස් අපේ කතානායකයා සමඟ ප්‍රේමයේ උන්මාදයෙන් වෙලි දිවා රෑ එක්ව ගත කරනවා.

අහෝ පිරිමින්ගේ පාප කඳට වන්දි ගෙවන අසරණ ඇලිස් . ඇලිස් කුස ඊස්ට්මන් ‍යෞවනයාගේ බීජයක් දලුලන විට ජෝර්ජ් ගේ හිලෑ නොමැති සිත ඇන්ජෙලා සමඟ ආදරයෙන් බැඳෙනවා. දිව්‍යංගනාවන් පවා අසරණ කරන රූ සපුවක් ඇති ඇන්ජෙලා අභිමුඛ ඕනෑම පිරිමි සිතක් උමතුවී ආදරයෙන් වෙලෙනවා. ඉතිං අසරණ ජෝර්ජ් ගැන කවර කතාද ?

අත් හැරීමත් අයිතිකරගැනීමත් අතරේ අතරමංවෙන ජෝර්ජ් කවරෙකු තෝරා ගනීද ? ප්‍රේමයේ ත්‍රිකෝණය ජෝර්ජ් කෙසේ සමච්ඡේදනය කර ගනීද ? අහෝ අසරණ දුප්පත් ඇලිස් .. ජෝර්ගේ ජීවයක් කුස තුල හොවාගන ඇය මොනවා කියා කරන්නද ? ධනවත් රූමත් ඇන්ජෙලා ට ජෝර්ජ් අයිතිකරදී කොහේ පලා යන්නද . සියල්ල ශෝඛාන්තයක් ද …….

1950 දශක ය සිනමා ඉතිහාසයේ අද්වීතියම පරිච්ඡේදයක් බව මෙහි ලියා තැබීම අතිශෝක්තියක් නොවේ. අදටත් සිනමාවට ප්‍රේම කරන්නන්ගේ සිනමා හදවත් ප්‍රේමයෙන් පුරවාලන සිනමා පට බොහෝමයක් පනහ දශකයේ රීදි තිරය මත දිදුලන්නට පටන් ගත් ඒවායි. ඉතිං ඔබ කලු සුදු යැයි කියා , ඒවා හරි වයසයි කියා හෝ නොබලා සිටීනම් සිනමාලෝලියනි ඔබට මඟ හැරෙන්නේ සිනමාවේ ස්වර්ණමය නිර්මාණ පදාසයකි.

ඇකඩමි සම්මානලාභි ජෝර්ජ් ස්ටීවන්ස් ගේ සිනමා ජිවීතයේ හිනිපෙත්තටම නැඟි A place in the sun නිර්මාණය කරන්නේ 1925 ලියවූ නවකතාවක් සහ නවසිය විසි හයේ වේදිකාගතවූ නාට්‍යක් ඇසුරු කොටගනයි. ප්‍රේමයේ තුංමංසලේ අතරමං වූ තරුණ ජෝර්ජ් ට පන පොවන්නේ Montgomery Clift . ක්ලිෆ්ට් හොලිවුඩයේ තමන්ටම ආවේනික වූ රංගන ප්‍රතිභාවක උරුමක්කාරියෙක්. අසරණ ඇලිස්ට පන පොවන්නේ සම්මානලාභි දශක හයක් පුරාම රීදි තිරය බැබලවූ Shelley Winters. ෂෙලි වින්ටර්ස් විසින් ඇලිස් නම් ග්‍රාම්‍ය තරුණියගේ චරිතය කොතරම් සාර්ථක ලෙස නිරූපනය කරනවා දැයි කිවහොත් එම වසරේ සම්මාන රාත්‍රීන් ගනනාවක ඇයගේ නාමට නින්නාද දෙනු ලැබුවා.

ඇන්ජෙලා ලෙසින් ජෝර්ජ් පමනක් නොව මිත්‍රවරුනි අපව පවා උන්මන්තකයන් බවට පත් කරන්නේ හොලිවුඩයේ සදාතනික තාරකාවක්. Elizabeth Taylor හොලිවුඩයේ බිහිවූ පුරාවෘත්තයක් ලෙසයි සැලකෙන්නේ . අහිංසක ලීලාවත් මුලු ශරීරයම කිළිපොලා යන සරාගි නෙත් යුගලකුත් හිමි එලිසබත් ටේලර් එදත් අදත් හෙටත් නොනිමි දැල්වෙන තාරකාවකි.

” ප්‍රේමයේ නාමයෙන් අප කොතරම් හඬා වැටී ඇත් ද? කොතරම් සිනාසී ඇත් ද? හෙටත් අප වැළපෙනු ඇත. සිනාසෙනු ඇත. ප්‍රේමය මේ කිසිවක් නොදැන ඔබ සහ මා අතර සැරිසරනු ඇත. ඉතිං සහෘදයිනි ප්‍රේමය ඇත්තේ ආත්මාර්ථයේ අයිස් වතුරේ ගිල්වා දමන්න්ට නොවේ. අයිස් වතුරේ ගිල්වා දැමු විට සියලු සොඳුරු සිතුවිලි ගල්ගැසී අයිස් වතුරේ මිහිදන් වනු ඇත”

Directed by

George Stevens

Starring

Montgomery Clift

Elizabeth Taylor

Shelley Winters

IMDb -7.8

Rotten Tomatoes- 77%

අනූ

img_8823

තවත් එක් අසම්මතයේ ප්‍රේම චාරිකාවක්

p7945465_v_v8_aaI Am Love (Io sono l’amore) 2009

ජිවිතයේ මුන ගැහෙන සමහර දේවල් කොයි තරම් තදින් අල්ලගන්න හිතෙනවද කිව්වොත් දැඩිව අල්ලගන්න යනකොට මුහුන දෙන්න සිද්ද වෙන කිසිම දෙයක් ගැන අපි හිතන්නේ නැතුව යනවා. කොයි තරම් දේවල් කැපකරන්න සිද්ද උනත් මිනිස්සු ඒ දේවල් තදින් තුරුලු කරන් ඉන්න ආසයි.

ගැහැනියකට ජීවිතයේ දශක හතරක් විතර ගෙවලා දැන්මට පස්සේ මුන ගැහෙන කාලයේ නිදහසක් තනිකමත් එක්වර දැනෙන්නට පුලුවන්.සමහර විටක ළමයින් යෞවනයන් වී ඔවුන්ගේ කූඩූවලට පියාඹා ගොස් තිබෙන්නට පුලුවන්. සමහරවිටක ප්‍රේමය විවාහයත් සමඟ මියගොස් මතක බණද පවසා බොහෝ කල් වන්නට පුලුවන්.

එවන් ගැහැනියකගේ හදවත ආදරයත් පිරිමියෙකුගේ උනුසුම් දෙතොලක පහසත් ඉල්ලා හඬා වැටෙනවා වන්නට පුලුවන් .

එමා තම පුත්‍රයාගේ මිතුරා සමඟ පෙමින් බැඳෙනවා

.I Am Love ඉතාලියානූ රොමෑන්තික කතාව එවන් එමාලාගේ කතාව. කලාත්මක සිනමාවට සිත් ඇත්තෝ බලත්වා…..

යෞවනයකුගේ ආශාවටත් ගැහැනියකගේ උමතු ප්‍රේමයටත් මැදි වූ බොළඳ ගැහැනියකගේ කතාවක්….

220px-Notes_on_a_Scandal

බාබරා….

බාබරා විශ්‍රාම යන්නට ආසන්නයේ සිටින වියපත් ගුරුවරියක්. කිසිදු මිත්‍ර සමාගමක් නැති මේ වියපත් ගැහැනිය අතීතයේ අඳුරු රහස් සඟවාගන සිටින්නේ ඇයගේ දිනපොත් තුල.තමන්ගේ හුදකලාවට උමතුවෙන් ප්‍රේමය සොයන මේ ගැහැනියගේ එකම අභිප්‍රාය කෙසේ හෝ එය අත්පත් කරගැනීම. ඇයගේ අලුත්ම ගොදුර සීබා…

ස්ටීවන් …..

යෞවනත්වයේ පිටාර ගලන ආශාවෙන් ඔත්පොළ වූ පහලොස්හැවිරිදි මේ යෞවනයා තම රූමත් ගුරුවරිය සමඟ යහන්ගතවීමට උමතු ආශාවෙන් පෙලෙන්නෙක්.

සීබා…..

අසරණ සීබා. මේ සියල්ලටම මැදි වූ ඇය පාසලට පැමිනෙන අලුත් ගුරුවරිය. සමාන්‍ය පවුල් ජීවිතයක් ගෙවන ඇය දෙදරු මවක්.ස්ටීවන්ගේ යෞවන මදයටත් බාබරාගේ උමතු දෑත් වලටත් හසුවන ඇය වැටෙන්නේ යලිත් ගොඩ ඒමට නොහැකි අඳුරු ආගාධයකට.

Notes on a Scandal මේ ඔවුන්ගේ කතාව. ආදරයේ, වෛරයේ, ආශාවේ කතාව..

ආදී කාලින දඩයම් වානරයාගේ තම ප්‍රජාව තුල සිදුවූ ගැටුම් විශේෂයෙන්ම ලිංගිකත්වයට සිදු වූ සටන් වළකාලීමය යම් පිළිතුරක් අවශ්‍ය විය. උත්තරය වූයේ යුගල බැම්මක් ඇති වීමයි. පිරිමි වානරයා දඩයමේ ගිය අතර ගැහැනු වානරයා විශ්වාසය රකිමින් දරුවන් බලා ගනිමින් ගෙදර රැඳෙන්නට විය. නමුත් මෙය පරිපූර්ණ පිළිතුරක් වූයේ නැත. අවුරුදු දසදහස් ගනන් ගතවී ඇතත් තාමත් අපට මුල් කාලින වානර ගති ලක්ෂණ මකා දමන්නට නොහැකිය. කොතරම් දේවල් තිබුනත් ගැහැනුන් මිනිසුන් ආදරයෙන් ආශාවෙන් සෑහිමකට පත් නොවෙති…..

අනූ

 

Dog Day Afternoon

සූක්ෂම බැකු මංකොල්ලයක්.විශාල මුදලක් ,පලා යෑමක් ,වෙඩි හුවමාරු ,ත්‍රාසජනක සටන් ජවනිකා , මෙවැනි සිනමාපට ඔබ කොතෙකුත් බලන්නට ඇති. මේකත් එහෙම කතාවක්ද ? නෑ බැංකු මංකොල්ලයක් ඇතුලේ මනුෂ්‍යත්වය ඔබට කියා දෙන කතාවක් .සහෝදර ප්‍රේමය ඔබට කියා දෙන කතාවක්.මිනිස් ජිවීත ගැන ගැබුරු කතාවක් ඔබට කියන කතාවක් .

සනී (Al pacino) සැල් (John Cazale) සහ ස්ටීව් බැකුවට කඩා වදින්නේ එය මං කොල්ල කෑමේ අරමුනෙන් .නමුත් මුල් මොහොතේම ස්ටීව් ඉවත්ව යන්නේ සනී සහ සැල්ව විශාල අමාරුවකට වට්ටමින්. නමුත් සනී සහ සැල් තීරණය කරනවා වැඩේ දිගටම කරගන යෑමට . වැඩේ තවත් අවුලකට පත් වෙන්නේ  බැංකුවේම තියෙන්නේ ඩොලර් එක්දාස් ගනනක් පමනයි .මේ අතරතුර චෙක් පත් වගයක් සොයා ගන්නා සනී ඒවා පුලුස්සා දමනවා. විශාලම අත් වැරැද්ද එයයි .දුම නිසා සනී සහ සැල්ව කොටුවෙනවා. නමුත් ඔවුන් බැකුවේ සේවකයන් ප්‍රාණ ඇපයට තබා ගන්නවා. පොලීසිය ,FBI ,හමුදාව විශාල පිරිසක් බැංකුවෙන් එලියේ මේ මංකොල්ලය නවතන්නට බලා සිටිනවා.මුලුු දවසක් පුරාම බැංකුවෙන් එලියෙත් ඇතුලතත් සිදුවීම්  වලින් චිත්‍රපටය ගලාගන යනවා. සනී ඇයි බැංකුව  මංකොල්ල කන්නේ ? උත්තරය හොයා ගන්න චිත්‍රපටය බලන්න.

ඕනි දෙයක් බ්‍‍රේකින්ග් නිව්ස් වලින් පෙන්නලා තමන්ගේ චැනල් එක විකුනගන්න බලන් ඉන්න මාධ්‍ය කාරයොන්ට මේ බැංකු මංකොල්ලය නිධානයක් .හැම තත්පරේම ලයිව් හැම රූපවාහිනි නාලිකාකම විකාශනය වෙන්න පටන් ගන්නවා. මිනිස්සුන්ට  සනීව වීරයෙක් වෙන්න පටන් ගන්නවා . මිනිස්සුන්ට ඕනී මොනවා හරි දවස ගෙවා ගගන්න දෙයක් . ටී.වී චැනල් වලට ඕනී මොනවා හරි විකුනලා ලාබය වැඩි කරගන්න.මිනිස් ජීවීීත වලින් ඔවුන්ට වවටිනාකමක් නෑ.

සංක්‍රාන්තික ලිංගිකයෙකුට තමන්ගේ ලිංගිකත්වය පරිිපූර්ණත්වයට පත්කරගන්න එක ලේසි දෙයක් නෙවෙයි.ඒ සඳහා වෙන සැත්කම් වලට විශාල මුදලක් ගෙවන්නට සිදු වෙනවා. ඒක ලේසි දෙයක් නෙවෙයි. තව පැත්තකින් තරුන අසහනය ලෝකය පුරාම එලියට පිටවෙනවා. රැකියා ප්‍රශ්න ,ජීවත් වීමේ ප්‍රශ්න මේ හැම දේකින්ම පීඩා විඳිනවා .මේ ඒ තරුනයන්ගෙ කතාව ……..

dog-day-afternoon

BORN ON THE FOURTH OF JULY

“වියට්නාමයට බෝම්බ දැමීම නවතනු! යුද්ධය කියන්නේ අපරායක් ”

“උබ පාහර කොමියුනිස්ට්වාදියෙක් ”

“උතුරෙත්  මැරුණේ අපේම මිනිස්සු .යුද්ධයෙන් අපි හැමෝම පැරදුනා.”

‘උබ රටක් ජාතියක්  නැති අවජාතකයෙක් .උබලා බෝම්බ වලට අහුවෙන්නමයි තිබුනේ ”

පළමු දෙබස තියෙන්නෙ ‘BORN ON THE FOURTH OF JULY ‘ චිත්‍රපටයේ . වියට්නාම යුද්ධයෙන් සම්පූර්ණ අබාධිත තත්වෙට පත්වෙච්ච රොන් කොවික් ජනාධිපති නික්සන්ගේ ප්‍රචාරක රැළියක් අතර මැදට පැනලා කියන්නේ වියට්නාමයට බෝම්බ දැමීම නවත්තනු කියලා .නමුත් බහුතරයක් මිනිස්සුන්ට රොන් කොවික්ව පේන්නෙ පාහර කොමියුනිස්ට් වාදියෙක් විදිහට  ඊලඟ දෙබස පහුගිය කාලය පුරාමත් දැනටත් අපේ රටේ අපි අත්විඳිමින් ඉන්න තත්වය.

යුද්ධය කියන්නේ කොයි තරම් ඛේදවාචකයද කියලා දන්නේ යුද්ධයකට මැදිවෙච්ච මිනිස්සු.දේශපාලකයන්ගේ සිතියම්වලට මැදිවෙච්ච බහුතරයක් අන්ධයන් විසින් පවත්වගන යන යුද්ධය නිසා නැතිවෙන්නේ ලෝකේ කොහේ හරි අපේම මිනිස්සු . යෞවන උන්මාදයෙන්  කිපිච්ච රොන් කොවික්  රට ජාතිය ගැන මත්වෙමින් වියට්නාම යුද්ධයට සහභාගි වෙනවා.නමුත් යුද්ධය රොන් හිතපු තරම් යෞවනත්වය මුදා හරින්නට පුලුවන් තැනක් නෙවෙයි .මොලකැටි දරුවන් පවා රොන් කොවික් ඉස්සරහ මරා දැමෙනවා.රොන් ට අන්තිමට නවතින්නට සිද්ද වෙන්නේ රෝද පුටුවක.ඔහුගේ සියලු සිහින යුද්ධය විසින් උදුරා ගන්නවා.එහෙත් ඔහු තාමත් විශ්වාස කරන්නේ ඔහු රට වෙනුවෙන් කැපවුන විශිෂ්ට සෙබෙලෙක් විදිහට .ඒත් මිිනිස්සුන්ට ඔහු තවත් ආබාධිතයෙක් විතරයි. රොන් කොවික්ට සිද්ද වෙනවාකටුක යථාර්තය පිලිගන්න .යුද්ධය කියන්නේ එක්තරා සසුලු පිරිසකගේ ක්‍රිඩාවක් .ඒ ක්‍රිඩාව වෙනුවෙන් වන්දි ගෙවන්නට සිද්ද වෙන්නෙ සමාන්‍ය මිනිස්සුන්ට .එතැන් පටන් ඔහු අරගල කරන්නේ යුද්ධයට එරෙහිවයි .

Ronald Lawrence Ron Kovik නැමැති ඇමරිකානු යුධ විරෝධියා විසින් රචිත ඔහුගේ ජිවීත කතාව අලලා නිර්මානය වූ මේ චිත්‍රපටයේ රොන් කොවික්ට පන පොවන්නේ ටොම් කෲස් . ටොම් කෲස් ගේ රංගනය කොතරම් විශිෂ්ටදැයි කිවහොත් ඔබත් රෝද පුටුවක හිඳින්නෙකු සේ දැනේවි.

“යුද්ධය කියන්නේ අපරාධයක් ”

 

The Stoning Of Soraya M

ශාලාවේ අපි හිටියේ 25ක් 30ක් විතර.ජනෙල් වලට බ්ලැන්කට් දාලා පත්තර වලින් අලවලා කොහොමහරි අඳුරු කරගන තිබුනෙ .තිරයේ චිත්‍රපටිය දිගහැරෙන්න පටන් ගත්තා .තැන තැන කසු කුසු ඇහෙනවා. මුල් දර්ශනය පටන් ගන්නෙ ජනමාධ්‍යවේදියෙක් පරණ කාරයක නැඟී එක්තරා ගමක් වෙත පැමිනෙන දර්ශනයකින් .ඉන් පසු හමුවන කාන්තාවක් හා ඇතිවන සංවාදයක් සහ කාන්තාව පවසන අතීත සිද්ධි දාමයක් සමඟ සිනමාපටය ඉදිරියට ගලාගන යනවා.

මුල් විනාඩි කිහිපයේ නැඟුනු මුනු මුනු සිනමා පටය අවසානවන විට මහා ඉකිබිඳුම් බවට පත්වුනේ නිරායාසයෙන් ….සමහරෙකු අඬනවා,තවකෙක් සුසුම් හෙලනවා,සමහරුන් කිසිත් කරකියාගත නොහැකිව ඔහේ බලා සිටිනවා.ලෝක සිනමාවෙ බිහිවුන විශිෂ්ට සිනමා පටයක්.සම්මානවල නිර්දේශ වූ සම්මාන ලබාගත් චිත්‍රපටිය ක්.

THE STONING OF SORAYA M.

ඉරාණයේ ඈත ගමක සිදුවු සත්‍ය සිදුවීමක් තමයි මේ චිත්‍රපටයේ දිගහැරෙන්නෙ.ආගම සහ පුරුෂයන් හමුවේ ගැහැනුන් කොතරම් පීඩනයට පත්වනවාදැයි ඔබට පසක් වනු ඇත මෙය නැරඹූ පසු.සොරායාගේ ස්වාමි පුරුෂයා අලීට උවමනා වෙනවා ඇයව දික්කසාද කර තවත් විවාහයක් කර ගැනීමට (කුඩා කෙල්ලක්) .නමුත් සොරායා කැමති වෙන්නෙ නෑ. අලි කෙසෙ හෝ ගමෙ මුල්ලාවරයා සමඟ එකතු වී ඇයව බොරු වරදකට හසු කරනවා. වරද පරපුරුෂ සේවනය. අවසන කෙසේ හෝ අලි සහ පල්ලියේ මුල්ලා වරයා සමත් වෙනවා ඇය වැරදිකාරියක බවට ඔප්පු කිරීමට . මුල්ලාවරයාගෙ ප්‍රධානත්වයෙන් ඇරඹෙන නඩු විභාගයදී ඇයව ගල් ගසා මරා දමන්නට තීරණය කරනවා.

මින්පසු දිගහැරෙන්නෙ කෲරත්වය පිරුනු අතිශය පිළිකුල් සහගත සිදුවීම් පෙලක්. මීලඟ මිනිත්තු කිහිපය අනිවාර්‍යෙන්ම ඔබෙ හදවත පුලුස්සා දමනු ඇත. බෙල්ල තෙක් වලලා ඇති සොරායාට පළමු. ගල ගසන්නට පැමිනෙන්නෙ ඇයගේ පියා. වෙව්ලමින් හඬමින් ඔහු ගසන ගල සොරායාට ඈතින් ඉගිලිලා යනවා. ඊලග රූප රාමු පෙළ ඔබ කෙසේවත් නරඹන්නෙ නැත. ඔබ ඉවතට යනු ඇත. හඬනු ඇත. ශාපකරනු ඇත. ඊලඟ ගල ගසන්නෙ සොරායා ගේ වැඩිමහල් පුත්‍රයා . නලලට වැදුනු ගල පහරින් ගලා යන ලේ වලට වැඩියෙන් ඔබගෙ ඇස් වලින් කඳුළු ගලායනු ඇත. හඬ හඬා පැමිනෙන බාල කොලුවා ගසන ගල් පාරත් වෙනතකට යනවා. ඉන් පසු මුලු ගමේම උන් ප්‍රීතිඝෝෂා නඟමින් ඇයට ගල් ගසා මරා දමනවා.

ඉරාණයේ ඈත ගම්මානවල, දැඩි මතධාරී මුස්ලිම් රටවල්වල මෙසෙ කාන්තාවන් ගල් ගසා මරා දැමෙනබව පැවසෙනවා. රාජ්‍ය අනුග්‍රහය ලබන පල්ලිවලින් ,අවි දරාගත් මුල්ලාවරයන් සහ ඔවුන්ගේ සහචරයන් ඉතා අමානුෂික ,කෲර පාලනයක් මෙවැනි ගම්වල ගෙනයන බවට පැවසෙනවා.

කෙසේ වෙතත් කිසිදු ගැහැනියක් ආගමක් දේශනාකොට නැත,සියලු ආගම් සොයාගන ඇත්තේ පිරිමින්‍ ය. දේශනාකර ඇත්තේ පිරිමින්‍ ය. පිරිමින් සහ ගැහැනුන් සංසන්දනය කර බැලුවහොත් වැඩි ආගමික භක්තියක් ඇත්තේ ගැහැනුන්ටය.

ආගම තුලින් පවා ගැහැනුන් පිරිමින්ගේ අණසකට යටත්වන බව දන්නේ ගැහැනුන් කීයෙන් කී දෙනාද…. මිනිසුන් සියලු ආගම් ඇදහීම නතරකල දවසට ලෝකය මීට දසදහස් ගුනයකින් යහපත්වනු ඇත.

Directed by-Cyrus Nowrasteh

Written by-Betsy Nowrasteh ,Cyrus Nowrasteh

Based on-La Femme Lapidee by Freidoune Sahebjam

Starring-Mozhan Marno ,Shohreh Aghdashloo,Jim Caviezel

Cinema Paradiso

ඇල්ෆ්‍රෙඩෝ ඇය් මට මේක උගන්නන්නේ නැත්තේ?

නෑ මං කැමති නෑ .මම හරියට වහලෙක් වගෙ ,හැමවෙලේම තනියෙන්. එකම චිත්‍රපටිය සිය පාරකට වඩා බලන එක තමයි මේකෙ කරන්න තියෙන්නෙ.වෙන වැඩක් කරන්න බෑ. හැමදාම වැඩ. නිවාඩුවටත් වැඩ . නත්තලටත් වැඩ.

Primal Fear

PRIMAL FEAR

ෆිල්ම් එකෙ අන්තිම හරියෙදි ඔලුවට පොල්ලකින් ගහගන්න ඕනීද , එහෙම නැත්තන් කරකවලා ඇතෑරියා වගේ එකක් ඕනීද? මෙන්න තියනවා එහෙනන් මරු ෆිල්ම් එකක්.

Martin Vail කියන්නෙ චිකාගෝවල defense attorney කෙනෙක්. දවසක් ඔහු පල්ලියක පියතුමෙක්ව ඉතා අමානුෂික අන්දමින් මරා දමපු Aaron Stampler නැමැති තරුනයෙක් ව රූපවාහිනි පුවතකින් දකිනවා. ඔහු තීරණය කරනවා මේ තරුනයාගේ නඩුව වෙනුවෙන් පෙනී සිටින්නට. නමුත් මේ තරුණයාව එල්ලුම්ගස් යැවීමට අනිත් පැත්තෙන් උත්සහ ගන්නෙ නගරයේ ඉතාම බලවත් පුද්ගලයන් . මාර්ටිගේ ප්‍රතිවාදි නීතිඥයා වෙන්නෙ ඔහුගෙ පෙම්වතිය .( හරියටම සම්බන්ධය නෑ තාම. ) මාර්ටි තරයේම විශ්වාස කරනවා මේ තරුණයා නිවරදිකරු බව. දහසකුත් බාධා මැද මේ තරුණයා ව නිවරදිකරු බවට ඔප්පු කරන්න මාර්ටිට පුලුවන් වෙනවා. හැබැයි අන්තිම හරියේ වෙන්නෙ අපි හීනෙන්වත් හිතපු දෙයක් නෙවෙයි . ඒ මොකක්ද කියලා දැනගන්න ෆිල්ම් එක බලන්න.

1996 තිරගත වෙච්ච මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂකවරයා Gregory Hoblit. මේ නමින්ම 1993 william Diehl ගේ නවකතාව තමයි චිත්‍රපටයට නැගුනේ. Box Office වෙච්ච මේ චිත්‍රටය විචාරක , ප්‍රේක්ෂක ආදරය දිනා ගත්තා. තමන්ගේ debut එකෙන්ම සම්මාන දිනා ගන්න Aaron ගේ චරිතය රඟපෑ Edward Norton ට පුලුවන් උනා. ඇත්තටම ඔහුගේ රඟපෑම විශිෂ්ටයි. ඇත්තම කිව්වොත් මම රැවටුනා. ඒ තරම් විශිෂ්ට රඟපෑම ක් . මාර්ටිගේ චරිතය රඟපාන්නේ Richard Gere.

පල්ලිය ඇතුලේ වෙන වැඩවලටත් බරපතළ පහරක් මේ ෆිල්ම් එකෙන් වැදෙනවා. එහෙනන් ජය . ඔලුවට පොල්ලකින් ගහගන්න ඕනීනම් මේ චිත්‍රපට ය බලන්න …

මලර්

මලර්ගේ මතකය අහිමි වූ සැනින්ම සිගරට් කීපයක් පුච්චන්නට හිතුනත් ෆිලුම ඉවරවෙන තුරුම ඉවසා ඉඳින්නට තීරණය කෙලෙමි. අතීතයට දිව ගොස් මට පෙම්කල , මා පෙම්කල උන්ව යලිත් හමුවෙන්නට තිබුනානම් …….ප්‍රේමය කියා දෙයක් නොතිබිනි නම් මෙලහටත් අප බොහෝ දෙනෙකු මියදී අවසන්‍ ය.මේරිලාද ,මලර්ලාද ,සෙලින්ලාද අපට හමු වී ඇත. නමුත්…..මලර්ගේ මතකය තාමත් හිත රිද්දනාවාය. 80 දශකයේ ඉපදුනු. උන්ගේ ප්‍රේම කාව්‍ය ප්‍රෙම්නම් යැය් මෙහිම සඳහන් කොට තිබෙනු දුටුවෙමි. සැබෑය. . . … අපි පෙම්කලේ එසේය. දෙයක් ඔබට. පැවසිය යුතුමය. මලර් කෙනෙකු මුනගැසුනෝතින් අත් නොහරින්න . .. මලර්ලා අපි සතුටින් සිටිනවාට කැමැතිට( සෙලිනුත්) . ” ඌ දැන් සතුටින් ඉන්නවනේ ” මලර් එසේ කියනු ඇත.

ප්‍රේම්නම් #නුබ මගේ හිත හොඳටම රිද්දුවේය. හදවතේ සියුම්ම තැන් ස්පර්ශ කලේය. හදවත එලියට ගෙන රිදුනු තැන් පිරිස්සමි.ආදරෙ සොයමි25591824_1742403409127731_4458345892012510898_n

PRINCESS MONONOKE

මොනවා ලියන්නට ගියත් පරණ මතකයන් ඇවිස්සිලා එන එකනම් කොහමටවත් නවත්තන්න බෑ. මතක් කර කර සතුටු වෙන්න පුලුවන් නොස්ටැලිජියාවක් අපි හැමෝගෙම ජිවිත ඇතුලේ තියනවා. ඔයිස්කාර් නැමැති වැඩසටහනක් අපේ ඉස්කෝලේ පටන්ගන්නකොට අපි හිටියේ පොඩි පන්තිවල. ජපන් රජයේ අනුග්‍රහයෙන් තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක උනේ. මේකේ මූලික අරමුණ තමයි වනාන්තර ඇති කිරීම . රුක් රෝපණ වැඩසටහනක්. බොහෝ දුරට ගම්මානවල පැවති දුස්කර පාසල් තමයි යොදාගන තිබුනේ. මල්මාලා දාලා,බෙර ගහලා ජපන් නෝනලා මහත්තුරු අරිගතෝ ගොසයිමස් කියලා පිලිගත්ත හැටි තාමත් මතකයි. මෙවැනි රුක් රෝපණ වැඩසටහන් ලෝකය පුරාම පැවැත්වීමට හේතු ලෙස ඔවුන් සඳහන් කල එක් ප්‍රධානතම කරුනක්වූයේ කාර්මිකරණය , සංවර්ධන ව්‍යාපෘතීන් නිසා ජපානයේ වනාන්තර විශාල ලෙස විනාශ වී ඇති බවත් තමන් අතින් සොබාදහමට සිදුවූ වැරදි වල යම් ගෙවීමක් ලෙස ( පව් සමා කිරීමක්) මෙවැනි වැඩසටහන් දියත්කරන බවය. එහි යම් සත්‍යයක් තිබෙන බව දැන් සිතා ගත හැකිය. කෙසේ වෙතත් ජපානයට අල්ලපු රට වන කොරියාවෙ කොතරම් සංවර්ධන කටයුතු සිදුවුවත් ඔවුන්ගේ සොබාවික පරිසරය රැකගන්නට සමත්ව තිබෙනවා.

# ඇනිමේෂන් සිනමාවේ රජ්ජුරුවෝ

1941 ජනවාරි පස්වෙනි දින Tokyo වල පිහිටි Bunkyo වලදි තමයි #HAYAO MIYAZAKI උපත ලබන්නෙ. ඉතා තරුණ අවධියේම මියාසාකි ඇනිමේශන් කලාව හා එක්වෙනවා. ඔහු සිනමා ගමන ආරම්භ කරන්නෙ 1963 Toy Animation හා Isao Takahatha සමඟින්. පසු කලෙක අතිශය ප්‍රසිද්ධ ස්ටුඩියො Ghibli පටන් ගන්නෙ Isao සමඟ. මියාසාකිගෙ ප්‍රථම අධ්‍යක්ෂණය තමයි The Castle Of Cagliostro . ජපානය තුල සාර්ථක සිනමාපට කිහිපයකට පසු 1997 වර්ෂයේ දී තිරගත කෙරූ PRINCESS MONONOKE මියාසාකිගේ නාමය ලොව පුරා ගෙන යන්නට සමත්වෙනවා. ජපානය තුල ඉතිහාසගත ආදායම් වාර්තා තබන්නට ප්‍රින්සස් මොනොක්කෙ සමත් උනා. මේ වාර්තා සියල්ලම බිඳ හෙලන්නට ඉන් වසර හතරක ඇවැමෙන් මියාසාකිගෙම spirited away සමත් උනා. (මේ සලරුව ගැන පසුව ලියන්නම්) ඔහුගේ බොහෝ සිනමා නිර්මාණවල තිබුනේ මානවයා සහ සොබාදහම අතර ඇති ඝට්ටනය . යොවුන් වියේ කෙල්ලන් සහ කොල්ලන් ප්‍රධාන චරිතවලට පන දුන් මියාසාකි ගේ සිනමා
ලෝකයේ ඇත්තේ මානව ප්‍රේමය ගැන දාර්ශනික දහමක්. ඔහුගේ චිත්‍රපටවල ඇති ගස්වැල්,ගංගා,දිය ඇලි ,වනාන්තර මෙවා යේ සැබෑවට ඔබ සිටිනා බවක් දැනෙවි. මියාසාකිගෙ චිත්‍රපට නරඹන විට දැනෙන හැඟීම හරියට නිකන් උසම උස කන්දක් මුදුනක සිට තෙරක් නොපෙනෙන සොබාදහම දිහා බලාගන පිරිසිදු ,සීතල වාතයෙන් ගඹුරු හුස්මක් ගන්නවා වගේ.
ඇමරිකන් ලේඛක , විචාරක Roger Ebert පැවසුවේ ඇනිමේශන් චිත්‍රපට ඉතිහාසයේ හොඳම සිනමාකරුවා මියාසාකි බවයි.

#

කතාව පොඩ්ඩක්

එමිශි ගමට නාගෝ නැමැති යක්ෂයෙකුගෙන් විශාල කරදර සිදුවෙන්නට පටන්ගන්නවා.අවසානයේ කෙසෙ හෝ එමිශි ගමේ කුමාරයා වෙච්ච අශිටකා කුමාරයා මේ යක්ෂයාව මරා දමනවා. යක්ෂයෙකු කීවාට ඌරු දෙවියා තමයි කියන්නෙ. මේ යක්ෂයා මැරෙන්නෙත් විශාල ශාපයක් කරලා. යක්ෂයා මැරුවට පස්සෙ අශිටකා කුමාරයාගෙ දකුනු අත යකඩ අතක් බවට පත්වෙනවා. මේ අතට තිබෙන්නෙ පුදුමාකාර ශක්තිය ක්. ගමේ නුවැනැති ආච්චි කියන්නෙ මේ ශාපයෙන් ගැලවෙන්නටනම් මේ මේ ඌරු දෙවියා පැමිනි බටහිර දෙසට යා යුතු බව.

බටහිරට පැමිනි කුමාරයාට එබොශි නම් කුමාරිකාව මුනගැසෙනවා. ඇය මුලු ගමක්ම පාලනය කරමින් යකඩ සහ තුවක්කු නිපදවනවා. මේ වැඩේ කෙරෙන්නෙ මුලු වනාන්තරයම විනාස කරමින්. වනාන්තර විනාශ කිරිමට එරෙහිව සටන් වදින්නෙ වෘකයන් පිට නැඟ එන කෙල්ලක්. මේ බටහිර වනාන්තරයේ ඉන්නෙ මුව දෙවියන්. මේ මුවදෙවියන්ට විතරයි කුමාරයාගෙ ශාපය නැතිකරන්න පුලුවන්. කතාවෙ ඉතුරු ටික නම් ඔබට බලන්නටම වෙනවා.අශිටකා කුමාරයා මුව දෙවියන් හමු වෙයිද ,වෘකයන් සමඟ එන කෙල්ලව කොහමද මුන ගැහෙන්නෙ ,අධිරාජ්‍යා කොහමද කතාවට සම්බන්ද වෙන්නෙ මේ සියල්ල දැනගන්න සලරුව බලන්න. ලෝක සිනමාවෙ විශිෂ්ට සිනමා පටයක්. ඇනිමේශන් සිනමාව නවමු මානයකට ගෙන ගිය හත්‍රපටිය ක්.

ලෝකය සහ මිනිසා කොයිබටද …….

තාමත් පෘථ්වියේ කෙටි කාලයක් ජිවත් වී ඇති මිනිසා මුලු ලෝකයම තම අණසකට යටත් කරගන ඇත.මුල සිටම භුමි ප්‍රදේශ වෙන්කරගනිමින් ඒවා තම කැමැත්තට අනුව වෙනස් කරගනිමින් සොබාදහම විනාශ කරමින් මානවයා මෙතෙක් ආ ගමන් මග බිහිසුනු මාර්ගයකට මේ වෙනකොට අව්තීර්ණ වෙලා හමාරයි. මයාසාකි මේ සිනමාපටයෙන් ප්‍රශ්න කරන්නෙ එයයි .කතාවෙ තැනක වදුරෙකු මෙසේ කියනවා.

“අපි ගස් වැව්වා .මිනිස්සු ඒවා මැරුවා .කැලෑව ආයෙ එන්නෙ නෑ. අපි මිනිස්සුන්ව මරනවා .”

මිනිසා සහ සොබාදහම අතර ගනුදුනුව කොතරම් බරපතල දැයි කිවහොත් ලෝකයම පුරාම ගං වතුර ,නාය යෑම් ,දැඩි නියග, අධික වර්ශාව ,සුනාමි ,භුමි කම්පා නොයෙකුත් ව්‍යසන ඇති වී හමාරයි.මේවට වන්දි ගෙවීමට සිදුව ඇත්තේ මිනිසාට පමනක් නොවේ. සොබාදහමට ,මුලු ලෝකයටම ආදරය කරන්නට ,අලුතින් සිතන්නට බලන්න මේ සිනමා පටය